Chapter 03 🌬️

83 20 3
                                    

ඇය මූලිකත්වය අරන් ගෙනගිය සිපගැන්ම ටික වෙලාවක් යනකම් හිටපු තැනම ගල් වී, දෑස් විසල් කරන් ජන්කුක් වින්දා...
නමුත් පියවි සිහියට ආ විගසම ඔහු ඇගෙන් අයින් වෙන්න උත්සාහ කරත් ඇත්තටම ඔහුගෙ යටිහිතින් එයට ආසා කරා....
අනිත් දෙය නම් දැන් ඔහු අයින් වුනත්, ඇයව දුරස් කරත් පලක් නොවෙන බව ඔහුට වැටහුණා...
කිමද, මේ වෙනකොට අවස්ථාවෙ හැටියට සිදුනොවිය යුතුම දේ සිදුවෙලා අවසන් නිසා...
             වැලදී ඇත්තෙකුගේ ලගට ගිය පමණින් වුවත් වැලදිය හැකි මෙම රෝගය ඇය මේ වනවිට ඔහුගේ දහඩිය ගලන සිරුරට තුරුල්ව, තොලින් තොල තබාගෙනම සිටියා...
දැන් ඔහුට ඇයව ප්‍රතික්ෂේප කරන්නවත්, නැවතත් එලියට යවන්නත් කොහෙත්ම හැකියාවක් නොමැතියි...
ඇයව දුරස් කිරීමත් දැන් නිශ්ඵල ක්‍රියාවක්...
ඇයට රෝගය වැලදී ඇත්ද යන්න නිශ්චිත නොවුනත් දැන් ඇය ආසාදිතයෙකු සිපගෙන අවසන්...
ඇයට අවශ්‍ය වුනෙත් එයම විය හැකියි...ඔහුගේ ලගින් සිටීමට අවැසි
නිසා මෙලෙස සිපගත්තා විය හැකියි...

කෙසේ හෝ අවසන ඇගේ අභිප්‍රාය සාර්ථක වී ඇති හැඩයි....

එබැවින් ඔහුගේ යටිහිත කෑමොර දෙන නිසාම...ඔහුටත් මේ අවස්ථාවෙ ඇගේ එම ස්පර්ශයන් අවශ්‍ය නිසාම සියලුම කරදකාරී  සිතුවිලි මොහොතකට පසෙකලා ඇයව නැවතත් තම ශරීරයට තද කරන් පෙරටත් වඩා තදින් ඇයව සිපගත්තා...
        ඒ සියුමැලි රෝස තොල් රතුවී ලේ පැහැයට හැරෙනකම්ම, ඇයගේ මුවින් සියුම් කෙදිරිලි නික්මෙනකම්ම ඔහු ඇයව තමාට තව තවත් තදකරගනිමින් සිපගත්තා...
ඇත්තෙන්ම ඔහුට ඈටත් වඩා මෙය අවශ්‍ය වුනා...

සිත නොසන්සුන් මේ වගේ අවස්ථාවක කුමන තත්ත්වයක් වුවද, තම ආදරයේ ස්පර්ශයක්, උණුසුමක් හැමකෙනාම බලාපොරොත්තු වෙනවා...
එය ඇයටත් ඔහුටත් පොදුවුනා...

"මැණික....."

විනාඩි ගානක් පුරාවට ගිය සිපගැන්මෙන් අනතුරුව ජන්කුක් ආදරණීය ලෙස ඇයව ඇමතුවා...

"හම්මේ ඇති යන්තම්...මං කොච්චර වෙලා බලන් හිටියද ඔය වචනෙ ඔයාගෙ කටින් අහගන්න..."

ඇය නෝක්කාඩු ස්වරයෙන් පවසද්දි ඇයගේ මෙම හුරතලයට ජන්කුක් හොරෙන් සිනාසුණා...

Gone With The Wind || JJK || Short Story || Completed Onde histórias criam vida. Descubra agora