Chapter 07

52 6 0
                                    

Jimin - තේහියුං ඇත්තටම මේකයි උනේ....

Three hours before

Jimin p.o.v.

මම වෙනදාටත් වඩා වේලාසනින් යුනී යන්න පිටත්වුනා... ඉක්මන්ටම යුනී එකට ආවාම මම breakfast ගන්න බැරි උන නිසා canteen එකට ගියා... burger එකක් වගේම cola එකක් ගත්ත මම කාල ඉවර වෙලා class room එකට යන්න පිටත් උනා... එතකොට සීනියර් හියුන්ල ටිකක් මගේ ඉස්සරහින් ඇවිත් හිටගත්තම එදා වගේ රැග් එකක් එකක් දෙන්නද කියලත් මට බය හිතුණා...

👥 sir ඔයා එනකන් යුනී එක පිටිපස්සෙ garden එකේ බලන් ඉන්නව යන්න...

Jimin - අහ්... හරි ඒත් මොන සර්ද...

👥 ඔයාම ගිහින් බලන්නකො

Jimin - ආහ් හරි හරි

මම ඉක්මනින්ම එතනින් පිටත් වෙලා යුනී එක පිටිපස්සෙ garden එකට ගියා...

ටික දුරක් ඇවිදගෙන යනකොට එතන bench එකක හොඳට දැකල පුරුදු කෙනෙක් ඉඳගෙන ඉන්නව මම දැක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටික දුරක් ඇවිදගෙන යනකොට එතන bench එකක හොඳට දැකල පුරුදු කෙනෙක් ඉඳගෙන ඉන්නව මම දැක්ක... ඈත හිටපු නිසා කවුද කියල පැහැදිලිව පෙනුනෙ නෑ... ඒක නිසා මම තව ටිකක් ළඟට යන්න තීරණය කළා... ඔහුගෙ ළඟටම ගියාට පස්සෙ තමයි මම අඳුරගත්තෙ ඒ ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි එදා මට රැග් එකක් දීපු සීනියර් Min Yoongi කියල...

Yoongi - තව කොච්චර වෙලාවක් ඔහොම මගේ handsome face එක දිහා බලන් ඉන්නද කල්පනාව...

ලාවට පියවිල තිබුණ ඇස් හෙමින් විවර කරන ගමන් යූන්ගි අහනකොට තමයි මම පියවි සිහියට ආවේ...

Yoongi - ඔයාට ඔච්චරටම මගේ මූණ දිහා බලන් ඉන්න ඕනද... හරි එහෙනම් මෙතනින් ඇවිත් ඉඳගන්නකො...

Jimin - අහ් නෑ මේ... ම...මම... ආවෙ sir කෙනෙක් ම... මට කතා කරපු නිසා... ඒ සර්... නෑ.....ව.. වගේ... ම... මම... එහෙනම්.... යන්නම්...

Yoongi - sir කෙනෙක් නෙවෙයි මම ඔයාට කතා කලේ... දැන් ඇවිත් මෙතනින් ඉඳගන්න කෝ එන්න...

Jimin - ඒත් මේ...

Yoongi - කිව්වම ඇවිල්ල ඉඳගන්න බැරිද

යූන්ගිගෙ කටහඬේ ශබ්දය වැඩි වෙද්දි මම ගිහින් එතනින් වාඩි වුනේ ඔහුව තවත් කේන්ති ගස්සන එක සුදුසු නෑ කියල හිතුන නිසයි...

මම ඉඳගත්ත ගමන්ම යූන්ගි හියුන් මගේ lap එක උඩින් එයාගෙ ඔළුව තියාගෙන ඇස් දෙක පියාගත්තා...  ටික වෙලාවක් යත්ම යූන්ගි හියුන්ට නින්ද ගිහින් කියල මට තේරුණා.... යූන්ගි හියුන්ගෙ ඇස් දිහා බලන් ඉන්නකොට මගේ මූණෙ හිනාවක් ඇඳුනෙ මටත් හොරාමයි... මොකද ඒ ඇස් එච්චරටම ලස්සනයි... ඒ තොල් වලත් ඒ වගේම ලස්සනක් තියෙනව....

Yoongi - ඔච්චරටම මගේ මූණ ලස්සන නම් ඉතින් kiss එකක් දෙන්න....

Jimin - ආයිශ් ඔ...ඔයා නිදි නැද්ද...

Yoongi - angel කෙනෙක් මගේ දිහා ඔහොම බලන් ඉද්දි නිදාගන්නෙ කොහොමද කියන්නකෝ...

Jimin - Hyung ඔහොම විහිළු කරන්න එපා.. 🙈🙊

එකපාරම යූන්ගි හියුන් එතනින් ගැස්සිල වගේ නැගිට්ටා...

Yoongi - wait... මො...මොකක්ද ඔයා කිව්වේ.... 

Jimin - Hy....hyung....

Yoongi - please baby say it again...

Jimin - Hyung....

ඊළඟ තත්පරේදි සිනිදු මල් පෙති දෙකක් මගේ තොල් වල ඇවිත් ගැටෙනව වගේ මට දැනුන.... ඒ සිප ගැනීමට මම ගොඩක් ආස කලා... ඒක නිසාම මම ඒ සිප ගැනීමට අවනත වුනා...

Yoongi - ආයිත් මට කතා කරනකොට හියුන් කියලම කතා කරන්න

යූන්ගි හියුන් ආයිත් මගේ lap එක උඩින් ඔළුව තියාගෙන නින්දට වැටුණා... ඒ තොල් දිහා තවත් බලාගෙන ඉන්න බැරි උන නිසා මම ඒ තොල්වලට ආයිත් බර උනා...

Back to present time

Jimin - ඉතින් ටේහ්‍යුන් ඕක තමයි උනේ...

Taehyung - ඔ ඕ..... හරි හරි ඕම යන්කො... මට ඉරිසියත් හිතෙනවා...

Jimin - ටේ විහිළු කරන්න එපා...

දෙන්නගෙ කතාබස් මැද්දෙ දවස ගෙවිල ගිහින් රෑ නිදාගන්න වෙලාව එළඹුනා....

°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Hi..... update දෙන්න ගොඩක් පරක්කු උනා නේද.... සොරි හොඳද... please vote කරල follow කරන් යන්න🙂💔

ℊℍᝪՏᝨ ℒᝪᏉℰ Where stories live. Discover now