Part 1 ❤️

2.5K 266 40
                                    

" සේහා..... මේ කෑම ටික හැල්මුනීට දීලා එන්නකෝ. "

" හරි ඔම්මා. "

ඔම්මා හදලා දීපු කෑම ටිකත් අරන් මන් අපේ ගෙදරයි එහා ගෙදරයි වෙන් කරලා තියන අපෙ ඔම්මට රටක් රාජ්‍යයක් තරම් වටින රෝස පඳුරු ටික අස්සෙන් රිංගලා ආවෙ එහා ගෙදරට. ඔය එක මලකට හරි මොනවා හරි වුනොත් එදාට තමයි හැමෝටම තේරෙන්නෙ අපෙ ඔම්මා මටයි මගෙ මල්ලිටයි වඩා මල් පැල වලට ආදරෙයි කියලා.

අපේ මල්ලිගෙ නම සෝහා. වයස දාසයයි. තාම ස්කූල් යන පොඩි කොල්ලා. කොයි වෙලෙත් ක්‍රිකට් බැට් එකයි බෝලෙයි අරන් ගේ වටේ මගෙ ගාෆීල්ඩ් එක්ක දුවන එක තමයි එයාගෙ රාජකාරීය. මල්ලිට මන් වගේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන වුණත් අපෙ ඔම්මනම් කියන්නෙ උඹට තියන ඔය දැඟලිල්ලට දොස්තර නෙවේ කොන්දොස්තර රස්සාවක්වත් හොයා ගන්න බැරි වෙයි කියලා. ඒ තරමට ක්‍රිකට් විසේ. මල්ලිගෙ බෝල පාරවල් වැදිලා දැනට අම්මගෙ මල් පෝච්චි දහයක් පහළොවක් බිඳිලා තියනවා. ඒ හැම පාරම ඔම්මා මල්ලිට හැරුණු තැපෑලෙන් එයාගෙම ක්‍රිකට් බැට් එකෙන් හොඳ හයේ පාරවල් ටිකක් දෙනවා. ඒ තරම් සතුටක් මට වෙන කොයින්ද ඉතින්.

" ඒයි ගාෆීල්ඩ් ඔයත් ආවද. කෝ යන්න ගෙදර. ස්නෝවීට අහු වුනොත් මට ඔයාගෙ කෑලි අලවන් තමයි ගෙදර ගෙනියන්න වෙන්නෙ. "

මන් කියන දේ අහන කෙනෙක්ට ඉන්නෙ අපේ ගාෆීල්ඩ් විතරයි. මන් යන්න කිව්වම ගාෆීල්ඩ් යන්න ගියේ ලොකු මොඩ්ල් කෙනෙක් වගේ ලස්සනට පස්සත් නටව නටව. ගාෆීල්ඩ් කියන්නෙ මගේ පූස් පැටියා. පැටියා කිව්වට හෙන ලොකුයි ඉතින්. ස්නෝවී කියන්නෙ එහා ගෙදර හැල්මුනීගෙ බලු තඩියා. අපේ ගාෆිල්ඩ්ව පේන්න බෑ ඔය කෙල බෝලෙට. ස්නෝවිගේ වැඩේ මාව දකින කොට ලෙව කන එක. හිතන් ඇති මන් මස් කට්ටක් කියලා.

හැල්මුනීට අපේ ඔම්මා මොනවහරි විශේෂ දෙයක් හැදුවම හැමදාම දෙනවා. හැල්මුනිත් එහෙමයි. හැල්මුනී කිව්වට එයා අපේ හැල්මුනී නෙවේ. වෙන කාගෙදෝ කෙනෙක්. දැන් ඉතින මගේ හැල්මුනී වගේ තමා.

" හැල්මුනී..... හැල්මුනී....... හැල්මුනී....... හැල්මුනී............... "

හැල්මුනීගෙ කන් ඇහෙනවා ටිකක් අඩුයි. ඒකයි මන් මේ මගේ සැඟවුණු හැකියාවන් භාවිත කරේ. වෙන මොනවද ඉතින් මගේ ඝණ්ටාර කට හඬ තමා.

- එහා ගෙදර අමුත්තා - (✓)Where stories live. Discover now