🥀0️⃣4️⃣🥀

337 91 7
                                    

..

..

..

   අදත් සෙනසුරාදාවක්...ඒකෙ තේරුම අද දවසටවත් බෝගේව ජනේලෙ ගාවින් අයින් කරගන්න බෑ කියන එක..වෙන අයට සෙනසුරාදාවක් කියන්නෙ නිවාඩුවක් උනාට මට සෙනසුරාදා තමා වැඩ වැඩිම දවස..ඒ වෙලාවට තමා මට බෝගේගෙ හැම වැඩකටම දුවන්න වෙන්නෙ..ජාන්ට එක එක ඒවා ගිහින් දෙන්නයි,එයා යන්නෙ කොහෙද බලන්නයි, කැමරාව අල්ලන් පස්සෙන් දුවන්නයි,ඒ මදිවට කවුරු හරි කොල්ලට කරදර කරන්න ආවොත් පස්සෙන් ගිහින් උන්ට නෙලන්න උනෙත් මේ පැත්තක ඉන්න අසරන මටම තමයි...මේ කරන වැඩ කන්දරාවට මිස්ටර් වන්ග් මට මේ ගෙවනවා හොඳටම මදි..අපේ එක්කෙනත් දන්නෙ වැරැද්දක් උනු ගමන් ඇගට පනින්න මිස මගෙ මහන්සිය ගැන හිතලා සලකන්න් නෙවේනෙ...මට සැලකිලි නම් ඕන නෑ..මං ඕවා කරන්නෙත් සැලකිලි බලාපොරොත්තුවෙන් නෙවේ..ඒ උනාට ඉතින් එහෙම ඇහුවා කියලා වැරැද්දකුත් නෑනෙ අප්පා..

  මං මුරකාරයා වගේ ජනේලෙ ගාව හිටිය බෝගේ ගාවට ගියා...හරිනෙ ඔය දාන් ඉන්නෙ රබර් ඇහැ..නිවාඩු හින්දා ජානුත් ඉතින් පොඩි උන් සෙට් එකක් වට කරගෙන නටනවා..වැහැලා වතුර වලවල් තියෙනවා කියලා ගානක්වත් නෑ උඩ පැන පැන දගලනවා..මිසිස් ශියෝ උදේ පාන්දර ම කොහෙ හරි ගියා මං හිතන්නෙ..නැත්නම් මෙයා කොහෙද මෙහෙම නටන්නෙ..මොනා උනත් පවු හැබැයි ..ඊයෙ රෑම කෑ ගැහුවා ගහන්න එපා කියලා..මිනීමරනෝ බේරගන්ඩෝ කියලත් මේ කොල්ලා කෑ ගැහුවනේ..වටේ අය කොල්ලා ගැන දන්නෙ නැත්නම් අහන් ඉන්න කෙනෙක් හිතන්නෙම ඒ ගෙදර ලමා හිංසනයක් වෙනවා කියලා...මොනා උනත් මට හිතෙන්නෙම ජාන් ගුටි කෑවෙ වැස්සෙ තෙමුනු එකට විතරක් නෙවේ කියලා..අනිවාර්යයෙන්ම මොනා හරි නසරානි වැඩක් කරලම තියෙනවා..කෑ ගැහිල්ලෙ හැටියට පොඩි වැරැද්දක් නම් වෙන්න බෑ...සැමුවෙල් අන්කල් වාහනේ රෝද හතරෙම හුලං නෑ කියලා කෑ ගගහා හිටියා..ඒකත් මෙයාගෙම වැඩක්ද කියන්න බෑ..කොහොමත් කොල්ලා ඔය මූලග්ගිනි කාරයත් එක්ක හිත හොද නෑනෙ..

     ඇත්තටම මේ කොල්ලට පිස්සුද මන්දා සීතලේ ජර්සියක්වත් අදින්නෙ නැතුව පොඩි සෙට් එක එක්ක එල්ලෙ ගහනවා...ඕන ඔට්ටුවක් ජාන් ඔතනත් හොර කරනවා..කොල්ලට අවංකව වැඩ කරලා කිසිම පුරුද්දක් නෑනෙ..සෙට් එක සෙල්ලම් කරන්නේ ජාන්ගෙ ගේට්ටුව ඉස්සර තියෙන ඉඩේ..මේ පළාත නගරෙන් ටිකක් ඇතුලට වෙන්න තියෙන නිසා එච්චර ගොඩනැගිලි ගොඩක් නෑ... මෙහෙ කඳුවලින් වට වෙලා සීතලක් එක්ක හැමතැනම ලස්සන ගස් තියෙනවා ..පාර කෙළවරේ තාප්පවලින් වට වෙලා තියෙන මේ ගෙදරට පහල තියෙන දේවල්වලින් බාගයක්ම පේනවා..පාර වගේම පේන මානෙ තියෙන ජාන්ගෙ ගෙදරත් කොතනට නැතත් මේ ජනේලෙ ලගට නම් පේනවා..කොල්ලගෙ ගේ ඇතුළෙ කෑම හදන  එකේ ඉඳන් ජනේලෙ ලගට වෙලා පාඩම් කරනවා කියලා ෆෝන් එක ඔබන එක වෙනකම් බෝගේට හොඳටම පේනවා..ඒත් ඉතින් ගේ ටිකක් පාරට එහාට වෙන්න තියෙන නිසා හැමවෙලේම ජාන්ගෙ මූන පැහැදිලි ව බලාගන්න බෑ...හැබැයි මිදුලට බැස්ස ගමන් ඕන හැටියට කොල්ලගෙ මූන වෙනස් වෙන විදිහ පේනවා..අපේ එක්කෙනා ජනේලෙ ළඟ කැමරාවක් හයි කරලා තියෙන නිසා ඈත හිටියත් ලං කරලම ජාන්ගෙ මූන පැහැදිලිවම බලාගන්න පුලුවන්කම තියෙනවා..එහෙම තියෙද්දිත් මෙයා මට නිදහසේ ඉන්න දෙන්නෙ නැතුව කරන්නෙම පස්සෙන් යවන එක..එක තප්පරයක්වත් මට ඉඳන් ඉන්න දෙනවද...කැමරාවක් ළඟ තියාගෙන ඉද්දිත් මං යන්න ඕන ඒ පිස්සු කෝච්චිය පස්සෙන් මගෙ ෆෝන් එකේ කැමරාව උස්සන්..ඔව් ඉතින් ජනේලෙ ළඟින් එහාට ගියාම එයාට තියා කැමරාවටවත් ජාන්ව අහු වෙන්නෙ නැති එකේ මට යන්න වෙනවා තමා..

🌹WAITING FOR YOU ( Short Ff ✔ )🌹Where stories live. Discover now