🦋 04. 🦋

1.8K 356 13
                                    

මටත් නොදැනිම ඇස් පිය උනේ අඩලා හෙම්බත් වෙච්ච නිසාද කොහෙද .........ඒත් ආපහු රෑ මැද මට ඇහැරුනේ ජුංවො හීනෙන් අඩන සද්දෙ ඇහිලා.......

"අනේ.....අප්පා.....අනේ මං ගාවත එන්නකූ.......අනේ...අ....අනේ....දාලා යන්න එපා......ජුංවො බබා හොද බබෙක්......" 

එහෙම කිය කිය ජුංවො අඩනවා.....ඒක දැක්ක ගමන් මගෙ පපුව පිච්චිලා ගියා......මං මොකද්ද කරන්නෙ.....මගෙ දරුවා මං නිසා විදවනවා......මං මහ පව්කාරියක්....මං ජංකුක්ට එදා ජුංවො ගැන කිව්වනම් සමහර විට අද ජුංවොට එයාගෙ අප්පා එක්ක ඉන්න තිබ්බා........ඒත් එක්කම ආපහු ජුංවො මාව බදාගෙන නිදාගත්තා.........පව් මගෙ අහිංසකයා.......ඒත් එක්කම මම දිග හුස්මක් පිට කරලා ඇස් දෙක පියා ගත්තෙ ඉස්සරහට මොනවා කරන්නද......මොනවා වෙයිද ඒ කිසි දෙයක් හිතාගන්න බැරුව..........



After 3 months still soyon pov.

මේ ගෙවිච්ච මාස තුන ඇතුලත ජුංවො ජංකුක්ට ගොඩක් ලං වෙලා.......Live records හැම එකක්ම වගේ මේ වෙනකොට ජුංවො බලලා තිබුනා......ඒත් ආයෙ ආයෙ ඒව බලනවා එයා......phone screen එකේ පේන එයාට හැමදාම ජුංවොට කතා කරනවා.......Live record එකේ පවා එයා කියන එවා අහන් ඉන්නෙ හරි ආසාවෙන්........එයා හරිම සතුටින් ඉන්නෙ මේ විදියට හරි එයාට එයාගෙ අප්පා බලන්න පුලුවන් එකට........දැන් අපේ ඇද ලග ජංකුක්ගෙ ලොකු පිංතූරයක් තියෙනවා........ඒක ජුංවොට ඕනෙමයි කියලා දවසක් කඩයක් ඉස්සරහ තිබිලා උස්සගෙන ආවෙ මේ චණ්ඩියා........හැමදාම ඒ පිංතූරෙ එක්ක කතා කරන්න ජුංවො අමතක කරන්නෙ නෑ.........මේ හැමදෙයක්ම බලාගෙන මම ඉන්නෙ පුදුමාකාර වේදනාවකින්........මටත් මගෙ මැණික නැතුව පාලුයි ........මට මහා තනිකමක් දැනෙනවා මගෙ මැණික නැතුව......ඒ ආදරේ ලබන්න මට පිනක් නෑ..........සමහරවිට එයාට දැනටමත් ගෑනු ලමයෙක් හම්බ වෙලා ඇති......ඒත් එහෙම හිතද්දිත් මගෙ පපුව ගැලවිලා යන්න තරම් රිදෙනවා........මොකද මම මගෙ ජංකුක්ට ආදරෙයි......ඒ ආදරේ කවදාවත් නැති වෙන්නෙ නෑ........ඒක නැති කරගන්න කොච්චර මං උත්සාහ කරත් ඒකෙන් උනේ එයාට තිබුන ආදරේ වැඩි උන එක විතරයි......හ්ම්.....ජීසු උන්නි දැන් මගෙම උන්නි වගෙ.....ඇත්තටම එයා හරිම හොදයි.......අද මටයි ජුංවොටයි එහෙ එන්න කියලා කිව්වා....මේ පලවෙනි වතාව මං ජීසු උන්නිගෙ ගෙදර යන.....උන්නිට බබාලා දෙන්නෙක් ඉන්නවලු.....පුතයි දුවයි.......දුවනම් මගෙ ජුංවොගෙ වයසලු......පුතා ජුංවොලට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා තමයි උන්නි කිව්වෙ.......මම ජුංවොවත් ලෑස්ති කරගෙන පාරට බැස්සෙ උන්නිලගෙ ගෙදර යන්න......මේ සෝල් අහස යට මම මගෙ කුකී එක්ක කොච්චර ඇවිදලා තියෙනවද........එයා එක්ක ගත කරපු ඒ ලස්සන අතීතයයි මගෙ ජුංවොයි හින්දා තමයි මම මේ විදියට අද ජීවත් වෙන්නෙ........ජුංවො ඇත්තටම කුකී වගේමයි......එයාගෙ හිනාවමයි ජුංවොට තිබුනෙත්.........ඔහොම කල්පනා කර කර අපි දෙන්නා ඇවිදන් යද්දි එක පාරටම ජුංවො පාර පනින්න හැදුවා....ඒත් එක්කම ඈතින් කාර් එකක් එනවා මම දැක්කා......ඒ වෙද්දිත් ජුංවො පාරෙ......

WE MET AGAIN LOVE | JK Centric | COMPLETED Where stories live. Discover now