..
..
..
මං ජාන් දිහා බලන් ඉන්නෙ ගොඩක් වෙලාවක ඉඳන්..ඒත් එයා තාමත් සොහොන ගාවට වෙලා ඉවරයක් නැතුව අඩනවා..හිනා වෙලා සතුටින් ඉන්නවා කියලා පෙන්නන හැමෝම සතුටින් නෙවේ..අනිත් අයට පෙනුනට හිනා වෙලා ඉන්න අයට ප්රශ්න නෑ කියලා ඇත්තටම වෙන්නෙ එයාලා තියෙන ප්රශ්න හිනාවකින් වහගෙන හිතේ හිර කරන් ඉන්න එක..මට අනුව ඒක තමා කරන්න පුලුවන් හොඳම දේ..ප්රශ්න ගැන හිතලා දුක් වෙනවට වඩා හිනා වෙලා ප්රශ්නවලට මූන දෙන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම ඒ කෙනාට ජීවිතේ දිනන්න පුලුවන් ..ජානුත් එහෙම කෙනෙක්..කාටවත් ම කියන්න බෑ හිනා වෙලා නසරානි වැඩ කරන කොල්ලා හිතේ මේ තරම් දුකක් හිර කරන් ඉන්නවා ඇති කියලා...කවරයෙන් පොත ගැන මනින්න එපා කියලා කියන්නෙ කය කහනවට නෙවේනේ..මිනිස්සු හිතන්නෙ සල්ලි තියෙන නිසා බෝගේටත් ප්රශ්න නැතුව හැමදාම හිනා වෙලා ජොලියෙ ඉන්න පුලුවන් ඇති කියලා..මොන විහුලුවක්ද..ප්රශ්න හැමෝටම තියෙනවා..එහෙම කියලා ඒ ගැන ලෝකෙටම කියලා කෑ ගහලා අඩලා වැඩක් තියෙනවද..එක්කො ප්රශ්නවලට උත්තරයක් හොයන්න ඕන නැත්නම් ප්රශ්නත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන..හරියට ඒ දෙන්නා වගේ..බෝගේ එයාගෙ වේදනාව සල්ලි නිසා වහගෙන ඉද්දි ජාන් කලේ හිනාවකින් එයාගෙ ප්රශ්න හංගන් හිටිය එක..ඉතින් කවුරුහරි කියනවද ජීවිතේ ගැන ඉගෙන ගන්න පරිණත වෙන්නම ඕන කියලා..ජීවිතේට මුහුන දෙන්න ශක්තිය දෙන්නෙ අත්දැකීමුයි දරාගැනීමයි මිස ඉලක්කමක් විතරක් වෙන වයස නෙවේ...
ජාන්ගෙ මූන රතු වෙලා..බොර පාට වෙලා තිබ්බ ඒ ඇස්වලින් තාමත් කදුලු වැටෙනවා..ලිලී මල් පොකුර සොහොන් කොත උඩින් තියලා ජාන් ආපහු හැරුනෙ පිටි අල්ලෙන් ඇස් දෙක පිහින ගමන්..එයා සොහොන ලගට වෙලා කිව්ව කිසි දෙයක් තේරුණේ නැති උනත් හිතේ තියෙන හැම වේදනාවක්ම ඒ මූනෙන් හොඳටම පෙනෙද්දි මං ඉක්මනටම ගහකට මුවා උනා..මට කොහෙත්ම මේ වෙලාවෙ බෝගේට ජාන් ඉන්න තත්ත්වෙ පෙන්නන්න ඕන උනේ නෑ..මොකද මං දන්නවා ජාන්ගෙ කදුලු දැක්කොත් එයත් නවත්තන්නෙ නැතුව එකදිගට අඩනවා කියලා..ජාන් බොරළු පාරේ ඇවිදගෙන යන්න ගත්තෙ ඇවිදින මල කඳක් වගේ..වෙනදට නිකම් තියෙන මල් අත්තක් හරි ඇඳන් ගිය කොල්ලා අද හරිම සන්සුන් විදිහට ඇවිදගෙන ගියා..ඒ දිහා බලන් ඉද්දි මටත් ඇති උනේ ලොකු දුකක්..ඒත් මටත් කියලා කරන්න පුලුවන් දෙයක් තියෙනවද..අහිමිවීම් දරාගන්න පුරුදු වෙන්න ඕන..ජීවිතේ හැමදාම හිමිවීම් විතරක් තියෙන්නෙ නෑ කියලා එයා ඉගෙන ගන්න ඕන..මම ගෙවල් ලගට යනකම් ජාන්ගෙ පස්සෙන් ගියා..මුලින් මුලින් පණ නැතුව වගේ හිටියට දැන් කොල්ලා ටිකක් කලින් තත්වෙට ඇවිත් වගේ..ඒක හොදයි..ජීවිතේ සතුට තියෙන්නෙ අල්ල ගත්තු තැන්වලට වඩා ඒ දේවල් අතෑරපු තැන්වලයි..
YOU ARE READING
🌹WAITING FOR YOU ( Short Ff ✔ )🌹
Short Story...තවමත් මග බලා හිදිමි.... ..සුසුමද රැගෙන ඔබ පැමිණෙන තුරු..