🦋 10. 🦋

1.8K 327 27
                                    



"ජංකුක්.........ඔයා සෝයොන්ව දන්නව නේද.....?"ම්වෝ.......හ්යුන්ග්ට බොරු කියන්නත් බෑ.....අනේ දෙයියනේ.....ඒත් මට කොහොමත් මේ ගැටේ ලිහා ගන්නත් ඕනෙ ........හ්ම්......

"නේ හ්යුන්ග්......"

"හ්ම්........ඇත්තටම මට මේක අහන්න කලින් උවමනාවක් තිබුනේ නෑ මොකද සෝයොන් උබට බොරු කලා කියපු නිසා......ඒත් දැන් ........මට කියන්න ජංකුක් ඔයාගෙයි එයාගෙයි අතර තිබ්බ සම්බන්ධෙ ගැන....."

මගෙ ඇස් ඉබේටම ලොකු උනේ හ්යුන්ග් ඒ කියපු දේට.....ඇත්ත...හ්යුන්ග්ට කවදාවත්ම ඕනෙ උනේ නෑ සෝයොන්ගෙයි කතාව අහන්න.......ඒත් හ්යුන්ග් මේ අහන්න විදියෙන්ම මට තේරෙනවා මෙතන මොකක් හරිම දෙයක් තියෙනවා කියලා......ඒ නිසා නූනයි හ්යුනුයි ඉස්සරහ අපෙ ඒ ලස්සනට ගලන් ගිහින් සෝයොන්ගෙ වෙනස්වීම ඉදිරියෙ නැවතුනු ඒ ලස්සන ආදර කතාව මං කිව්වෙ මගෙ ඇස්වලින් වැටෙන කදුලු පිහිදන ගමන්.....මගෙ පපුව දිගේ හරියට බ්ලේඩ් එකකින් අදිනවා මගෙ දැනුනෙ ඒ වේදනාව මට දැනුත් එදා දැනුනා වගේ දැනෙන නිසා........

"මල්ලි ඒත්.....මල්ලි නොදන්න දෙයක් සෝයොන්ගෙ වෙනස්වීම පිටිපස්සහ තිබුනා.....මල්ලි අහන්න කැමතිනම්....--"

"කැමතිනම් නෙමේ ජින්....ජංකුක් මේවා දැනගන්න ඕනෙ...." නූනාට කේන්ති ගිහින් වගේ.......

"හරි නූනා කියන්න... "

"බේබි ඔයාට sure ද...?" ජින් හ්යොන් එහෙම ඇහුවෙ ටිකක් low voice එකෙන්......

"නේ....."

"ජංකුක් ඔයා හිතනවද ඔයාට අර තරමට ආදරයක් දුන්න සෝයොන් මින්හොට කැමති ඇති කියලා.....?"

"මට විශ්වාස කරන්න බෑ නූනා.....ඒත් මට ඒක විශ්වාස කරන්න වෙනවා.....මොකද සෝයොන්ගෙ කටින්මයි මට සෝයොන් කිව්වෙ එයා මින්හොට ආදරෙයි කියලා ......අනික කොහොමත් මින්හො සෝයොන්ගෙ පස්සෙන් ආවා......"

"ඒත් ජංකුක් සෝයොන් ඒ කිව්වෙ බොරු.... "

මගෙ හදවත එක මොහොතකට නැවතුනේ ඒ කියපු දේ හරියටම ඇහුනෙ නෑ කියලා හිතෙද්දි.....මං නූනා දිහා බලලා එහෙමම ජින් හ්යොන් දිහා බැලුවෙ ඒක ඇත්තද කියලා දැනගන්න.....ඒත් හ්යොන් ඒ වෙද්දිත් හිටියෙ බිම බලාගෙන......මගෙ මැණික ඒ කියන්නෙ මින්හොට ආදරේ කලේ නැද්ද........ඒත් ඇයි මගෙ සෝ මට එහෙනම් බොරු කිව්වෙ......මට ...මට මේ දේවල් තේරෙන්නෙ නෑ.....

WE MET AGAIN LOVE | JK Centric | COMPLETED Where stories live. Discover now