මතක - 01

227 37 13
                                    


පරිප්පුයි , සෝයා මිරිසට එක්ක නමක් නැති හොද්දක පොගවපු ග්‍රෑම් විස්සක බරක් නැති චිකන් කෑල්ලක් එක්වුනු සුදු හාලේ බත , ජූස් බාර් එක ඉස්සරහ කොන්ක්‍රීට් බංකුවක ඉදගන අපි දෙන්න හිමි හිමිහිට බත් ගුලි කටට ලංකරේ යන්තමට දැනුන රස නිසාමයි . ඒ කෑමට තරගයක් නෑ මොකද අපි දෙන්නම පාන්දර ඉදන්ම උන්නෙ බඩගින්නක . දෙසීය පනහට නොවටිනා වුනත් මේ වෙලාවේ මේ බතත් අපේ බඩට සහනයක්.

" ඔයා මේ චිකන් කෑල්ල ඉවර කරන්න , මම කන්න අාස නෑ "

ඇය කොන්ක්‍රීට් බංකුවකින් නැගිටන අතරේ මට කීවේ කොන්ක්‍රීට් මේසේ මත තිබුන වතුර බෝතලේ මූඩිය විවෘත කරන අතරෙයි.

ඈ ගැන දන්නා නිසාම ඉතුරු කෑල්ල නොහිතම කටට දාගන ඇගේ වතුර බෝතලෙන්ම වතුරත් බීලා ජූස් බාර් එකේ සින්ක් එකෙන් දෑත් සෝදගන ආයේ එතනම වාඩිවුනේ මහන්සියට. පාන්දර ඉදන්ම ඇවිදපු මහන්සියට.

ඉරිදාවක් නිසාම ලමයි එකා දෙන්න ගියත් අපිට බාධාවක් වුනේ නෑ. හැමදාම එකිනෙකා හමුනොවන්න පින නොතිබ්බ අපි දෙන්නට මේ මොහොත මහමෙරක් .

ප්‍රේමය පටන්ගත් දවසක් දන්නෙ නැතිවුනත් අපිට හැමදාම ආවේ කරදර ඒ කරදර අපේ පාලනයෙන් තොර ඒවා . කොළඹදි කිලෝමීටර බර ගනනක පරතරය අතේ ඇගිලි ගානෙන් කියන්න පුළුවන් තරම් වුනත් අපිට හැමදාම දකින්න නම් පිනක් නෑ.

සමාජේ අසම්මත කියලා හංවඩු ගහපු බැදීමක සාර්ථකත්වයට මහන්සි වෙන්න ඕන . මිනිස්සුන්ගේ උකුසු ඇස් වලින් ගැලවිලා ජීවත්වෙන්න ඕන. කවදහරි එකිනෙකා තුරුලේ ඉන්නනම් අපිට තිබුන එකම ක්‍රමය සමාජෙන් ගේම ඉල්ලන එකට වඩා මෙහෙන් චුත වෙලා යන එක. ඒක නිදහසේ හුස්ම අරගන ඇගේ අතින් අල්ලාගන මිනිස්සු ගැන නොහිතා ඔහේ ඇවිදගන යන්න තරමටම නිදහසක්. ඉතින් අපි ඒකට වැඩ කරන්න ඕන.

අැගේ ඇස් අස්සේ හිරවුනු මට කාලය ගැන දැනීමක් නෑ. ඒ කළු පාට සිහින් දෑස් හැම උදේකම දකින්න ඇත්නම් කියා හිතුනත් එහෙම පිනක් තවම නම් නෑ.

" මොනවද බබා බලන්නේ "
ඈ මගෙන් ඇසුවේ ඇගේ සුපුරුදුම කෙලිලොල් ආමන්ත්‍රණයෙන්

" ඔයාව "

" ඔයාට පිස්සු "
ඇය එවිට හිමිහිට මගේ කන අගිස්ස පිරිමදින්ම මට කීවා.

" ආයේ කවදා ඔයාගේ උණුසුම දැනෙන්නද , අපි හැමදාම කතා කලත් මෙහෙම උණුහුමක් මට දැනෙන්නේ නෑ "

" කලබල වෙලා බෑනේ බබා , ඔයා එතකොට මම වගේ ලොකු කොට්ටයක් බදාගන ඒ මම කියලා හිතන්න "

"මට බෑ . ඔයා ඔයාම විතරයි "

" එහෙනම් තව ඉවසමු . තවම අපිට එකට ජීවත් වෙන්න තරම් කාලයක් ආවේ නෑ "
ඇය නැවත කීවේ මගේ සුරතේ පිහිටි රෝම කූප තදින් ඈ දෙසට අදින අතරේය.

" ආව්......රිදෙනවා "

" චුට්ටක් රිදුනට මොකද , හැමදාම නෑනේ "
ඈ නැවත නැවතත් ඇගේ දෑගිලි මගේ සුරතේ එහා මෙහා යවමින් සිටී.

" වහින්නත් වගේ "

" පොද වැස්ස පටන්ගත්තම යමුද , මට ඕන වැස්සක ඔයා ලග ඉන්න "

තවත් විනාඩි විස්සකට පසුව පටන්ගත් පොද වැස්ස සමගම ඇගේ කුඩය ඉහලාගත් අපි දෙදෙනාම ගේට්ටුවෙන් එලියට ඇවිත් දැවැන්ත මාර ගස් දෙපැත්තෙ පිහිටි ගෙන්දගම් පොලොව මත අපේ අඩි සමාන්තරව සටහන් කරේ අපේ මතකයන් මේ පොලොව මත සටහන් කරන්නාක් මෙනි.

සීතල සුලග එනවිට ඈ තව තවත් ලංවෙන අතරේ සියලු ඇස් වලින් වහන් වී අපි තවමත් එකිනෙකාගේ උණුහුමේ ඉදිරියටම යන්නෙ අපේ අනාගතය කොහොම වේදැයිවත් නොදැනයි.

ඒ අතර ගෙන්දගමේ රොබරෝසියාද හුලං සමග පාවී අපේ ඇස් ඉස්සරහින් එහා මෙහා යන්නෙ රෝස පැහැති පුංචි හදවත් විලසිනි. ඇගේ දෑස් ඒ දසුනේ සතුටුන් කාන්තියෙන් බබලද්දි මට දැනුනේ සැබෑවටම ප්‍රේමය ඇගේ සතුටම වේද යන්නයි.


මිනිසුන්ගෙන් ජීවිත වෙනස් ,
මේ අපේ ජීවිතය වෙන්න පුළුවන්
සත්‍ය සිද්ධීන් ඇසුරින් 😇.
hazii-k

මතක - MEMORIES Where stories live. Discover now