⚠️•02• 𝐀𝐆𝐀𝐈𝐍 ⚠️

1K 262 149
                                    

⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️

සෝල් වලින් බැහැපු කෙල්ල ටැක්සි එකක් අරගන එන්න ආවෙ සෝල් යුනිවර්සිටි එකට ටිකක් පිටිපස්සට වෙන්න උන්න එයාගෙ යාලුවෙක්ගෙ ගෙදරට...

ඩොක් ඩොක් 🔔🔔 .......

දොර ඇරෙනවත් එක්කම මූන හිනාවකින් පුරෝගත්ත හාරි ගෙදර ළමය එක්ක හිනා උනා. ඒ හිනාව ක්ශනිකවම පුදුමයක් බවට හැරුනා...

Hari : අන්‍යොංහාසේයෝ මම .... 😊 හාහ් 😯... ඔ.. ඔයා...

Temo : යාහ්... ශින්හාරී... 😯.. මයි ගෝඩ්...
මේ ඔයා තමා මගෙ පිස්සු කෙල්ල..

පැනපු ගමන් දොර ඇරං උන්න හැන්ඩ්සම් කොල්ල කෙල්ලව තදින් වැලඳගත්තෙ නැති වෙලා තිබුන දෙයක් ආය හම්බුනා වගේ...

Hari : යාහ්... මාව අතාරින්නකො.. හුස්ම ගන්නත් බෑ.... 🙄...

Temo : ආහ්.. මියාන්හ්...
ආහ්.. ඔයානම් ඒ හිටපු පිස්සු කෙල්ලමයි මෝඩි.. එන්න ඇතුලට.... 😄...

කෙල්ල රතු උන කම්මුල් දෙකත් අල්ලං ගෙට ගොඩ උනා... මාර ලස්සන ගෙයක්. හරිම විශාලයි... කෙල්ල සෙටියකින් වාඩි උනාම තෙමෝත් කෙල්ල ලඟට ඇවිල්ල වාඩි උනා...

Temo : කවද්ද මෝඩි ආවේ ?? 😊
ඇයි ආ නම්බර් එක වෙනස් කලේ.. මං කෝල් කොච්චර ගත්තද 😒...

Hari : ඊයෙ... ම්ම්..
මං ආවෙ ගෙදර යතුර ඉල්ලං යන්න. අප්ප කිව්ව ඔයාගෙ ඔම්මට ගෙදර යතුර දීල ගියේ කියල.... 🙄

Temo : ආහ්.. ඔව් ඔව් ....
ඔම්ම නැති වෙද්දි මට ඒ යතුර දුන්න. ඒත් හාරියා ඔයා එහෙ තනියම ඉන්න ඕන නෑ.. මං එක්ක ඉන්න මෙහෙ...

Hari : අනේ බෑ ...

Temo : මං තාම ඔයාට ආදරෙයි හාරියා.. 😕
ඔයා අදත් මාව රිජෙක්ට් කරනවද ?

Hari : අනේ මට යතුර දෙන්න මං යන්න ඕනා..
අනික මං ඔයාට අද දෙන්නෙත් එදා දුන්න උත්තරේමයි... 😐...

Temo : මට ඔයාට කිසිම අඩුපාඩුවක් නොකර බලාගන්න පුලුවන් හාරි... 😕..
ඇයි මාව රිජෙක්ට් කරන්නෙ ??
ඔයා කැමති කෙනෙක් ඉන්නවද ??

Hari : එහෙම නෑ...

තෙමෝ කිව්වෙ හාරිගෙ මූනට ලං වෙන ගමන්ම.. ටක් ගාල සෙටියෙන් නැගිටපු කෙල්ල ටිකක් අහකට ගියා...
තෙමෝ අවුරුදු ගානක් තිස්සෙ ඉස්කෝලෙ යනකාලෙ ඉඳං හාරිට ආදරේ කලා.. ඒත් හාරිට ආදරය කියන මාතෘකාව කරදරයක් විදිහට පෙනුන නිසා එයා අහපු කාටවත් කැමැත්ත දුන්නෙ නෑ.. එයාට ඕන උනේ ඔක්කොම එයාගෙ යාලුවො වෙන්න... තෙමෝ තරහින් නැගිටල ගිහිල්ල යතුර ගෙනල්ල කෙල්ලට දුන්නා..

𝐀𝐠𝐚𝐢𝐧 𝐬𝐞𝐨𝐬𝐞𝐧 1/ 𝐒𝐆 🔴   ✔️Where stories live. Discover now