Part 4 ❤️

1.3K 245 26
                                    

අන්තිමේදි මන් ඉතින් කොහොමහරි අර ජන්ග්කුක්ව අපේ ගම වටේ එක්ක යන්න ප්‍රොමිස් වුණා. හැල්මුනී දුන්න කෑම ටික කනකම් ජන්ග්කුක් ගියා ඇඳුමක් ඇඳන් එන්න. මන් ඒ වෙලාවේ හිමින් තාලෙ වැටෙන් පැනලා මගේ ට්‍රවුසර් එකකුයි ටී එකකුයි රෙදි වැලෙන් උස්සන් ආවෙ තාම මන් ඇඳන් ඉන්නෙ ඊයෙ රෑ ඇඳුම නිසා.

මන් හොරෙන් හොරෙන් යද්දි දැක්කා අම්මා මල්ලිට කෑම බෙදනවා. මේ පව්කාරයට ඇයි මෙච්චර වෙනස්කම් හූම්. මන් ආපහු හැල්මුනීලයි ගෙදරට යන්න හදද්දි දැක්කෙ මගෙ බයිසිකලේ.  කෝකටත් කියලා මම බයිසිකලෙත් උස්සගෙනමයි ආවෙ. මන් යද්දි ජන්ග්කුක් කළු පාටින් ඇඳලා මාස්ක් එකකුත් දාලා හිටියා. අර ගෝනිබිල්ලෙක් වගේමයි.

" ඔය මොකද ඕක උස්සන් එන්නෙ. පරණ යකඩ වලට විකුණන්නද "

මගෙ හිත හෝස් ගාලා ගියා දෙයියනේ. මගෙ අහිංසක බයිසිකලේට නේ මෙච්චර කැත කතා කියන්නෙ හූම්.

" මේක පරණ නෑ හැබැයි. මේකෙන් තමයි මන් වැඩටත් යන්නෙ. අපි දෙන්නට යන්න වෙන්නෙ මේකෙ තමයි අද. ඔයා ළඟ පොඩි බයික් එකක් වගේ මොකක්හරි තියනවද. "

" බයික් මොනාද නංගි. අර පිටිපස්සෙ දිලිසි දිලිසි තියෙන්නෙ මගේ බේබි. "

හනේව් මෙයාට බේබි කෙනෙකුත් ඉන්නවද.

" ඔයා​ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද ඉන්නෙ. "

" මොන ගර්ල්ෆ්‍රෙන්ඩ්ද. "

" දැන් කිව්වෙ අර බේබි කෙනෙක් කෙනෙක් බැබලි බැබලි ඉන්නවා කියලා"

" මගේ කාර් එක මෝඩ ළමයෝ. "

හම්මෝ කාර් එකට මෙයා බේබි කියලා කියනවද. මන් වගේ මෝඩ ළමයි ඕවට රැවටෙනවනේ හූම්.

" කාර් එකේ ගියොත් ආපහු එන්න වෙන්නෑ. ඔන්න ඔයාගෙ ඔය බේබි තියලා මෙහෙ එනවා මගෙ බයිසිකලෙන් යන්න. "

මන් බයිසිකලෙත් තල්ලු කරන් හැල්මුනීලයි ගෙදරින් ගියේ හැල්මුනී දීපු සැන්ඩ්විච් ටිකයි තව මොන මොනවද පොඩි පොඩි කෑම ජාති දාපු බකට් එකයිත් අරන්. ජන්ග්කුක්තුත් ෆෝන් එක එහෙට මෙහෙට කර කව කව සිග්නල් හොය හොය එනවා කොරවක්කෙක් වගේ.

- එහා ගෙදර අමුත්තා - (✓)Where stories live. Discover now