Part 5 ❤️

1.3K 238 29
                                    

" සේහා..... නැගිටින්නකෝ... සේහා... "

කවුද මන්දා කන පල්ලෙ ඉඳන් ලොකු ශබ්ද පූජාවක් වගේ. ඇස් ඇරලා බලද්දි ජන්ග්කුක් කෑ ගහනවා.

" වැස්සක් එනවා. ඉක්මනට යමු. "

දැන් තමයි මට මතක් වුණේ අර වෙලාවෙ මටත් හොඳටම නින්ද ගිහින් කියලා. වෙලාව බලද්දි දවල් එකයි. දෙයියනේ මන් මෙච්චර වෙලා නිදා ගත්තද.

පීච් ගහ යටින් නැගිටලා අහස දිහා බලද්දි වැහි වළාකුළු වලින් අහස බර වෙලා. පොද එක දෙක ඇඟට වැටෙද්දි ජන්ග්කුක් මගේ අතින් ඇදන් කන්ද පහළට දිව්වා.

" දැන් කොහෙද යන්නෙ. ගෙදරද. "

ජන්ග්කුක් මගෙන් අහද්දි මන් නෑ කියන්න ඔළුව වැනුවා. ඒ වෙද්දි පොද ගහන එක ටිකක් අඩු වෙලා තිබුණා.

" තව තැනක් තියනවා. එතනට යන්න නම් මාස්ක් එක දාන්න වෙයි. කමක් නෑනේ. "

" අයියෝ සුදු නංගි සිම්පල්නෙ. "

" යා ජන්ග්කුකී.... මන් සුදු නංගි නෙවේ සේහා. "

" මට එහෙම කතා කරන්නෙ හ්යුන්ලා විතරයි සුදු නංගි. "

" කොහොමද. "

" ජන්ග්කුකී කියලා. "

අනේ පව් පොඩි එකාට අයියලා ටික මතක් වෙලා වගේ. කටත් උල් කරන් ඉන් හැටි දැක්කම ලෝබයි.

" හරි හරි දැන් යමුකෝ. "

ජන්ග්කුක් මන් පාර කියන විදියටම මාවත් තියා ගෙන බයිසිකලේ පඳිනවා. වැහි පොදත් එක්ක අයිස්කැප් එකයි ජැකට් එකයි ග්ලවුස්තුයි තිබුණට පුදුම හීතලයි. ජන්ග්කුක් බයිසිකලේ බ්රේක් ගහපු පාර මම මහාමේරු පර්වතේ වගේ තියන එයාගෙ පිටේ හැපුණා. දත් ටික ලෙප්ට් වගේ හූම්. ඒත් හරි රස්නෙයි. තව ටිකක් ඒ විදියටම ඉන්න හිතයි.

" ඔයාට ඕන්නම් මාව බදා ගන්න සුදු නංගි. "

ජන්ග්කුක් හිනා වෙවී කියද්දි තමා මට සිහි වුණේ මන් තාමත් එයාගෙ පිටට හේත්තු වෙලා ෆුල් සැපේ ඉන්නෙ කියලා. මන් ඉතින් ආපහු පිටිපස්සට වුණා. ඒත් නිදා ගන්න නම් මරු පොට් එක හූම්.

" හෝව් හෝව් නවත්තන්න. "

" කෑ ගහන්න එපා හලෝ. මේක බස් එකක් නෙමේ. ඉන්න නවත්තනකන්. "

- එහා ගෙදර අමුත්තා - (✓)Where stories live. Discover now