-01-

998 161 21
                                    

මේ හැමදේම පටන් ගත්තේ මං ඒ ඇස් දැක්ක දවසේ ඉදලා...මං දන්නෑ මම මොන එහෙකට එදා ඒ ගමන ගියාද කියලා...ඇත්තටම මං ගියේ නෑ මාව බලෙන් අරන් ගියා...වෙන කව්ද ඉතිම් මගේ නසරානි යාලුවෝ ටික මිසක්....මගේ උවමනාවට නොගියත් මං හීනෙකින්වත් හිතුවේ නෑ එදායින් පස්සේ මගේ ජිවිතේම වෙනස් වෙයි කියලා....එදා මං චෙන්ලා එක්ක ඒ තඩි කන්ද  බැරි මරගාතේ බඩගානකොට අපිට පිටි පස්සෙන් ආව තව කොල්ලො සෙට් එකක් අපිත්  එක්ක එකතු උනා...කවදාවත් දැකලා තිබුණෙ නැති උනත් කොල්ලො හරි ඉක්මනට යාලු වෙන නිසාම අපි දෙගොල්ලත් එකතු උනා....එතන ඉදලා අපි ඔක්කොමලා එකට අර කන්ද බඩගෑවා...බඩගෑවා කිව්වට මං විතරයි බඩගෑවේ අනික් ඔක්කොමලා ශෝක් එකට ඒක නැග්ගා....

ඒ වෙනකොට මුල ඉදලම හති වැටි වැටි ආව මගේ හුස්ම නවතින්න පටන් අරන් තිබ්බා...කන්ද නැගලා මහන්සියට නෙමේ...අපි එක්ක එකතු උනු ටීම් එකේ හිටිය ඒ උකුසු ඇස් අයිතිකාරයා නිසා....ඒ ඇස් මාරම ලස්සනයි...මං මුලින්ම දැක්කෙත් එයාව නෙමේ එයාගේ ඇස් දෙක....එයා තනිකරම සුදුම සුදු පුලුන් ගොඩක් වගේ...මං කලු නැති උනත් එයා මට වඩා ගොඩක් සුදු කෙනෙක් උනා....කලුත් නැති දුබුරුත් නැති අකීකරු කොන්ඩයක් එක්ක තද රෝස් පිරුණු තොල් බෝල කම්මුල් උකුසු ඇස් මේ ඔක්කොම එක්ක එයාට ගොඩක් කඩවසම් පෙනුමක් ලැබුනා....ඒකටම හරි යන්න අඩි හයකටත් වඩා උස, උසට හරියන මහත ඇග එකතු වෙලා මට එයාව පෙනුණේ දිව්‍යලෝකේ ඉදලා ආව දේවතාවෙක් වගේ....අපේ ඇස් මුනගැහුන පලවෙනි තත්ත්පරේ ඉදලම ඒ ඇස් මගේ පස්සේ පැන්නුවා...මට ඒක තේරුනා...ගොඩක් වෙලාවට මන් ඒක නොදැක්කත් මට ඒක දැනුනා...එයා වැඩිය කතා බහ නැති හරිම නිහඩ කෙනෙක්....කට කොනකට නැගෙන හිනාවත් එක්ක එයාගේ උකුසු ඇස්වලින් බලන බැල්මට මාව සීතල වෙලා ගිහින් හුස්ම හිර වෙන්න ආවා...එදා රෑ අපි කන්ද මුදුනේ කූඩාරම් ගහගෙන නතර උනා....

                   කට්ටියම එක්ක ගිනිමැලයක් වටේ ඉදගෙන සින්දු කියලා කාලා බීලා නටලා ඉවර වෙනකොට එක එක්කෙනා හිටිය තැන්වලම නින්දට වැටිලා හිටියත් මට නම් නින්ද් අහලකටවත් ආවේ නෑ....එකක් මට සීතලයි....අනික මට ලොකු ඕන කමක් තිබුනා මේ වගේ කන්දක් මුදුනේ බිම දිගා වෙලා රැයක් එලි වෙනකන් තරු බලන්න....ඉතිම් මං කට්ටියගෙන් ටිකක් ඈතට වෙන්න තනකොල ගොඩේ බිම වැතිරිලා අහස දිහා බලන් ඉන්න ගත්තා....මට අහසෙත් අර උකුසු ඇස් මැවිලා පේනකොට මොන පිස්සුවක්ද හැදීගෙන එන්නේ කියලා මං මටම බැන ගත්තා....කොහොම හරි අන්තිමට උනේ මං ඒ හැදීගෙන ආව පිස්සුවට යට වෙලා උමතු වෙලාම ගිය එක....එදා මං අහස දිහා බලන් තරු ගනිනකොට ඒ ඇස්වල අයිතිකාරයත් ඇවිත් මට එහා පැත්තෙන් දිගා උනා....මං හිතුවේ නිදි කියලා...හීනෙන් ඇවිදිනවද මන්දා....

DREAMY EYES (Short Story) Completed Where stories live. Discover now