2 කොටස

288 21 3
                                    

මගේ හිත හෙව්වේ එකම අැස් දෙකයි....

හම්මේ.... ඉතින්... හොයා ගත්තා!!!

සෙනාශ් චන්දිනු සිල්වා...

මගේ හොදම යාලුවාගේ අයියා...
මාව කෑවා යකු... කොහොම හිටපු කෙනෙක් ද මං...

හ්හ්...

හීනි අැස්... සුදුම සුදු මූණ.... උස....
ටික ටික පිස්සෙක් කලා මාව...

එතකොට මට 15....එයාට 17....
මට එයා එක්ක කතා කරන්න ලොකු අාසාවක් තිබ්බා....

"කුකු... "

"කුක්කෝ... "

"මේ... "

"හලෝ....".

"බල්ලෝ!!! "

"සෙනංශා ඔනෙශි සිල්වා!!!!!!! "

"අහ් අැයි? "

"අැයි? යකෝ මොන ලෝකෙද හිටියේ?? '

"හිහි... " නිකන් අනේ... "

"මේ... අයියා social media use කරනවද කුක්කෝ...

"හ්ම්... Ig ඉන්නවද කොහෙද... "

ගෙදර ගිය ගමන් මං එදා හා හා පුරා කියලා ig account එකක් හැදුවා... එයාව විතරක් follow කරොත් වැරදියට හිතයි කියලා වෙන අයවත් follow කරා...
ජිවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා...
Play girl කෙනෙක් වෙලා හිටියද කියලා වත් හිතා ගන්න බැරි තරම් මං වෙනස් වුනා... මං නෙමෙයි කියන්නේ... අපේ සෙට් එකේ අය....

අහස් දිහා බලන් හිනා වුනා...
අනේ දෙවියනේ එයත් ඉන්නේ මේ අහස යටනේ කියලා මතක් වුනාම පිස්සෙක් වගේ උඩ පැන්නා...
එයාගේ පිංතූර දිහා බලාගෙන හිනා වුනා....
එයාගේ පවුලේ කෙනෙක්, නැත්නම් යාලුවෙක් හරි වුනා නම් කියලා හීල්ලුවා...

අම්මා එක්ක මේ හැමදේම කිව්වා... මං කලින් play girl කෙනෙක් කියන එක අැරෙන්න... හිහි...



එයා මාව මග අරිද්දි මට දුක හිතුනේ නැතුවම නෙමෙයි...
එ්ත් කමක් නැ....
එයා  සෙනංශා ට..
" ඔයාගේ යාලුවා ගන්න දෙයක් නැ... මහ නසරානි කෙල්ලෝ.. මොංගල් වැදිරියක්" කියද්දි මං සතුටු වුනා... එයා බනින්න හරි මාව මතක් කරනවා නේ...
මගේ මුනටම ඔරවද්දි... මං පිස්සෙක් වගේ එයා එක්ක හිනා වුනා... එයාගේ නපුරු අැස් හරි මගේ පැත්තට හැරුනා නේ....
මං එ ගැන හිතලා සතුටු වුනා....

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now