🦋 05. 🦋

1.8K 328 10
                                    

ඒත් මං sorry කියද්දි එයා හැරිලා මට ස්තූතිත් කරලා bow කරලා යන්න ගියා.....ඒත්....ඒ....ඒ..එයාද....? අනී....අනියා......එහෙම වෙන්නෙ කොහොමද....? ඒත් එක්කම පිටිපස්සහ වාහනයක් horn කරද්දී තමයී මං හොද සිහියට ආවෙ......ඒත් එක්කම මගෙ ඇස්වලින් වැටුනු කදුලුත් පිහන් මම ආපහු වාහනේ start කරන් company එකට ගියෙ ප්‍රශ්න දාහක් මැද්දෙ....

Someone pov end.





ඒ කවුද.......?සෝයොන් දන්න කෙනෙක්ද...නැත්නම් සෝයොන් වෙන කෙනෙක් එක්ක පිටලගත්ත කෙනෙක්ද....ඉස්සරහට බලමු.....ඒත් එක්කම සෝයොන් ජුංවො වඩාගෙනම ජීසුගෙ ගෙදරට ආවෙ ආයෙත් ජුංවොට කරදරයක් වෙයි කියලා බයට....ඔව් ඒ වෙච්ච දෙයින් සෝයොන් ගොඩක් බය උනා ඒ වෙන මොනවත් හින්දා නෙමෙ තමන්ට ඉතුරු වෙලා තියෙන එකම වස්තුවත් නැති වෙයි කියලා හිතුන නිසා....




Sohyon pov.

අද මගෙ ජුංවොට මොනාහරි උනානම් මට කවදාවත් මටම සමාවක් දෙන්න බැරි වෙයි...මගෙ මැණිකට මොකුත් වෙන්න දෙන්න බෑ....මං කොහොමහරි ජුංවොත් වඩාගෙනම ජීසු ඔන්නිගෙ ගෙදර ලගට ආවා.....ඇත්තටම ජීසු උන්නිගෙ ගෙදර ගොඩක් ලොකුයි.....මම door bell එකත් ring කරලා ටික වෙලාවක් වටපිට බලබල හිටියෙ දොර අරිනකම්.....ඒත් එක්කම ගෙදර දොර ඇරියෙ ජීසු ඔන්නි.....ඇරිය ගමන් මට හිනා වෙලා ඔන්නි ජුංවොගෙ පිට අතගාලා එයාට කතා කරන්න ගත්තා...

"ම්ම්....ජුංවො බබාත් ඇවිත්නෙ......කෝ බලන්න මේ පැටියගෙ මූන....කෝ කෝ ආන්ටි දිහා බලන්නකෝ..." 

මෙච්චර වෙලාවක් මගෙ බෙල්ල අස්සෙ මූන හංගගෙන හිටපු ජුංවො හිමින් හිමින් ජීසු ඔන්නිගෙ පැත්තට හැරුනා....මගෙ මැණිකගෙ මේ වැඩවලට මටත් හිනාවක් ඇදුනා.......එයත් එයාගෙ අප්පා වගේමයි.....හරිම cute .....මට මතකයි ඉස්සර එයත් මගෙ පපුව අස්සෙ මූන ඔබාන ඉදලා ඔය විදියට මං දිහා බලනවා.....

"අනේ....මෙයා හරියට හා පැටියෙක් වගේ.....කෝ එන්නකො ජීසු ආන්ටි අතට..."

එතකොට ජුංවො මං දිහා බැලුවා මාත් ඔලුව වැනුවයින් පස්සෙ ජුංවො ඔන්නි අතට ගියා.....ඔන්නිනම් එයාට මාර කැමතී වගේ.....ඒත් එක්කම එතනට දුවගෙන ආවෙ පුංචි දුවෙක්....ඔන්නිගෙ දුව වෙන්න ඕනෙ....මොකද එයත් ඔන්නි වගේමයි.....

"අනේ.....ඔන්නි මේ ඔන්නිගෙ දුවද..?"

" නේ සෝයොන්......එයාගෙ නම සෝයා.."

"අනේ ඔයා වගේම ඔයත් ලස්සනයිනෙ සෝයා..."

"Thank you ආන්ටි.....ආන්ටිත් දොදාක් ලස්සනයි..."

එයා ඒක කියනවත් එක්කම  ජුංවො ඊයක වේගෙන් අපෙ දිහා බැලුවෙ ඇසුත් ලොකු කරන්.....

"සෝයා....උයා මෙහෙත ඉන්නෙ...?"

" ජුංවො....!! ඔයා මොතද මෙහෙ කලන්නෙ....?"

"ජුංවො මැණික, ඔයා සෝයාව කලින් දන්නවත...?"

මම ඇහුවෙ හරිම පුදුමෙන්....ජීසු ඔන්නි දිහා මං බැලුවත් ජීසු ඔන්නිත් මට උරහිස් දෙක අකුල් ගමන කිව්වෙ එයා දන්නෙත් නෑ කියලා...

"ඔව් ඔම්මා..සෝයා තියන්නෙ මගෙ හොදම යාලුවනේ...."

"ආ....ඒ කියන්නෙ ඔය දෙන්නම යන්නෙ එකම school එකට....ඒත් ජීසු ඔන්නි මට කිව්වෙ නෑනෙ...."

"කියන්න ඉතින් මට ගානක් ගියෙ නෑ අනෙ....හරි හරි මේ එලියෙ ඉන්න කල්පනාව එන්න ඇතුලට.....සෝයා...එන්න ජුංවොත් එක්කගෙන...."

"හලි ඔම්මා.."

අපි හැමෝම ඇතුලට ගියා.....ඇත්තටම ජීසු ඔන්නිගෙ ගෙදර ගොඩක් ලස්සනයි ....... ජීසු ඔන්නි පොඩි කට්ටියව වුබින් ඒ කියන්නෙ ජීසු ඔන්නිගෙ ලොකු පුතා එයාගෙ room එකට එක්ක ගිහින් movie එකක් දාලා දීලා ආවෙ මාත් එක්ක කතා කරන්න......

"සෝයොන්....මං ඇත්තටම මෙහෙම අහන එක හොද නැතුව ඇති.....ඒත් මං දෙයක් අහන්නද...?"

"අහන්න ඔන්නි....."

"සෝයොනී ජුංවොගෙ අප්පා ඇයි ඔයාලව දාලා ගියෙ...?"

ඒක අහද්දී මගෙ මෙච්චර වෙලාවක් තිබුන හිනාව මැකිලා ගියෙ කියාගන්න බැරි තරම් වේදනාවක් දැනෙන්න ගද්දි......

"අනේ...අනේ.. මං වැරදි දෙයක් ඇහුවනම් මියන්හේ..."

"අනියො ඔන්නි.....මං කියන්නම්....ඇත්තටම මටත් මේ දේවල් කියන්න කෙනෙක් ඕනෙ වෙලයි තිබුනෙ මං කියන්නම්...."


.
.
.

හායි හායි...!! ඔන්න එයාලගෙ story එක ඊලග එකෙන්....😚💗

Vote කරන comment කරන අයට වගේම කියවන හැමෝම අයටත් කුමාවෝ....💗

WE MET AGAIN LOVE | JK Centric | COMPLETED Where stories live. Discover now