Chapter 01

826 88 6
                                    

Life goes on 🍃
Jiya pov

Savage Love Did sombody
Did Somebody
Break Your heart ..........

Alarm එකේ සද්දෙට නැගිටුනු මම දැක්කේ එහා පැත්තේ ඔරලෝසුවේ තිබුන වෙලාව .
වෙලාව උදේ 7.00යි 😳 මොකටද alarm එකක් තිබ්බේ කියලා විනාඩියක් විතර මතක් කරනකොට තමයි මගේ මේ ටිකිරිමාරි මොලේට මතක් උනේ අද තමයි අලුත් School එකට යන පලවෙනි දවස කියලා 😪🥲

" පලවෙනි දවසෙම gate එක ලග හිටගෙන ඉන්න වෙයිද දන්නෑ"
මං ඒම හිත හිත ඉන්නකොටම මට ඇහුනේ මගේ ඔප්පගේ කිංකිනි වොයිස් එක 😂

Jimin- ජියා තමුසේ තාම නැගිටලවත් නැද්ද , මට පරක්කු වෙනවා

Jiya - කෑ ගහන්න එපා මනුස්සයෝ මං නැගිටලා ඉන්නේ, ඉක්මනට එන්නම්

එසැනින්ම ඉක්මනට ඇදෙන් බැහැලා , washroom එකට රිංගගත්තේ තවත් පරක්කු වෙන්න ඕනි නැති නිසා

20 minutes later,

Unoform එකත් ඇදගෙන පල්ලෙහාට
එනකොට මං දැක්කේ මාව බැදලා කනවද තම්බලා කනවද වගේ බැල්මකින් මං දිහා බලන් ඉන්න ඔප්පව 🥲😪 දැන් ඉතින් ඉදලා හමාරයි

Jimin- "බලනවා ඕයි වෙලාව , තමුසේ මෙච්චර වෙලා පොල් ගෑවද "

Jiya- "හෙ හෙ පොඩ්ඩක් පරක්කු උනා ඉතින් "

Jimin - "පොඩ්ඩ ,පොඩ්ඩ තමා ඉක්මනට Breakfast එක ගන්නවා යන්න තියෙනවා"

Ajumma- "චූටි බේබි එන්න කාලා යන්න"

Jiya- " කකා ඉන්න බෑ අජුම්මා වෙලා ගිහින්නේ ,මං කැන්ටින් එකෙන් කන්නම් "

කැන්ටින් එකෙන් කනවා කිව්වට අලුත් school එකේ කැන්ටින් තියා කිසි දෙයක් ගැන එක ගැන මං දන්නේ නැ අජුම්මගෙ හිත රිදවන්න බැරි නිසාම මම කැන්ටින් එකෙන් කන්නම් කියලා හදලා තිබුනු සැන්විච් දෙකක් අරන් කාර් එකට නැග්ගා .......

විනාඩි 10කින් විතර ඉස්කෝලෙට ඇවිල්ලා ඔප්පාත් එක්ක කාර් එකෙන් බහින්න ගියා විතරයි Jimin Oppaa..... ගාගෙන ආවේ නැතෑ කෙල්ලෝ ටික 😪මං ජිමින්ගේ නංගි නෙවේ වගේ එතනින් ටික් ගාලා මාරු උනේ ඒ කෙල්ලෝ ටික මාව දැක්කොත් මට අමාරුවේ වැටෙන්න වෙයි කියලා හිතුනු නිසා , අමාරුවෙන් උනත් principle office එකත් හොයා ගත්තේ නැත්නම් මට පන්තියට යන්න වෙන්නේ නැති නිසා .

LIFE GOES ON 🔏💕( Completed)Where stories live. Discover now