Taehyung p.o.v.
උදේ මම නැගිටිනකොට ඔම්ම මගේ දිහා කන්න වගෙයි බලාගෙන හිටියෙ... ඒ මූණ දැක්කම මට ඊයෙ රෑ වුන දේවල් එකින් එක ඔළුවට එන්න ගත්තා... ඒ මම දැක්කෙ හීනයක්ද... නැද්ද...
Omma - මොකද ළමයො මම දිහා කන්න වගේ බලන් ඉන්නෙ...මගේ මූණෙ පෙරහැරක් යනවද
ඔම්මගෙ කෑගැහිල්ල නිසා මම ආයිත් පියවි සිහියට ආවා...
Taehyung - ආයිශ්... ඔම්ම නෙ මෙතන මගේ මූණ දිහා බලන් හිටියෙ
Omma - ආ ඇති ඇති බබා පාට් එක දැම්මා... යන්න ගිහින් wash එකක් දාන් breakfast ගන්න පහළට එන්න... university යන්නත් ඕන
Taehyung - හරි ඔම්ම යන්න මම එන්නම්කො
Omma - ඉක්මන්ට එන්න
ඔම්ම එහෙම කියල යනවත් එක්කම මම bathroom එකට ගියා...
Shower එක ඇරගෙන එන වතුර පාරට ඔළුව අල්ලපු මම ආයිත් ඊයෙ රෑ උන දේ ගැන කල්පනාවකට වැටුණා...ඇත්තටම එහෙම කෙනෙක් ඊයෙ රෑ මගේ කාමරේට ආවද... නැත්තන් ඒක හීනයක්ද
ඒක හීනයක් උනත් , මට ඒක ඇත්තක් විදියට දැනෙනවා... ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම ඊයෙ එහෙම දෙයක් වෙලා තියෙනවා...
මේ විදියට හිත හිත ඉන්නකොට මට මගේ ඇඟ දිගේ හීන් හිරිවැටීමක් දැනුනා... හරියට කවුරු හරි කෙනෙක් මාව අල්ලනව වගේ.... එන්න එන්නම ඒ ස්පර්ශ කිරීම මට තදින් දැනෙන්න ගත්තා... මටත් නොදැනුවත්වම මම ඒ ස්පර්ශ කිරීමෙන් දැනෙන වින්දනයට අවනත උනා...
මිනිත්තු 5කට පමණ පස්සෙ ඒ වින්දනය එක පාර නැති උනා... මම කලබලෙන් වටපිට බැලුවත් කවුරුත් හිටියෙ නැහැ...
ඉක්මන්ට towel එක ඇඳගෙන කාමරේට දිව්ව මට නැවත නැවතත් දැනුනේ ඒ වෙලාවෙදි මීට කලින් දැනිල නැති තරම් ලැබුන පහස ගැනයි...
Omma - තේහියුං , තාම ලෑස්ති උනේ නැද්ද ඉක්මන්ට එන්න කෑම නිවෙනවා...
Taehyung - එනවා ඔම්මා
ඉක්මන්ට uniform එක ඇඳගත්ත මම පහළට දුවගෙන ගියේ ඔම්ම ඊළගට කෑගහගෙන මගේ ඇඟට කඩාපාත් වෙන නිසයි... කෑම ටික කටට දෙකට කාපු මම university එකට ගියා...
At the university
A/N p.o.v.
Taehyung university එකට ගිහින් තමන්ගෙ classroom එකෙන් වාඩි උනා... ඒත් තාම ජිමින් නම් ඇවිත් හිටියේ නැහැ... Taehyung සැරින් සැරේ වටපිට බැලුවත් කොයි වෙලාවෙ හරි ජිමින් එයි කියල එයා ආවෙ නැහැ... Lectures 2ක්ම ඉවර උනා.... දන්නෙම නැතුව වෙලාව ගෙවිල ගියා... හරියටම interval එක වෙලාවෙදි ජිමින් class එකට ආවා...
Taehyung - මොකක්ද උනේ... ඇයි එන්න පරක්කු උනේ
Taehyung ගේ පසෙකින් වාඩි උන ජිමින්ගෙන් taehyung එක දිගට ප්රශ්න කළා...
Jimin - මම පස්සෙ කියන්නම් තේ... අපි canteen එකට ගිහින් මොනා හරි කමුකො... please මට බඩගිනියි....
Taehyung - ආහ් හරි යමු...
දෙන්නත් එක්කම canteen එකට ගිහින් කෑම ගත්තා....
Taehyung - ජිමින් දැන්වත් කියන්න පුළුවන්ද ඇයි එන්න පරක්කු උනේ කියල
Jimin - ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි taehyung
Taehyung - කමක් නෑ ඉතින් කියන්නකෝ
Jimin - හරි හැබැයි කාටවත් කියන්න බෑ හරිද
Taehyung - හරි promise
* * * * * * * * * *
Jimin ඇයි එන්න පරක්කු උනේ කියල දැනගන්න ඊළග කොටස අනිවාර්යයෙන් කියවන්න... 👇
Bye 💜️💜️
YOU ARE READING
ℊℍᝪՏᝨ ℒᝪᏉℰ
Fanfictionආත්ම ගාණක් මම කෙනෙක්ව පතාගෙන ආවා... ඒ ඔයා... ඔයා තමයි මගේ හැමදේම වුණේ... ඒත් මම මේ ලෝකෙට අයිති නැහැ... අපි සමහර විට ආයිත් මුනගැහැයි... මට දැන් යන්න වෙලාව ඇවිත්... මට ස්වර්ඝයට ගියත් , අපාගත වුණත් මට දැන් කමක් නැහැ... මොකද ඔයා දැන් දන්නව මම ඔයාට කොච්ච...