"ටේහ්යුන්ග් අපිට බැරි වෙයිද එයාව ලූනා තනතුරෙන් අයින් කරන්න"
ඒ සිකුරාදා දවසක්. මේ වෙනකොට රෑ නවයත් පහු වෙලා තිබ්බා. ඇල්ෆා කිම් තමන්ට තේරෙන කාලෙ ඉදලම ඔහුගෙ හොදම මිතුරා උන පාක් ජිමින් එක්ක කතා කරන ගමන් හිටියෙ. ජිමින්ගෙ දෙමව්පියො රටින් පිට වෙලා තිබුනා ඇල්ෆා කිම්ගෙ වගේම ජිමින්ගෙ ඉල්ලීමකට. දෙයක් හොයන්න!! වැදගත් ම දේ ජිමින්ට අවුරුදු විසිපහක බෙටා කෙනෙක් වගේම එයාට තවමත් එයාගෙ මේට් මුන ගැහිල නෑ.
ජිමින් ටේහ්යුන්ග් එක්ක එයාගෙ මිනි බාර් එකේ වොඩ්කා වීදුරුවක් බොන ගමන් කතා කලේ ටේහ්යුන්ග් නිතරම ඒ මාතෘකාව ගැන හිතනව කියල දන්න නිසා."එහෙම කරන්න බෑ ජිමින්
පැක් එකට අනිවාරෙන් ලූනෑ කෙනෙක් ඕන
ඒකයි එයා මගෙ ඔම්මා වගේ තාමත් ලූනා තනතුරේ ඉන්නෙ."" ටේහ්යුන්ග්, එයාව අයින් කරන්න නම් ඔයාගෙ මේට් ඉන්න ඕනි. එහෙනම් ඕක එයාට නිකම්ම බාර දෙන්න වෙනවා..... එ-ඒත් මේට් නෑනේ"
ජිමින් එයාගෙ කඳුළු පිරුණු දෑස් තද කරල පියා ගත්තා. එයාට මතක් උනා එයාගෙ ලගින් නිතරම හිටපු තමන්ගෙ නංගි වගේ ලස්සන ඔමේගා කෙනෙක්.එතකොට ටේහ්යුන්ග්, එයා ගෙ ඇස් කළු ම කළු පාටයි. ජිමින් ඇස් ඇරල ටේහ්යුන්ග් දිහා බැලුවත් එයාට බැරි උනා ඒ හැගීම් කියවන්න. හැබැයි ජිමින් දන්නව ටේහ්යුන්ගෙ හිතේ තියෙන වේදනාව. ජිමින් අත දිග ඇරල ටේහ්යුන්ගෙ ඔලුව අත ගෑවම ටේහ්යුන්ග් ඇස් පියා ගත්තා.
"මට මගෙ ඔම්මව, මගෙ ගුකීව මතක් වෙනව ජිමින් !!!"
සුසුමක් හෙළපු ජිමින් ටේහ්යුන්ගෙ ඔලුව තමන්ගෙ උරහිසට හේත්තු කර ගත්තා.හොදම යාලුවෙක් පුදුමාකාර සහනයක්
එහෙම නෙවේද?
ඒ සහනය මේ වෙලාවෙ ටේහ්යුන්ග්ට හුඟක්ම දැනුණා.
එයා සද දෙව්දුවට ස්තූති කලා ජිමින් වගේ හොද යාලුවෙක් තමන්ට මුනගැස්සුවට." එයාව තවම හම්බුනේ නැද්ද ටේ?
මට හම්බුනා නම් මන් මෙහෙම ඉන්නෑ. ඒ තප්පරේම ඔයා ලගට එක්ක එනව""එයා විතරයි ජිමින් මගේ එකම සැනසීම. එයාගෙ මල්ලි, නිවුන් සහෝදරයා
මන් එයාව හොයා ගන්නව කොහොම හරි""අවුරුදු පහක් ටේ... අවුරුදු පහක් එච්චර කාලයක් අපි හෙව්වා. තවත් හොයනවා... හ්ම්ම්ම්ම්"
ඔලුව උස්සල වෙලාව බලපු ඇල්ෆා කිම් ඉදගෙන හිටපු ස්ටූල් එකෙන් නැගිට්ටා. එයාට ඕන උන්නෑ ජිමින් ගෙ වෙලාව තවත් නාස්ති කරල වදයක් වෙන්න. එයා යන්න හදනකොටම
"මට ඔයාව කවදාවත් කරදරයක්වත් වදයක්වත් නෙවේ ටේහ්"
ජිමිගෙ වචන ඇල්ෆා කිම්ව මෘදු කලා. එයා ආයමත් සතුටු උනා තමන්ගෙ හොදම යාලුව ජිමින් ගැන. එහෙම්මම පිටිපස්ස නොබලපු ටේහ්යුන්ග් පිටත් උනා තමන්ගෙ මැන්ශන් එකට. වෙලාව හරියටම රෑ එකොළහයි.
" ආඩම්බරකාර ඇල්ෆා කිම්... හහ්!!! මට නිකමටවත් ගුඩ් නයිට් කිව්ව නම් කට කැඩෙනවද මන් අහන්නෙජ්ංගුකී.... එයාට ඔයාව ගොඩක් මතක් වෙනව, ලූනා කිම් ඔයාලා දෙන්න හොදින් ඉන්නවද ඔහෙට වෙලා...? "
දිගු වීදුරු ජනේල වලින් පිටත පේන තරු දිහා බලාගෙන ජිමින් මුමුණන කොට නොදැනීම සුසුමක් පිටවුණා.
Park jimin (beta)
25 years old
------------------------------------------------------------------------💚💜️
YOU ARE READING
||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )
Werwolf(ඇල්ෆා කිම් ටේහ්යුන්ග් බලවත්ම පැක් එකේ බලවත්ම ඇල්ෆා මේට් නැතුව තනි උන ඇල්ෆා කෙනෙක් අදුරු අතීතය තුල දැවෙමින් වර්තමානෙ ජීවත් වෙන ඇල්ෆා කිම් 'යක්ශයෙක්' වගේ..... හැමෝම කිව්වෙ එහෙම හැබැයි ඇත්තටම එහෙමද? මෙට් නැතිව තනි උන? ඉස්සරහටත් එහෙම්මමද? බලමු ...