Chapter 23 ( pregnant )

1.6K 266 39
                                    

"ජිමින්!!!!"

"ඇහ්!
මොකද අනේ කෑ ගහන්නෙ ඔම්මා... හිටපු ගමන් මොනා වෙනවද මන්දා"

"කෑ ගහන්නෙ? කෑ ගහන්නෙ නැතුව මන් වෙන මොනව කරන්නද?!!!"

"හා හා මොකටද දැන් කෑ ගහන්නෙ කියන්නකො"

"නොදන්නවා වගේ අහන ලස්සන!! කෝ මේකෙ තිබුන මස් ටික"

"මො-මොන මස්ද?"

"ජිමින් මගෙන් ගුටි කන්න එපා..ඔයා එළු මස් ගෙනාපු දවසෙ බලන් හිටපු විදිහ මන් දැක්කෙ නෑ කියල හිතුවද?මේ සතියෙම මස් ටික ටික අතුරුදහන් වෙනවා. මන් දන්නවා ඔයා එළු මස් කන්න පෙරේතයි කියල ඒත් ඒවා ගෙනාවෙ වූහට ඔයාගෙ යුන්ගිගෙ ඔම්මට! එක පාර මස් කිලෝ එකේ පෙට්ටියක්ම කන්න තරම් බඩේ හිගන්නෙක්ද!!! අනික උයන්නෙවත් නැතුව අඩුම තම්බලවත් කන්න නැතුව ඇති රෑ හොරෙන්ම ඇහිත්. හොද වෙලාවට වැඩිපුර මස් පෙට්ටි ටේහ්‍යුන්ග් ගෙනාවෙ තව තියන නිසා හොදයි!!!"

"ඔම්මා ඇ-ඇත්තමයි මන් කෑවෙ නෑ... අනේ..."

"යන්නයි කිව්වෙ ගුටි නොකා!! මෙහෙ දෙනවා ඔය නට්ස් ටික  නැත්තන් මේ ඔක්කොමත් ගිලල තියෙයි!!"

උදෙන්ම වැඩකට ගිහින් ජංකුක් ඇහැරෙන්න කලින් ඉක්මනට ආපහු ආව ටේහ්‍යුන්ග්ට මිසිස් පාර්ක්ගෙයි ජිමින්ගෙයි කෑ ගැහිල්ල කිචන් එක පැත්තෙන් ඇහුනම ටේහ්‍යුන්ග් එහෙම්මම නැවතිලා අහන් හිටියා ජිමින් කෙදිරි ගාන ගමන් මිසිස් පාර්ව සංසුන් කරන්න හදන්න බැරි වෙන කොට ටේහ්‍යුන්ග්ට හිනා ගියා

ටේහ්‍යුන්ග්ට දැනුනා කාලෙකට කලින් දැනුන ලස්සන හැගීමක්. පව්ලක්. ලස්සන පවුලක්. කොයි වෙලෙත් කියවන මිසිස් පාර්ක්, එයාටම හරියන ජිමින්, ගලක් වගේ ඉන්න හැගීම් පිටට නොපෙන්නන යුන්ගි, හැමෝටම කරුනාව දක්වන මිසිස් මින්, නිතරම අවවාද දෙන අප්පා, හැමතිස්සෙම මිසිස් පාර්ක්ගෙ කතා වලින් ලිස්සල යන මිස්ට පාර්ක්, ඔක්කොටමත් වඩා හුරතල් ජංකුක්! තමන් ලගින් නිතරම දැවටි දැවටි ඉන්න ජංකුක් එක්කත් මේ හැමකෙනාම එක්කත් ටේහ්‍යුන්ග්ට සතුටක් සැනසීමක් දැනුනා සතියක් ගත වෙලා තිබුනත් තාම ලූකස්ගෙන්වත් මිශෙල්ගෙන්වත් ප්‍රතිචාරයක් නැති එක ගැන ටේහ්‍යුන්ග් පුදුම උනා ඒත් මොනදේ උනත් ටේහ්‍යුන්ග් හැමදේටම හරිම වෙලාව එනකන් ඉවසන් හිටියා වෙලාව ආවම ටේහ්‍යුන්ග් මොන වගේද කියල ටේහ්‍යුන්ග්ම දැනගෙන හිටියා

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now