💝Pt 18 💝

31 11 6
                                    

"සර් මන් මේ..."

ජිමින් ඇතුළට එනකොටම කිව්වා...

"ජිමින් කොහොමද මේක කලේ...මේකප් ආටිස්ට් එක්ක එෆයාර් එකක්... ඔයාට පිස්සුද...? මේ වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න...රස්සව කරන තැන ඉන්න දන්නෙනැති තුට්ටු දෙකේ කෙල්ලෝ..."

නාම්ජූන් මින්ජිට හොදටම බැන්නා..

"සර්. ඔය ඇති... මෙයා කොහෙවත් යන තුට්ටු දෙකේ කෙල්ලෙක් නෙමේ මේයා මගේ ජීවිතේ මගේ ලෝකේ...
ඔයාට මෙයාව වටින්නෙ නැතුව ඇති ඒත් මට මෙයාව මේ රස්සාවට වඩා මගේ හැමදේටම වඩා වටිනවා..ඒක දැනගන්න....අනික මේකට වැරදිනම් වැරදි මන්.. නැතුව මින්ජි නෙමේ.. මට තවදුරටත් මෙතන වැඩ කරන්න ඕන නෑ...මගේ මින්ජිට ගරු නොකරන තැනක මට වැඩ කරන්න කිසිම උවමනාවක් නෑ..  මන් මෙතනින් අයින් වෙනවා... මීට පස්සේ මින්ජිට කතා කරනකොට ඔය ඇගිල්ල පහලට දාලා කතා කරන්න..."

ජිමින් නාම්ජූන්ගේ මූණටම එබිලා මින්ජිට බනින්න නාම්ජූන් උස්සපු ඇගිල්ල ජිමින් පහතට දාන ගමන්  තරහෙන් කිව්වා....

මින්ජිගෙ අතින් ඇදන් ජිමින් මින්ජිව එතනින් එළියට එක්කන් ආවා...නාම්ජූන් තරහෙන් පුපුරනවා...

කුකීත් එතනින් එළියට ආවා..

"ජිමින් ඔයා දැන් මොකද කරන්නේ...?"

කුකී ජිමින්ගෙ උරහිසට අත තියන ගමන් ඇහුවා...

"මන් දන්නෙ නෑ කුකී ඒත් මන් තවත් මෙතන වැඩ කරන්නෙ නැ.. මින්ජි එන්න අපි යමු ගෙදර..."

ජිමින් මින්ජිවත් එක්කන් එතනින් ආවේ මින්ජිගෙ ගෙදරට යන්න...

******

"අහ් අද මොකද දෙන්නම ..."

ගෙදර දොර ඇරපු ජින් අයියා හිනා වෙලා ඇහුවා..

"මොකද දෙන්නගෙම මූණ ප්‍රශ්නයක්ද...?"

ඒ එක්කම හිනාව මකන් ජින් අයියා ආයෙත් ඇහුවා...

ජිමිනුයි මින්ජියි ඇවිල්ලා සෝෆා එකෙන් වාඩි වුනා..
bighit එකේ උන හැමදේම මින්ජි අකුරක් නැර ජින් අයියට කිව්වා...

ජින් අයියටත් ගොඩක් දුකයි..

"මේකට මාත් වැරදී මට තිබ්බා ඔයාලා ඊයෙ ගිය ගමනට වැඩිහිටියෙක් විදියට විරුද්ධ වෙන්න...ජිමින් ඔයාගෙ අනාගතේ මේ නැති වෙන්නෙ... මේකට නිකන් ඉන්න බෑ. "

Merciless Love  ||𝚅𝚖𝚒𝚗𝚔𝚘𝚘𝚔|| ✅Donde viven las historias. Descúbrelo ahora