මතක - 05

84 22 0
                                    

කොටුව ස්ටේෂම

" දැන් කොහේද ඉන්නෙ .. තවම මගද "

ජංගම දුරකථනයට නිවනක් නැත. තත්පරයෙන් තත්පරයට වට්සැප් කතාබහ නිරීක්ෂණය මාගෙ රාජකාරිය විය.  අත රැදි ඔරලෝසුවේ කටුද වේගයෙන් දකුණතට කැරකී දහයමාර  පසුවී ගියාය.
අැය තවම නැත .

පැයක් පමණ කොටුව ස්ටේෂමේ ඔබමොබ අවිදා මටද දැන් පණ නැත. බලාපොරොත්තුව සියල්ලම සුනු විසුණුව යාවීදැයි බයෙන් පෙලෙමින් අසල කඩයකට ගොඩනැගුණු මා ඈ ආසම කරනා කඩචෝරු කිහිපයක් මිලදී ගෙන නැවතත් ඈ එනතුරා බලා හිදින්නට ගියෙමි. සියගනනක් මිනිසුන් අතර ඇහිපිල්ලම් හෝ නොසෙල්වා බලාසිටින්නේ ඇයව බලන්නට ඇති ආශාව නිසාමය.

වෙලාව එකොලහට පහකි. තවත් අඩ හෝරාවකින් දුම්රියද පිටත්වනු ඇත. කොළඹ අහස ද අඩන්නද සැරසෙන්නේ මගේ හිතේ තෙරපෙන හැගීම් මෙනි.පීඩන නියමයන්ට ද අදාල නොවන වචනයෙන් පවා විස්තර කල නොහැකි පීඩනයක් ජනිත කරන්නට එදින මගේ හැගුම් වලට පුළුවන් විය.

" මම පරක්කු වුණා නේද සුදෝ..  දෙතුන් පාරක්ම මට එක එක දේවල් අමතක වුනානේ තව මේ පික්මී එකත් අද කවදාවත් නැතුව දෙපාරක්ම කැන්සල් වුනා....සොරි බබෝ...දහයට යන්න තිබුන ට්‍රේන් එක ගියානේද....ආයේ කීයටද තියෙන්නේ .."

කොමල පාමින් ඈ ආ විගසම ඔහේ කියවාගන යයි. මගේ කේන්තියි ද එතනින්ම අහවර වී යයි.  මා දැන් ඇගේ උගුලට අසුව ඇත. ඒ දෑස් වෙත මා පෙම් බදින්නෙකි.

පැමිණි විගසම දෑතේ පැටළුණු ඇයට දැන් අනෙක් මිනිසුන්ගෙන් එලක් නැත. කෝලම් කරමින්ම කියවමින්ම යයි. යන එන අයද අප දෙස බලයි. මිනිසුන්ගේ දෑස් ආවරණ කිරීමට අප දෙදෙනාට නොහැකිය එහෙත් ඒ දෑස් වලට බියේ සැගවෙන්නට තවදුරටත් අපට උවමනා නැත. එහෙත් එය කිරමටද හැකිද යන්න හැමදාම මට පැනයකි.

අප අශීලාචාර ලෙස හැසිරී නැත. වරදක් ඇත්නම් එකම වරද දෑත් එකිනෙකා හා පටලවාගැනීමම පමණකි. මාස ගනනකට පසු හමුවන ඇයගේ උණුසුමට මා ද ආසා ඇත්තෙකි..ඇත්තෙන්ම අපට ප්‍රේමය විදින්නට ඉඩ අහිමිදැයි මම ඇගෙන්ම විමසුවෙමි...ඇයගේ පිලිතුර තවත් මා පුදුමයට පත් කරවන්නක් විය....

ඈ බංකුවක හිද මා ද ඈ අසලින්ම ඉන්දාගන උරහිසට හිස හොවා ගත්තාය...

දුම්රිය පැමිණෙන තුරාවටම ඇය සිටියේ උරහිසට හිස හොවාගනය...දෑස් පියාගන ඇයද මමද එකිනෙකාගේ උණුසුම විද ගත්තෙමු...

පෙරදින රැය පුරාම ඇය නිදිවරා මහන්සි වී ඇති බව දන්නා නිසාවෙන්ම මට ඇයව මගේන්  ඈත් කරන්නට ද බැරිය. ඒත් හුස්ම ගන්නා මොහොතක් පාසාම අප දෙසට එල්ලවන බැල්ම සමහරවිටක පිහිතුඩකට වඩා දරුණුය.

...

අසන්නට ඇත්තේ ,
ප්‍රේමය අපට උරුම නැතිද යන්න පමණකි. 😔

මතක - MEMORIES Where stories live. Discover now