💝 Pt 21 💝

30 11 6
                                    

මින්ජි උඩ බිම බැලුවේ ඒ මනුස්සයා මින්ජිට දුව කියල කතා කරපු නිසා

"අහා තාත්තේ කොහොමද.."

ජිමින් එකපාරට හිනා වෙලා කිව්වම මින්ජි බය උනා... මින්ජි එකපාරටම පුටුවෙන් නැගිට්ටෙ අකුණක් වැදුනා වගේ...

"අංකල් ... අනේ මට සමාවෙන්න මන් දැනන් හිටියෙ නෑ අංකල් ජිමින්ගෙ තාත්තා කියලා .. "

මින්ජි ඔලුවත් පාත් කරන් කිව්වාම ජිමින්ගෙ තාත්තට හිනා...

"වාඩි වෙන්න දුවේ .. මට පුතා ඔය දෙන්නා ගැන කිව්වා..මන් කිව්වා මට ඔයාව මුණ ගස්සවන්න කියලා. ඒතකොට තමා අද ඔයාව එක්කන් එනවා කියලත් කිව්වෙ.. "

"අනේ අංකල් ජිමින් මට කිසිම දෙයක් කිව්වෙ නෑ . මන් මුකුත්ම දන්නෙ නෑ අංකල් මෙතනට එනකන් .. ජිමින් ඔයා හරි නරකයි..."

මින්ජි ජිමින්ට එරෙව්වා...

ජිමින්ටත් හිනා..

"මින්ජියො කිව්වනම් ඔයා බයෙන්නෙ එන්නෙ..දැන් බලන්නකො හැමදේම හරි..කෝ දැන් ඇවිල්ලා ඉදගන්නකෝ..."

ජිමින් මින්ජිගෙ අතින් අල්ලලා ඇදලා ගත්තා පුටුවට..

ජිමින්ගෙ තාත්තත් එතන ඉන්න නිසා මින්ජිට ලැජ්ජ හිතිලා මින්ජි අත ඇදලා ගත්තා...

"කමක් නෑ. මන් හිටියට ... මගෙ පුතා පොඩි කාලෙ ඉදන් ආදරේට ගොඩක් ආදරෙයි..මට ඇත්තටම සතුටුයි එයා ජිවත් වෙන්න සරල කෙනෙක් තෝරගත්තට..."

ජිමින්ගෙ තාත්තගේ ඒ කතාවට මින්ජි ලාවට හිනා උනා...

"පුතේ මන් අද ඔයාගෙන් ඉල්ලිමක් කරනවා.. මගේ පුතා මේ හැමදේම අතෑරියට මගෙ කිසිම අහිතක් නෑ..ඒත් ඒ ඔයාට තිබ්බ ආදරේ නිසා.. ඔයාට තේරෙනවා ඇතිනේ ජිමින්ගෙ හිතේ ඔයාට තියෙන තැන කොතනද කියලා එකෙන්ම ..අනෙ දුවේ..මගේ පුතාව කිසිම වෙලාවක තනි කරන්නෙපා ..එයාව අම්මා කෙනෙක් වගේ ආදරෙන් බලාගන්න කියලයි මන් ඉල්ලන්නේ.. "

ජිමින්ගෙ තාත්තා මින්ජි දිහා බලන් ඉල්ලිමක් කලා..

"තාත්තේ මින්ජි කවදාවත් මාව දාල යන්නෙ නෑ. මට ඇස් දෙක වගේ විශ්වාසයි..."

Merciless Love  ||𝚅𝚖𝚒𝚗𝚔𝚘𝚘𝚔|| ✅Donde viven las historias. Descúbrelo ahora