..
..
..
හිත හිත ඉන්න වෙලාවක් තිබුණෙ නෑ කටට ආව පළවෙනි බොරුව මං කියලා දැම්මා..බොරු හිත හිත ඉන්න ගියොත් අහු වෙනවනේ ඒක මං ගොතපු එකක් කියලා..
..ආ...ඕකද...ඕක මං අහුල ගත්තෙ පාරෙ තිබිලා..කාගෙද දන්නෙ නෑ..ඔයාට පුලුවන් නෙ අයිතිකාරයා හොයලා දෙන්න..මට වඩා ඉතින් ඔයා මේ පළාත ගැන දන්නවනේ..
ඒක කියලා මං පෙට්ටිය අතට දෙද්දිත් කොල්ලගෙ ඇස් දෙක වෙනදටත් වඩා දිලිසුනා..ඕන ඔට්ටුවක් මෙයා කරන්නෙ අයිතිකාරයා හොයලා දෙනව වෙනුවට ඒක ඇරලා බලලා ඇතුළෙ තියෙන දේ ගන්න එක..ඒ ගැන හොඳටම දන්න හින්දයි මං ඒ වගේ බොරුවක් කිව්වෙ..කොල්ලගෙ විනෝදාංශෙ තමා අයිතිකාරයො නැති බඩු උස්සන එක..හොරකම් කරනවා නෙවේ කොහොමටවත් ම අයිතිකාරයෙක් හොයා ගන්න විදිහක් නැත්නම් ඒක කෙලින්ම යන්නෙ ජාන්ගෙ කබඩ් එක අස්සට..ඒකත් මරු වැඩේ..ඕක මං දැන ගත්තෙ බෝගේ ගෙ උපන් දිනේට ගත්ත තෑග්ග වැරදිලා මගෙ අතින් වැටිලා ආපහු ගන්න ගියාම කොල්ලා ඒක අරන් එයාගෙ කියලා මං ඉස්සරහම ගස්සගෙන ගේ ඇතුලට ගිය වෙලාවෙ..අපේ එක්කෙනාටත් මොකෝ උඩ පැනලා කිව්වෙ ශෝක්නෙ මරුනෙ කියලා..එයාටත් මොකෝ මගෙ සල්ලිනෙ..ඔන්න එදා ඉඳන් තමා මට උනේ ජාන්ට පේන්න හැමවෙලාවෙම එක එක ඒවා බිම අතෑරලා යන්න..මටත් මොකෝ මගෙ සල්ලි නෙවේනෙ..අද නම් ඉතින් මේ බොරුව කියන්න උනේ කොල්ලව ගෙට යවන්න තිබ්බ ඕනකම හින්දයි..නැත්නම් අදත් මේක එයා ගාවට යන්නෙ වෙන බොරුවක් විදිහට තමා..ගිය පාර මගෙ උපන් දිනේ..ඊට කලින් පාර මගෙ බෝනස් දවස..මේ පාර බිම තිබිලා අහුලගත්තා කිව්ව එක..වෙලාවකට හිතෙනවා මං කියන හැම බොරුවක්ම විශ්වාස කරන තරමට ජාන් මෝඩද කියලත්...කොහොම හරි ඉතින් දෙන්න ඕන දේ එයා ලගට යනවා නම් ඇතිනෙ..
..එහෙනම් ඕක අයිතිකාරයාව හොයලා දෙන්න හොදේ..
හීනෙන්වත් ආපහු දෙන්නෙ නෑ කියලා දැන දැනම මන් එහෙම ඇහුවා..
..මොනා අහනවද අනේ..දෙන්නම්කො වැඩේ තිතට..ඔන්න හෙට වෙද්දි මේක අයිතිකාරයා ලගට ගිහින් තියෙයි..ශියන් ගාගා මගෙ වචනෙ විශ්වාස කරන්නකෝ..මට දුන්නා කියන්නෙ ඉතින් ආය බැංකුවේ දැම්මා වගේ තමා..
YOU ARE READING
🌹WAITING FOR YOU ( Short Ff ✔ )🌹
Short Story...තවමත් මග බලා හිදිමි.... ..සුසුමද රැගෙන ඔබ පැමිණෙන තුරු..