රියෑන් එකපාරම මගෙ ඇඟපුරා වමනෙ කළා.. මගෙ මුළු ඇඳුමම කිලිටි වුණා.. ඊටත්වඩා මම පුදුමවුණා, රියෑන් පිස්සු හැදිලා වගේ මගෙ රූම් එකේ නටපු පිස්සුවට.. මම කවදාවත් එයාව ඒ විදියට දකින්න හීනෙකින්වත් හිතුවෙ නැහැ..
" ඔහ්.. ශිට්.. මොකද්ද ඔයා ඒ කළේ ආහ්...?? දැන් මම කොහොමද- ආර්ශ්... "
" ඔහ්.. කවුද.. කවුද ඔයාගෙ ඇඳුමට ඔහොම කළේ..?? එන්න.. එන්න අපි.. අපි ඕක සෝදමු... යමු.. "
" රියෑන් මොකද මේ..?? යාහ්... මොකද්ද ඔයා කරන්න හදන්නෙ..? "
" මෙහෙම ගත්තා... මෙහෙම සේදුවා.. "
" යාහ්.. ඕක.. නවත්තන්න රියෑන්.. ආහ්... ආයිශ්... "
හිතන්න කලින්, රියෑන් මාව වොශ් රූම් එකට ඇදගෙන ගියා... මම දන්නෙ නැහැ, ඇයි මම එයාව නැවැත්තුවෙ නැත්තෙ කියලා.. බාර්ත් ටබ් එකට මාව තල්ලු කරපු එයා, මාව සම්පූර්ණයෙන්ම වතුරෙන් තෙම්මුවෙ, මහ හයියෙන් හිනාවෙවී..
බොහොම අමාරුවෙන්, හෑන්ඩ් ශවර් එක මගෙ අතට ගනිපු මම, රියෑන්ව තද කරලා අල්ලගත්තා.. මම විතරක්ම නෙවෙයි... එයත් වතුරෙන් තෙත්වෙලයි හිටියෙ, කරපු බූත වැඩේ නිසා.. චූටි පොඩිඑකෙක් වගේ මගෙ දිහා බලපු විදියට, මට එයාට බනින්න හිතුණෙ නැහැ..
මෝඩි, වැනෙන්නම බීලා කිසිම සිහියක් නෑ... අන්තිමට එයාව විතරක් නෙවෙයි මාවත් තෙමුවා... ඔයාගෙන් මම දකින්නේ හුරතල්කම විතරමයි රියෑන්... කොහොමහරි දඟලලා දඟලලා රියැන්ව වොශ් රූම් එකෙන් එලියට ඇදගත්ත මම එයාව ඇඳ උඩින් ඉන්දෙව්වා... ඒ ඉඳගත්තත් ඉඳගත්ත තැන එහෙම්ම ඉඳගෙන රියෑන්ගේ ඔලුව දෙපැත්තට වැටෙනවා... ඉක්මනට ෆෝන් එක අරගෙන මම ඒ මොහොත කැප්චර් කරගත්තේ ආයි මෙහෙම අවස්තාවක් මට එන්නේ නැතිවෙයි කියලා මම හොඳින්ම දන්න නිසා...
රියෑන්ගේ කම්මුල් දෙක හොඳටම රතු වෙලා, කොන්ඩෙත් හොඳටම තෙමිලා... රියැන් ලෙඩ වෙයි කියලා බය හිතුන නිසා මම ඉක්මනට බාත් රොබ් එකක් ගත්තේ මට එයාගේ ඇඳුම් මාරුකරන්න බැරි නිසා... අහක බලාගෙන තෙත ඇඳුම් ටික අයින් කරපු මම එයාට බාත් රොබ් එක ඇන්දුවා... ඩ්රයර් එක අරගෙන රියෑන්ගේ කොන්ඩේ වේලපු මම රියෑන්ව ඇඳ මැද්දට උස්සන් ගිහින් ඔලුව කොට්ටයක් උඩින් තිබ්බා... රියෑන් ගාවින් දණ ගහගත්ත මම මූණට වැටිලා තියෙන රියෑන්ගේ දිගම දිග කොන්ඩේ මූණෙන් ඉවත් කරන්න පටන් ගත්තා... තද නින්දේ ඉන්න රියෑන්ව නැගිට්ටන්න ලෝබකමට මම එයාගේ කොන්ඩේ ඇල්ලුවෙත් ගොඩක් පරිස්සමින්... එහෙමම ටිකක් ඉඳපු මම නැගිටලා වොෂ් එකක් දාගන්න ගියා...
![](https://img.wattpad.com/cover/308238484-288-k373520.jpg)
YOU ARE READING
|<| SILENT SCREAM |>|
Teen Fiction|| ' No one and nothing can ever stop, you from being the person you want to be.. love who you want, be who you want.. Love is Love ♡ ' where there is love, there is life.. heart to heart, there is no force strong enough to tear the love apart.. . ...