කොටුව ස්ටේෂම ,
" මට යන්න බෑ..... "
අෑ මගේ අතැගිලි තදින් මිරිකමින් උරහිසට හිස හොවාගන කනට හිමිහින් මුමුණන්නේ මටම පමණක් ඇසෙන ලෙසටය.
කේන්තියක් බොරුවට හෝ ආරූඪ කරගන මා ඈ දෙස බලන්නේ , ඇගේ සිතුවිලි වෙනස් කිරීමේ අටියෙනි...
" බෑ කියලා බෑනේ ....අපි ආයේ හමුවෙනවානේ දරුවෝ.. "
ඇගේ ඇවටිල්ලට මාගෙන් ලද පිලිතුරට ඒ මුහුණේ වූයේ නොපහන් බවකි. ඈ සමග තවත් කල් ගෙවන්නට මමද ආශා ඇත්තෙමී නමුදු අපට ඒ වාසනාව අද දිනට තවත් නැති බව දනිමි...
ශබ්ද විකාශන ඝෝෂාව අෑ වෙන්ව යා යුතු බව අපට දැන්වූවාය....
" දෙන්න ටිකට් එක....ඒකත් පොඩිකරගනනේ දාගන තියෙන්නේ ..."
ඇගෙන් බලෙන් මෙන් උදුරාගත් දෙවනි පන්තියේ ආසන වෙන්කිරීමේ ටිකට් පතද ගෙන ඈ වද අතින් අල්ලාගන නැවැත්වූ දුම්රියේ ඉදිරියටම ඇවිද ගියේ අවසන් මොහොතත් ඈ සමගම රැදෙන්නට මා ආශා කල බැවිනි....
අපගේ වාසනාවට ඇයගේ ආසනය වේදිකාව දෙස ආසනයක් වූයෙන් වෙන්ව යන්නට ඇති අවසාන මිනිත්තු පහලොවද එකිනෙකාගේ දෑස් තුල සැනසෙන්නට විය.....ඉවසුම් නැතිවූ කල ඇගේ මැදිරියට ගොඩවැදුන මා ද ඈ අසලින්ම ඉදගත්තෙමි...
ඒ මොහොතේම ලා රෝස පැහැ වූ දෙතොල් මගේ නලලත ස්පර්ශ කරන බව මට දැනිනි....ඒ ස්පර්ශයට දෑස් පියවීගියා පමණක් නොව හදවතද වේග රිද්මයකට රිදුම් දෙන්නට විය....
සමහර විට ඒ මොහොත අයිති වන්නේ අප දෙදෙනාට පමණක්ම විය හැක....නැත්නම් තවත් කවුරුන් හෝ අපේ ප්‍රේමයේ සාක්ෂිකරුවන් වී ඉන්නට ඇත...අපේ ලොවක තනිවූ මොහොතේ අනෙකාගෙන් අප දෙදෙනාටම තව දුරටත් ඵලක් නොවීය....
සමාජ සම්මත අසම්මත බව නලලත තවරන සෙනෙහෙබර හාදුවකට තවදුරටත් වලංගුදැයී මම නොදනිමි..... එය කෙසේ වුවත් සෙනෙහසට සීමා මායීම් රහිතව අනන්තයක් තෙක්ම පියඹා යන්නට ඉඩ ඇත. එහෙයින් අර්ථ විරහිත වැටකටොලු තවත් කුමකටද.....
නැවතත් ශබ්ද විකාෂනයේ ඝෝසාවට දුම්රියෙන් බැසුණු මා , දුම්රිය දෑස් මානයෙන් ඉවතට යනතෙක්ම එය දෙස බලා නොසිට ඈ ගිය මගට විරුද්ධ දෙසට පා ඉක්මන් කලෙමි....
දුම්රිය ස්ටේෂමෙන් එලියට පැමිණි මා දුටුවේ අඩන්නට සැරසෙන කොළඹ අහසයි.... එය ඇය නික්ම යන්නට ඇසිල්ලකට පෙර ඈගේ මුහුණෙහි වූ වේදනාවන් යලිත් මට පසෙක් කලාය.....
ඇගේ දෑසින් ගලාගිය කදුළු බිදු කොළඹ අහසින් රූටා වැටෙන්නට පෙර මා ඉක්මන් වී තුන්රෝද රථයකට ගොඩවූයේ ප්‍රේමයේ තවත් මතක ගොන්නක් හිතේ සගවාගනය...
අපි හමුවනු ඇත.....අපි වෙන්වනු ඇත.....නැවතත් ආයේ හමුවනු ඇත....
ඒත් මතක ඒ මොහොතටම පමණක් සදාතනිකවම අයිති වනු ඇත....
YOU ARE READING
මතක - MEMORIES
Randomමේ මගේ ජීවිතය , මේ ඔබේ ජීවිතය , මේ අපේ ජීවිතය , ඔව් මේ අපි හැමෝගම මතක වෙන්න පුළුවන් ප්‍රේමයේ මතක වෙන්න පුළුවන් ප්රේමය නමින් රැදුනු හැම හැගීමකම මතක . එන්න ඇවිද යමු ඒ මතක මාවතේ . සත්ය සිද්ධීන් , ස්ථාන ඇතුලත්ව ඇත කන්ෆියුස් වීමෙන් වලකින්න LGBTQ...