Chapter 27 (criminal's End and the new midnight pack)

1.4K 275 18
                                    

ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ පියවුනු බෝල ඇස් දිහා බලන් හිටියා  ජංකුක් ඇද මත ටේහ්‍යුන්ගෙ සුවද පිරුනු කාමරේ සනීපෙට නිදාගෙන හිටියා ජංකුක්ගෙ අත් වටේට රතු වෙලා සීරිලා තිබුන තැන් වල බෙහෙත් ගාල තිබුනා වගේම ජංකුක්ගෙ කම්මුලක් තවමත් යන්තමින් ඉදිමිලා රතු වෙලා තිබුනා ටේහ්‍යුන්ග් හිමින් තමන්ගෙ අත ජංකුක්ගෙ ඉදිරියට නෙරා ආපු බඩෙන් තියලා අත ගෑවා

"මගෙ කුකීටවත් අපෙ පප්ස්ලටවත් මුකුත් කරදරයක් වෙන එකක් නෑ නේද"

"ඇල්ෆා කිම් මෙහෙමයි, ජංකුක්ව බඩ ගින්නෙ තියලා නිසා එයාගෙ ඇග ටිකක් දුර්වලයි. වෙන ප්‍රශ්නයක් නෑ"
ජින් කියනකොට හොදින් අහගෙන හිටපු ටේහ්‍යුන්ගෙ අත් මිටමෙලවිලා තිබුනා

"ලූහ්නා කියන්න ජින් හියොන්~"
ජිමින් හෙමීට ජින්ගෙ කනට කරල කෙදිරුවා

"නෑ ඒකට කමක් නෑ ජින් හ්‍යුන්ග්
ගොඩක් ස්තුතියි මගෙ අප්පවයි ජංකුක්වයි බලාගත්තට"

"ඒක සුළු දෙයක් ඇල්ෆා කිම්"

" ටේහ්‍යුන්ග් "

"අහ්"

"ටේහ්‍යුන්ග් කියන්න මට"

























ටේහ්‍යුන්ග් ආයිමත් සන්නිවේදන කුලුණ ලග කුටියෙ ඇතුලෙ තිබුන, ජංකුක්ව කලින් හිර කරල තියපු කාමරේ ඇතුලට ගියා.. ටේහ්‍යුන්ග් දැක්කා යුන්ගි, පුටුවල ගැටගහල ඉන්න ලූකස් වගේම මියොන්ගි ඉස්සරහ හිටන් ඉන්න විදිහ යුන්ගිගෙ ඇස් ලා රතු පාටින් දිලිසෙමින් තිබුනා 'උන් මගෙ වෘකයව මරල දැම්මා පුතේ' යුන්ගිගෙ මනසෙ දෝංකාර දෙන්න ගත්තම යුන්ගි අත උස්සලා වැරෙන් ලූකස්ගෙ කම්මුලට ගැහුවා ටේහ්‍යුන්ග් එහෙම්මම ලූකස්ගෙ මූන දිහා බැලුවා ලූකස්ගෙ ඇස් වටේට රෙදි පටියක් ගැට ගහල තිබුනා වගේම රෙදි පටිය ලේ වලින් තෙත් වෙලා තිබුනා

'V- zeha කිව්වා මට අපේ ඔමේගා දිහා ලූකස් නරක විදිහට බලන් හිටියා කියලා'

ටේහ්‍යුන්ග්ට v කලින් කියපු දේ ආයෙමත් මතක් උනාම ටේහ්‍යුන්ගෙ ඇස් තද රතු වෙලා තිබුනා ලූකස්ගෙ මියොන්ගිගෙ කන් වලින් ලේ ගලමින් තිබුනෙ කලින් ආපු වෙලාවෙ ටේහ්‍යුන්ග් ඇල්ෆා වොයිස් එක පාවිච්චි කරල තිබුන එකේ ප්‍රතිඵලයක් විදිහට! ඒ වගේම මියොන්ගිගෙ අත් දෙකම සම්පූර්ණයෙන් රතු වෙලා වෙලා ලේ පුරලා තිබුනා 

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now