♥️CHAPTER 8♥️

1K 141 54
                                    

අවසානෙට එතන ඉතුරු වුනේ මායි ජිමිනුයි විතරයි .

💛 එන්න යමු.

ජිමින් මට...

💛 මන් කිව්වෙ යමු කියලා😒

අහ් හරි🙂.
ගෙදරට ආවත් ජිමින් මාත් එක්ක කිසිම කතාවක් නැතුව හිටියේ මාත් එක්ක ගොඩක් තරහින් වගේ .

ජිමින් මට කියන්න දෙයක් තියේ.
ප්ලීස් අහන්නකො මන් කියන දේ 🙂.
කොච්චර කතා කරත් මන් කියන කිසිම දෙයක් ඇහුන්නැති ගානට එයා අහක බලාගෙන හිටියා .මන් හිතට ආපු දුකටත් එක්ක ජිමින්ව බදාගෙන අඩන්න ගත්තේ මන් කරපු වැරැද්දට මටම හිතින් බැන ගන්න ගමන්.

මියානේ ජිමින් 😭
මට එහෙම නොකර ඉන්න තිබ්බේ . ඒත් මට අර සිද්ධිය මතක් වෙද්දී ගොඩක් දුක හිතෙනවා.ඒකයි මන් ජීහෙන් එක්ක ගියේ නැත්නම් වෙන දේකට නෙවෙයි.

💛 කියපු ගමන් මනුස්සයෙක් එක්ක යන්න ඔයාට පිස්සුද ආ ? අඩුම තරමේ ඌ මොනවගේ එකෙක්ද කියලවද්ද දන්නැතුව කියපු ගමන් පැනලා යනවද එහෙම ඒ කියන්නේ ඔයා මට ඇත්තටම ආදරේ කරන්නේ නැහැ .

ප්ලීස් මාව තේරුම්ගන්න ජිමින්.ඔයත් මෙතන වැරැද්දක් කරලා තියෙනවා නේ .

💛 මන් කලිනුත් කිව්වා ආයෙත් කියන්න තියෙන්නේ එච්චරයි මන් ඒ ගර්ල්ව කිස් කරේ නැහැ .

එහෙනම් මොකක්ද එතන වුනේ ?

💛 ටීරා කියන්නේ මගෙ රිලේශන් කෙනෙක් . එයා මාත් එක්ක කතාකරන්න ආවෙ ඉතින් මන් කතා කරලා යන්න හදද්දි තමා ඒ ගෑනි කිස් කරේ .ඔයා දකින්න ඇත්තේ එතකොට .

මන් හිතුවේ ඔයා ...🙂

💛 ඔයාව අමතක කරලා කියලා නේ .

ඔව් ඉතිම් 🙂.

💛 එහෙම අමතක කරන්න නම් මන් එක්කො මැරෙන්න ඕනි නැත්නම් මතකෙ අමතක වෙන්න ඕනි.

හුම්🙂.
ජිමින්..

💛 ඇයි ?

තරහද මාත් එක්ක 🙂

💛 ඒ මොකටද ?

නැහැ මන් ජීහෙන් එක්ක ගියාට 🙂.

💛 පිස්සුද මන් මාර සතුටින් හිටියේ ඒ වදෙන් නිදහස් වුනා කියලා 😌

 ♡🥀 My Vampire Boyfriend 🥀♡||PJM||[ᴄᴏᴍᴘʟᴇᴛᴇ✔]Where stories live. Discover now