"ම්ම්හ්..කූ...නැගිටින්න..."උදෑසන ලා හිරු කිරණ යාන්තම් ඔවුන්ගේ සයනය මතටත් වැටෙද්දි බාරම්ට ඇහැරුණා...ඒ සමගම තමන්ගෙ පිරිපුන් ලමැද මත හිස හොවාගෙන, සෑම පැත්තකින්ම තමන්ව තදින් බදන් සුවසේ නිදන් ඉන්න තමන්ගෙ පෙම්වතාවත් ඇහැරෙව්වෙ අද ඔහු නැවතත් වැඩ කටයුතු ආරම්භ කරන බව පවසා තිබුන නිසා....
"කූ...බබා...ඒයි...නැගිටින්න...උදේ 9යි වෙලාව..."
හිමින් හිමින් තමන්ගෙ ලමැද හොවන් ඉන්න ඒ හිසකෙස් අතරෙන් ඇගිලි යවමින් බොහොම ආදරණීය ලෙස ඇය ඔහුට කතා කලා...
"කූ...නැගිටින්න අනේ...ඔන්න නැගිට්ටුවෙ නෑ කියලා මට බනින්නෙපා හරිද..."
ඔහුගෙ හිස්මුදුන සිපගනිමින් නැවතත් ඇය පැවසුවා...නමුත් ඔහුගෙන් නම් කිසිම ප්රතිචාරයක් තිබුනෙ නෑ...ආයෙ කවදා ලබාගන්න හැකිවෙයිද නොදන්න මේ උණුසුම, සුවදායක බව ඔහුට තවත් විදගැනීමට අවශ්ය වුනා...
"ඔයා බරයි අනේ...මගෙ ඇගම රිදෙනවා...මුලු රෑම මගෙ ඇග උඩ...මේ දවස් ටිකේම ඔහොමයි..."
ඇයගේ හුරතල් වචන මාලාව නිසාම අවදිවුන ඔහු ඇය හැද සිටින තමන්ගෙ ටී ශර්ටයෙන් නිරාවරණය වී තිබුනු ඇගේ උරහිස තදින් සිපගත්තා...
ඇය හදිසියේම පැමිණෙන විට ඇදුම් කිසිවක් රැගෙන නොආ බැවින් මේ දින කිහිපයේම ඇය ඇන්දේ ඔහුගේ ඇදුම්...
විශේෂයෙන්ම ටී ශර්ට්...
ඒ සුවිසල් ටී ශර්ට් එකකින් පමණක් ඇයට සෑහුනා...ඔහුගෙ ශරීරය සමග සසදන විට ඉන් භාගයක්වත් ඇයට නොතිබුන නිසා....ඔහු උරහිසෙන් ආරම්භ කල ඒ සිපගැන්ම ගෙල, කන්පෙති පුරාම සිපගත්තා....
"ම්ම්හ්...කූ~~ කෝ නැගිටින්න.."
"අද යනවද ඔයා..."
ඇයට කන් නොදී ඔහු විමසුවා...
"හ්ම් ඔව්...දැන් ඔයාට හොඳටම හොඳයි නෙ...එතකොට අද වැඩත් පටන් ගන්නවා...මං ඔම්මට අද එනවා කියලා කිව්වා...මේ පාර ගොඩක් දවස් ගෙදර හිටියෙ නෑනෙ මං..."
"හ්ම්ම්...යවන්න ලෝභයි මට..."
තම අත්දෙකට වාරු දී ඇයගේ ශරීරයෙන් ඉස්සුන ඔහු ඇගෙ නලලින් නලල තියාගෙන ඇගේ නහය සිපගන්න ගමන් ඔහු පැවසුවා..
![](https://img.wattpad.com/cover/306192163-288-k224707.jpg)
YOU ARE READING
Gone With The Wind || JJK || Short Story || Completed
Fanfictionමාව නිවාලන, දවාලන සන්සුන්, නිහඬ සුළග__ කෙතරම් සුවදායක වුවත් අල්ලා තබාගන්නට බැරි නිසාම දුරකට පාවී ගිය සුළග__ දිවියම කුණාටුවක් කළ සුළග ඇය__ •Gone with the wind•