Chapter 02🌬️

79 19 4
                                    


"Baram..."

ඔහුගේ ඒ ගැඹුරු ආදරණීය හඩින් නික්මුණා...එලෙස ඔහුගෙන් ආමන්ත්‍රණය ලද පලමු දිනදී මෙන්ම තවමත් ඇයගෙ ඇගම හිරිවට්ටන හැගීමක් දෙන්න ඔහුට හැකිවුනා....
          හොදින්ම පෙනෙන විඩාබර බවත් සමග, දාඩියෙන් නෑවුන සිරුර සහිතව, වෙනදාට වැඩියෙන් ටිකක් හති දමන ඔහු සිටි තැනින් අඩියක්වත් නොසෙල්වී ඇය දෙස බලා සිටියා....
ඇත්තටම ඔහුට වෙනදා මෙන් ඇයට ලංවිය නොහැකි වුනා...
තත්පර ගානක් ඇතුලත ඔහුගේ බෝල දෑස්වල බොහෝ දේ ලියවුනත් ඇය ඒවා කියවීමට වෙහෙස නොගෙන සිටියා...

"බාරම්, මොකක්ද මේ කරන්නේ..."

අවසානයේදී ඔහු තම හඩ අවදි කරේ ටිකක් දැඩි ලෙස ඇයත් ගැස්සී යන පරිද්දෙන්...නමුත් ඇය ඔහුගේ ඒ බොරු සැර කිරීම් වලට පවා බොහෝ සේ ඇලුම් කලා...
වගේම ඇය දැනසිටියා මෙවන් දෙයකට ඇයට මුහුණ දීමට සිදුවන බව...

"බාරම්, තමුන් මොකක් කරනවා කියලද හිතන් ඉන්නෙ...දෙන්නගෙම ජීවිත අමාරුවේ දාගන්නද ඕන..."

කිසි වෙනසක් නොපෙන්වා පෙර තියුණු ස්වරයෙන්ම ඔහු එසේ පැවසුවත් ඒ ඇස්වල නම් තිබුනේ උතුරා යන ආදරයක්...එය හදුනාගන්න ඇයට නොහැකිව් වුනේ නෑ...

"මං මෙහෙම වෙයි කියලා දන්න නිසාම තමයි කෝල් වලට ආන්ස්වර් නොකරෙත්...සරල දෙයක් ද මේක..."

දිගටම ඔහුට කතා කරන්න ඉඩදී ඇය නිහඩව බලාසිටියා...

"ආව විදියට දැන්ම යන්න මෙහෙන්...මෙච්චර රිදන්නෙපා මට...යන්න baram...තවත් අවදානම් ගන්න මට පුලුවන්කමක් නෑ..."

ඔහු මදක් හඩ බාලකර අසරණ ලෙස එසේ පවසද්දි මෙතෙක් වේලා නිහඩව සිටි ඇය හඩ අවදි කලේ විසිරෙන්නට පොරබැදූ කදුලු වලටද රිසි පරිදි ගලායන්න ඉඩහරිමින්....

"රිද්දන්නෙ මමද කූ...ඔයාද...ඔයා නෙවෙයි ද මෙච්චර වෙලා මට රිද්දුවේ..."

මහ හඩින් හඩමින් ඇය එසේ ඔහුගෙන් විමසද්දි සැමවිටම මෙන් ඇයව තමන්ගෙ අත් අතරට හිරකරගැනීමෙ රිසියෙන් ඔහු අඩියක් ඉදිරියට තැබුවත් නැවතත් එය පිටුපසට ගත්තේ පෙර මෙන් ඔවුන්ට සමීපවීමට නොහැකි බව මතක් වූ නියාවෙන්....ඇයගේ කදුලු ඔහුට සිටින වේදනාවටත් වඩා වේදනාවක් ගෙනාවා...

Gone With The Wind || JJK || Short Story || Completed Tempat cerita menjadi hidup. Temukan sekarang