" පුදුම..? කේලන් මේ ලෝකෙ ආසම නැති කෑමවලින් එකක් තමයි සුප් කියන්නෙ.. සුප් කිව්වත් වමනෙ යනවා ඉස්සර එයාට.. "" මොනවා..? ඔයා ඔයා ඇත්තමද කියන්නෙ..??? "
" ඔව් එයා ඊයා ගාගත්තගමන් නම ඇහෙද්දිත්.. ඇත්තටම එයා මුකුත් කිව්වෙ නැද්ද සුප් එකට..? "
" නැහැනෙ.. මම රසද කියලා ඇහුවම ඔව් කියලත් කිව්වා.. "
" මටනම් බයෙත් බෑ.. එයා සුප් එකක් බීලා, වමනෙ නොදා හිටියා කිව්වම, මට අදහාගන්නවත් බෑ.. "
" මම එහෙම දෙයක් දන්නෙ නැහැනෙ.. "
" ඒ යකා සුප් බොන්නේ නෑ රියැන්.. මට හිතාගන්න බැහැ, ඇයි ඒකා සුප් එක බිව්වේ කියලා.. එක්කො එයා සිහියෙන් නෙවෙයි ඉදලා තියෙන්නේ.. එහෙම නැත්තම් වෙන කෑමක් කියලා රැවටිලා... "
" නෑ නිකී... එයා ඒක ඉවර වෙනකන්ම බිව්වා.. මුකුත් ඇහුවෙත් නැහැ... "
" ආහ්..? මේකට මොනා වෙලාද..?? යකෙක්වත් වැහිලද..? ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මොළේ හෙල්ලිලා වගේ... "
" රියෑ........ න්.... "
කේලන් උඩ තට්ටුවේ ඉඳන් යටි ගිරියෙන් මගේ නම කියලා කෑ ගැහුවම, බයවුණ මමයි නිකීයි පඩිපෙළ දිගේ කේලන්ගේ කාමරේට දිව්වේ බයෙන්...
@thekelan'sbedroom
" යා...හ්.. මොන කෙහෙම්මලකටද මේකට සුදු ළූණු දැම්මෙ..??? ඊක්කා.. "
" හත්තික්කේ සුදු ළූණු..?? සුදු ළූණු කියලද කිව්වෙ..? හරි රියෑන්... දැන් බඩු බනිස්.. "
" සුදු ළූණු නොදා කවුද සුප් හදන්නෙ..?? අනික ඔයා මුකුත් කිව්වෙ නෑනෙ කේලන්.. "
" ඔව් කිව්වේ නෑ... මොකද මම ඒ වෙලාවේ ඒවා තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑනේ... මෙයා මේකට තව මොනවා දාලද දන්නෙ නෑ... ඊව්... "
" දැන් උඹ කොහෙන්ද ඔය සුදු ළූණු කෑල්ල දැක්කේ..? "
" කෑල්ල..?? මොන කෑල්ලක්ද නිකී.. මේකි සුදු ළූණු ගෙඩියම දාලාද කොහෙද... මට තාම වමනෙට එනවා.. "
" ගෙඩියක් දැම්මේ නෑ මම හරිද.. කෑලි දෙක තුනයි දැම්මේ... "
" මෙයාට සුදු ළූණු ඇලජික් රියෑන්.. සුදු ළූණු සුවඳටත් මෙයා වමනෙ දානවා.. හරි දැන් කේලන්, උඹ මොකද වෙනදා බොන්නැති සුප්, අද බොන්න ගියේ..?? "
YOU ARE READING
|<| SILENT SCREAM |>|
Teen Fiction|| ' No one and nothing can ever stop, you from being the person you want to be.. love who you want, be who you want.. Love is Love ♡ ' where there is love, there is life.. heart to heart, there is no force strong enough to tear the love apart.. . ...