එහෙම කියනකොට ඔන්නි මගෙ දිහා බලලා හිනා වෙලා මගෙ අත් දෙක අල්ල ගත්තා......ඒ අතීතය ආපහු මට මතක් වෙන්න ගත්තෙ මගේ හදවත ගැහෙන වේගෙත් වැඩි කරවලා......
Flashback..
එදා ටිකක් වැස්ස ......ඒත් එක්කම මං college එකේ ඉදන් ගෙදර එන්න පිටත් උනේ වෙනදට වඩා ටිකක් වෙලා ගිහින්.....අද මගෙ හා පැටියා college එකේ පේන්න හිටියේ නෑ.....සමහරවිට practice යන්න ඇති.....ඔව් එයා idol කෙනෙක් වෙන්න හීන දකිනවා...මං ඒක දැනගත්තේ ගොඩක් කාලෙකට කලින්...හැබැයි ඒ වෙද්දිත් මං එයාට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි.......ඒක දැනගත්ත ගමන්ම මට ඔලුවට ආවෙ එයා බැරිවෙලාවත් idol එකක් උනොත් මට එයාව අතාරින්න වෙනවා නේද කියන එක.....ඒ හින්දමයි මං මගෙ හා පැටියාගෙන් ඈත් වෙලා හිටියෙ...මොකද එහෙම දෙයක් උනොත් මට ඒක දරාගන්න බැරි නිසා......එයත් ඉතින් මාව දන්නෙ නෑනේ.....මෙහෙම කල්පනා කර කර යද්දි එක පාරටම කවුද මගෙ අතින් ඇදලා ලග තිබ්බ චෙරි ගහට තද කරගත්තා....එක පාරටම ඛය උන නිසා මං කෑ ගහන්නයි හැදුවෙ ඒත් ඒ වෙද්දිත් එයා මගෙ කට එක අතකින් තද කරලා වහගෙනයි හිටියෙ........ඒත් එක්කම මං බැලුවෙ එයාගෙ මූන දිහා.....එතකොටයි මං දැක්කෙ ඒ ඉන්නේ වෙන කවුරුත් නෙමේ මගෙ හා පැටියා කියලා......මොනවා...??! මං හීන දකිනවද.....එ....එයා කොහොමද.....අනී අනී.....
"සෝයොන්.....මං අත ගන්නම් හැබැයි කෑ ගහන්න එපා හරිද...?"
මම ඇසුත් ලොකු කරන් බලන් ඉදලා එක පාරටම ඔලුව වැනුවෙ හා කියන්න.....ඒත් එක්කම එයා මගෙ කටින් අත අයින් කරලා බිම බලාගත්තෙ බෙල්ල පිටිපස්සහ අත ගාන ගමන්....මේ මොකද්ද වෙන්නෙ මට මේ මොකුත් තේරෙන්නෙ නෑ....ඒත් එක්කම එයා ආපහු මං පැත්තට හැරිලා මගෙ ඇස් දෙක දිහා ටික වෙලාවක් බලන් හිටියා.....මාත් ඒ අස්සෙ අතරමන් වෙලයි හිටියෙ.....හරිම ලස්සනයි ඒ දුඹුරු පාට බෝල ඇස්.....හරියට හාවෙක්ගෙ වගේමයි....
"සාරංහෙයෝ....."
මගෙ ඇස් දෙක දිහා බලාගෙනම එයා ඒක කිව්වෙ ගොඩක් ආදරෙන්.....ඒත් මට ඒක ඇත්තටමද ඇහුනෙ....
"හහ්...?"
"සාරංහේ මගෙ මැණික..."
මොකක්ද එයා ඒ කිව්වෙ.....ඔමෝ......මේක හීනයක්ද.......මගෙ හා පැටියා----එයාගෙ ඒ සිනිදු තොල් මගෙ තොල් එක්ක පැටලෙනවත් එක්ක මගේ හදවත ගැලවිලා එලියට එන්න තරම් හයියෙන් ගැහෙන්න ගත්තා.....මටත් නොදැනිම මං ඒ හාදුවට react කරන්න ගත්තෙ මගෙ අත් එයාගෙ බෙල්ල වටේ එතෙන්දි......එයාගෙ අතුත් මගෙ පිට දිගේ රටා මැව්වෙ මට ඉන්න තැනත් අමතක කරවලා......විනාඩි ගානකින් ඉවර වෙච්ච මගෙ පලවෙනි හාදුව මගෙ එකම ආදරේට දෙන්න පුලුවන් උන එක ගැන මං හිටියේ ගොඩක් සතුටින්......ඔමෝ මට ලැජ්ජයි අනේ.....ලැජ්ජාව වැඩි කමට මං එහෙමම බර උනේ ජංකුක්ගේ පපුවට.....ඒ පපුව අස්සෙ මං මූන හංගගන්නවත් එක්කම මට ඇහුනේ ජංකුක් හිනාවෙන සද්දෙ....
YOU ARE READING
WE MET AGAIN LOVE | JK Centric | COMPLETED
FanfictionFirst gift cover by, @ _kim_jisoo_95 Story cover by ,@99Tharul [ Edited. ] Don't copy my work 🚫 This is mainly based with author's imagination.....so there is no relation with real life....hope you'll enjoy!!