🦋 01. 🦋

2.8K 370 3
                                    


Author's view.

"ඔම්මා.......අලේ ඔම්මා නැගිතින්නකෝ.......ඔම්මා...!!!"

මේ චූටි හා පැටියගෙ සද්දෙට සෝයොන්ට පැය 4කට විතර සීමා උන නින්දෙන් නැගිට්ටුනා.......මේ පුංචි හා පැටියා එයාගෙ ඔම්මගෙ මුලු මූනම චූටි චූටි හාදු ගොඩකින් වැහුවා......මේක මේ හා පැටියගෙ පුරුද්දක් වෙලා දැන්.....සෝයොනුත් හිනා වෙලා ජුංවො අරන් ඒ චූටි ඇදෙන් නැගිට්ටෙ අද දවසට ලෑස්ති වෙන්න......

"මගෙ මැණික good morning...!!! අද ඉක්මනට ලෑස්ති වෙන්න ඕනෙ හොදේ....ඔම්මා අද අලුත් job එකකට යනවා....එතකොට ඔම්මට පුලුවන් මගෙ මැණික එක්ක හවස ඉදන්ම ඉන්න..."

"ඒ කීන්නෙ ඔම්මා මාත් එක්ක එකත දොයියන්නත් ඉන්නවද...?"

ඒ දුඹුරු පාට බෝල ඇස් ලොකු කරලා කරලා සෝයොන්ගෙන් ඇහුවෙ සෝයොන්ට ලොකු දුකක් ගේන ගමන් මොකද සෝයොන් මේ වෙනකම් කලේ part time job ගොඩක්.....ඉතින් එයා මේ පුංචි හා පැටියා day care එකක දාලා තමා වැඩවලට ගියේ......

"ඔව් මගෙ මැණික එක්ක දොයියන්නත් ඔම්මා ඉන්නවා....දැන් ලෑස්ති වෙමුද අපි...හ්ම්ම්...?"

"ඔම්මා ..,මං අද තනියෙන් ලෑස්ති වෙලා ගුද් බෝයි කෙනෙක් වෙනා...."

"මගෙ මැණිකට පුලුවන්ද...?"

ඔව් කියන්න ඔලුවත් වනලා එයාගෙ ඔම්මගෙ අතින් බිමට බැහැලා කෙලින්ම ගියෙ ඒ පුංචි ගෙදර තිබ්බ පුංචි washroom එකට.....සෝයොනුත් දිග හුස්මක් පිට කරලා ගියෙ ඒ පුංචි කුස්සියට .....ඒ ගෙදර හුගක් පොඩී......හැබැයි සෝයොන්ටයි එයාගෙ පුංචි හා පැටියටයි ඒක ඇති උනා......පුංචි ජුංවොට දවල්ට කන්න කෑම එකකුත් හදලා උදේ කෑම මේසෙන් තියලා සෝයොන් ගියෙ ජුංවො මොකද්ද කරන්නෙ බලන්න.....යනකොටයි සෝයොන් දැක්කෙ එයා ඇදුමත් ඇදගෙන බිත්තියේ ගහලා තිබ්බ එයාගෙ ඔම්මගෙයි අප්පගෙයි photo එක දිහන් බලන් කතා කරනවා.....මේක දැකපු සෝයොන්ගෙ පපුව පිච්චිලා ගියෙ තමන්ගෙ අප්පගෙ මූන හරියට දකින්නෙ ත් නැතුව ඒ photo එකේ තියෙන රූපයට ආදරේ කරපු ජුංවො ගැන දුක හිතිලා......ඔව් ඒ photo එකේ හිටියෙ ජුංවොගෙ අප්පා......ඒත් එතන එයාගෙ මූන හරියට පෙනුනේ නෑ.......වැටුන කදුලු ඉක්මනට පිහන් ජුංවො ලගට සෝයොන් ගියා.....

"ඔම්මා ලෑස්ති වෙලා එනකම් මගෙ පැටියා කෑම එක කනවද....?"

"නේ ඔම්මා......"

එහෙම කියලා හරි ලස්සනට හිනා වෙලා ජුංවො දිව්වා......අවුරුදු 04 ක පුංචි දරුවෙක් උනත් ජුංවො කියන්නෙ ගොඩක් ශක්තිමත් දරුවෙක්......හරියට එයාගෙ ඔම්මා සෝයොන් වගෙ.......ඉක්මනටම ලෑස්ති වෙලා සෝයොනුත් කොන්ඩෙ පීරන්න ගත්තා......ඒ වෙලාවෙ සෝයොන්ගෙ ඇස් දෙක ගියෙ අර බිත්තියේ එල්ලලා තිබ්බ photo එකට..... සෝයොන්ගෙ මූනට හිනාවක් ආවෙ ඒ දවස් මතක් වෙලා මගේම ආයෙත් කදුලු බිංදු එයාගෙ ඇස්වලින් රූටලා ගියෙ එයා දැන් මං ලග නෑ නේද කියලා මතක් වෙද්දි........ආයෙත් කදුලු පිහිදන් සෝයොන් කොන්ඩෙ පීරන්න ගත්තෙ ඒ දෙවල් අමතක කරලා.....සෝයොන් කොච්චර අමතක කරන්න හැදුවත් එයාට මතක් උනේම එයා ඒ සතුටින් ගෙවපු අතීතය......සෝයොන් කොච්චර හිතෙන් එයාට තියෙන ආදරේ අයින් කරලා දාන්න හැදුවත් උනේ ඒ ආදරේ දවසින් දවස වැඩි උන එක........කොහොමහරි ජුංවොත් වඩා සෝයොන්  ගෙදරින් ආවෙ ජීවිතෙ අලුත් අඩියක් ඉස්සරහට තියන්න බලාන.......ජුංවොව day care එකෙන් දාලා සෝයොන් ඉක්මනටම ආවෙ bus halt එකට......එනකොටම bus එක තිබුන නිසා සෝයොන් bus එකට නැගලා ගියේ ඒ අතීතය මතක් කරන ගමන්මයි.......




.
.
.

පොඩි chapter එකක් දුන්නෙ....type කරලා තිබුන ටික දැම්මා ඉතිම්....🥲👉👈

බලමු කතාව කොයි වගේ වෙයිද කියලා....

කියවපු අයට වගේම vote කරන comment කරන අයට කුමාවෝ...

WE MET AGAIN LOVE | JK Centric | COMPLETED Where stories live. Discover now