Part 3 ❤️

1.4K 243 51
                                    

මන් පණ එපා කියලා දුවන්න හදද්දි ආපහු කවුරුහරි මගේ ජනේලෙට මොකකින් හරි ගැහුවා. ඒ වෙලාවෙ තමයි මම දැක්කෙ අඹ ගහ දිගේ බඩ ගාගෙන එන ජන්ග්කුක්...

" දෙයියනේ මෙයා ඇයි මගෙ බැල්කනි එකට එන්නෙ. "

ජන්ග්කුක් ගහෙන් බැහැලා බැල්කනි එකට ගොඩ වෙලා ෆෝන් එකත් උස්සන් එහෙට කැරකෙනවා මෙහෙට කැරකෙනවා සක බඹරයක් වගේ.

" මෙයාට මොලේ අමාරුවක්ද. "

" අරහෙට සිග්නල් නෑ අප්පා. මන් මේ ආවෙ මෙහෙටවත් තියේද බලන්න. මන් දැක්කා ඊයෙ රෑ ඔයා මෙතන ඉඳන් ෆෝන් එක යූස් කරනවා. "

එහෙම කියලා මෙයා තා ටිකෙන් බැල්කනි එකෙන් බිමටත් පනිනවා සිග්නල් හොයන්න ගිහින්.

මන් හිතුවෙ මාව බලන්න ආවා කියලා. සැක් විතරක්. පෙම් සිත රිදුණා රත්තරනේ.

" ආ හ්යුන්.... හරි හරි සිග්නල් හොයා ගත්තා. "

පව් අසරණයා... එයාට සිග්නල් ලැබිලා නිකන් වස්කෝද ගාමා ඉන්දියාව හොයා ගත්තා වගේ. කාටද මන්දා වීඩියෝ කෝල් එකක් අරන් මහ හයියෙන් බෙරිහන් දෙනවා. අම්මට ඇහුණොත් එහෙම මටත් එක්ක ගහයි පොලු පාරවල් රෑ තිස්සෙ කොල්ලො ගෙන්න ගන්න කියලා.

" සේහා මොකක්ද ඔය සද්දෙ ආ.... "

අම්මාගෙ සද්දෙට ජන්ග්කුක්තුත් බය වෙලා ෆෝන් එක මියුට් කර ගත්තා.

" නෑ ඔම්මා මේ ගාෆීල්ඩ් ඇවිත් නිදියන්න දෙන්නෑ මට වද දෙනවා. ඔයා යන්න. "

ඔම්මා යනකන් ඉඳලා අර මෝඩයා ආපහු කතා කරනවා කාත් එක්කද මන්දා.

" ජින් හ්යුන්.... මෙහෙ සිග්නල් නෑ. එහා ගෙදර බැල්කනි එකේ ඉන්නෙ. "

" යා පොඩි එකා තමුසෙට පිස්සුද. ඔයාව අඳුරගත්තොත් එහෙම. "

" එයා මාව අඳුරගත්තා. "

" කවුද. "

මේ මනුස්සා මාව එක පාරටම ඇදලා අරන් මගෙ මූණ ඉස්සරහට අර තඩි ෆෝන් එක ඇල්ලුවා.

" මේ වඳුරු කෙල්ල හායි කියනවා. ඔය ජින් හ්යුන්. අඳුරනවනේ එයාව. "

වාහ් ඒ ෆෝන් එක එහා පැත්තෙ හිටියෙ මාර හැන්ඩ්සම් කෙනෙක්.

" හායි පැටියෝ. මම කිම් සොක්ජින්. You know.. I'm worldwide handsome. "

- එහා ගෙදර අමුත්තා - (✓)Where stories live. Discover now