20 කොටස

166 18 0
                                    

මගේ මැණික රට ගියා...

මංද? මායි තරුෂි අඹුසැමි නොවන අඹුසැමි ජිවිතයක් ගෙවුවා... මං වැඩ වලටම busy වුනා... මගේ මැණික කැමැති ම විදියට හවසට මං බීච් එකට වෙලා සිතිජයට තුරුල් වෙන ඉර දිහා බලන් ඉකි ගැහැව්වා... මගේ මැණික ට වරදක් කරන්න හිත දුන්නේ නැති නිසා...
තරු මට එයා pregnant කිව්වම මුකුත් ම හිතුනේ නැ... අැත්තනේ නිතියෙන් අපි බැන්දට එයා ජිවත් වුනේ දෙනුවන් ගේ ලෝකේ.. එ්ත් එයාට දරුවෙක් හදන්න බැ... එයා එ්කට ශක්තිමත් නැ... එයත් මාව දාලා ගියා... තමන්ගේ එකම අාදරේ මැරුණ දුකට, එ්ක දරා ගන්න බැරිව දෙනුවන් මහණ වුනා..

මං?
මං අායිත් තනි වුනා.. මගේ තනිය මකන්න ඉතුරු වුනේ මගේ රෝසමල... මගේ පුතා... එයා ඉපදෙන්න ඉද්දි මං තරුෂි ව ක්ලිනික් එක්කන් ගියේ මගෙයි පහනි ගෙයි දරුවෙක් හිතින් මවන්... එයා ඉපදුන මොහොතේ මට දැනුනේ මට තව අාදරයක් අැති වුනා වගේ.. ඔව්.. මේ මගේ පුතා... මගේ.. මගේ තනියට අාව රෝසමල...
එකට බැදෙන්න වරම් නැති වුනාට... පහනි, සෙනාශ් නම් එක ලග හරි ලියවෙන්න අැති.. එ් නිසා නේ අපි හම්බවුනේ... කතා කලේ... මට එයාගේ මතකයන් හොදටම අැති ඉතුරු කාලේ ජිවත් වෙන්න..මගෙ  ආදිත්‍ය... මළගෙදරට හැමෝම අාවා.. හ්ම්... මං හැම වැන්දඹු පිරිමියෙක් තමන්ගේ බිරිද මැරුණා ම අඩනවා වගේ මමත් අැඩුවේ නැති නිසා තරුෂි ගේ පවුලේ අයයි, මගේ නෑදැයෝයි මට බැන්නා.. මං කොහොමද අඩන්නේ... කදුලු නැති හිස් හදවතක් එක්ක මං එලියේ බංකුව උඩින් ඉදගත්තා...

"අයියේ!! අයියේ මේ රෝසමල!!! "

මගේ දරුවා.. මට විනාඩියකට එයාව අමතක වුනා... මේ දරුවා මගේ ලේ නෙමෙයි කියලා දන්නේ තරුෂි, දෙනුවන් උයි නංගි මමයි විතරයි... එ්ක රහසක් විදියටම තිබ්බ දෙන්...

"කොහෙද බං ගිහින් හිටියේ! අහ්... රෝසමල අඩනවා එයාගේ ඩැඩා කොටේ නැතිව.. හම්.. "

"කෝ දෙන්න... "

ම මැණික ව අතට ගත්තේ නංගි දිහා හොදින් බලාගෙන... එයා කොච්චර හොද කෙනෙක්, අහිංසක කෙනෙක් වුනත් එයා හැමදාමත් තරුෂි ට වෙෙර කලා.. එයාගේ හොදම යාලුවට රිද්දුවට.. හ්ම්.. මං දැන් අැත්ත දන්නවා... මගේ මැණික මට කොච්චර අාදරේ කරාද කියලා.. මං දැන් දන්නවා... මටයි වැරදුනේ.. මම ඉක්මන් වුනා...

මට දැන් ඉතුරු මගේ රෝසමල විතරයි...

"සෙනාශ් අයියේ? ඔ... ඔයා ගෙයි අ... අක්කි ගෙයි පැ... පැටියා? "

එයා අැහැව්වා... මං නැ කියන්න ඔලුව වැනුවා...

"මේ මගේ පුතා.. "
මං කිව්වා.. ඔව්නේ.. මෙයා මගේ...

එයා ඇස් දෙක හීන් කරල මං දිහා බැලුවා..අදටත් මගේ ඇඟ ඇතුලෙත් සමනල්ලු පියාඹනව වගේ එයා ඒ විදිහට බලද්දි ...

"අය්යේ ඔයා සීරියස් ද? wait ...don't tell me that u become transgender!! "

අම්මපා මේ කෙල්ල නම් ,පිස්සු කෝච්චියක්....ඒත් මේ වෙලාවේ හිනා වෙලා  බෑ...ටිකක් සීරියස් වෙන්න ඕනේ..අවුරුදු ගානකට පස්සේ හම්බෙන්නෙ..කවුද දන්නේ දැන් එයාගේ හිතේ  මං ගැන හැඟීමක් නැද්ද කියලා...

"නංගි... අාවේ? "

"සෙනාංශා එන්න කිව්වේ අයියේ.. සමාවෙන්න.. මං දැනන් හිටියේ නැ මේ වගේ දෙයක්... "

"එයා මැරුනේ ඔයාගේ වරදින් නෙමෙයිනේ.. එ් එයාගේ ජීවිතේ...අනික ඔයා ආපු එක ගැන මං සතුටුයි... "

මට නොදැනෙන්න මගේ මුනේ හිනාවක් අැදුනා.. මගේ මැණික ඉස්සරහ මගේ දුක කෙන්ති ය හැමදේම පරාදයි..
මං මේ පාර වත් ඉක්මන් වුනේ නැති වුනෝත්,

"අහ් එහෙනම් අයියේ-"

"මං ඔයාට අාදරේ කලා.. "

"හැහ්? "

මේ නම්...,

"ඔව්... මං ඔයාගේ හිනාවට අාදරේ කරන්න ගත්තේ අද ඊයේ නෙමෙයි.............................................................................. ඉතින්... මේ රොසමලටයි මටයි කිසි ලේ බැදීමක් නැ.. එ්ත් එයා විතරයි මට ඉතුරු වුනේ... "

මං දීගගග කතාවක් ඒ විදිහට, එයාගේ ඇස් දිහා බලන්න බැරිකමට ආස දිහා බලාගෙන ඉවර කළා ...මට ටිකකින් දැනුනා එයා ඉකි ගහනවා ...මං හැරෙද්දී එයාගෙ ඇස්දෙක රතුම රතු වෙලා..මගෙ මැණික ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා අඩලම...

'අයි...අයියේ...අනේ ම..මට සමාවෙන්න...මට ඔයාව...දාලා නොයන්නයි ති..තිබ්බේ..දෙවියනේ...අැයි
. අැයි අපිටම මෙහෙම වුනේ... "

හොදටම ඉකිගහන එයාව මං මගේ පපුවට තුරුල් කරගත්තා පලවෙනි වතාවට..
මගේ මැණික... දැන් මටම අයිති වෙලා...
මට සතුටුයි...
මට කාලෙකට පස්සේ හිතේ සැනසීමෙන් නිදා ගන්න පුලුවන්...











සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now