HE IS BACK

546 31 15
                                    

HI!.....

කොහොමද ඔයාලාට ☺️☺️

මම තමයි ජන්කුක් , නිකම්ම නිකම් ජන්කුක් නෙමෙයි , කිම් ජන්කුක් .

සරලවම කියනව නම් බුසන් Highschool එකේ ඉන්න කඩවසම්ම වගේම ජනප්‍රියම කොල්ලා තමයි මම. 😌😌( හැබැයි ඔන්න මම නම් නෙමෙයි එහෙම කියන්නේ )

මට වයස 19 යි.
මගේ උස 178 cm වෙනවා .
එතකොට මං කැමතිම පාට තමයි දම් පාට.
මං හිතන්නේ මගේ බර නම් ...මං මෙතනදි සදහන් නොකරන ඉන්න එක ඇගට ගුණයි.🤓

එවගේම තමයි ...මේ කතාවේ hero නැත්නම් ප්‍රධාන චරිතය තමයි මේ මම . ( එහෙම වෙන්නම එපැයි මොකද මේක මගේ කතාව නේ 😌😝)

මටත්, හැම කතාවකම ඉන්න ප්‍රධාන චරිතයට වගේම යාළුවෝ 5 දෙනෙක් ඉන්නව.

ඒ තමයි ...

1) කිම් නම්ජූන්ග් ( RM)
2) කිම් සොක්ජින් ( Jin)
3) මින් යුන්ගි ( S )
4) ජන්ග් හෝසෝක් ( JH)
ඒවගේම අන්තිමයා ....
5) පක් ජිමින් ( JM )

මේ අය තමයි අම්මා හැරුණම, මට... මේ ලෝකේ හැම කරදරයකදීම මගේ ළගින්ම හිටපු අය.

හැබැයි ඉතින් අනිත් කතාවල ඉන්න ප්‍රධාන චරිත වගේ... මං ගොඩක් පෝසත් කෙනෙක් නම් නෙමෙයි .

මං ඉපදුනේ එවගේම හැදුනේ වැඩුනේ මධ්‍යම පාන්තික පවුලක

ඒත් වාසනාවකට මං මගේ අම්මයි , යාළුවෝයි එක්ක ගත කරන්නේ ඇත්තටම කිව්වොත් පෝසත් ජිවිතයක් .

හැබැයි හෙට ඉදලා මගේ ඒ සතුටින් පිරිච්ච පෝසත් ජීවිතය කාබාසිනියා වෙන්නයි යන්නේ....

මොකද ළග ළගම එන කුණාටුවක පෙර නිමිති මට දැන් දැනෙන්න අරගෙන .

❓❓❓❓❓❓❓❓❓❓❓❓

Jin :- " හේයි!..... ජන්කුකා....මොකද බං උබ ඔය කෑම එක කන්නේ නැතුව අල්ල අල්ල ඉන්නේ .

වෙනදාට උබ ඔහොම නෑනේ . තව ටිකකින් Interval එකත් ඉවර වෙයි. ඒ නිසා ඉක්මනට කාපන්.

Rm :- " ඇයි බං උබ නිකන් අද අවුලෙන් වගේ , මොකක් හරි ප්‍රශ්නයක් ද?."

Jk :- " හැම දේම ඉවරයි ..........
......හැම දේම ඉවරයි .........
හැම දේම ...."

එවිට මිතුරන් පස් දෙනා එකවරම ජන්කුක් දෙස බලන්නට වූයේ.... ගුක්ගේ මෙම හැසිරීමට හේතුව කුමක් දැයි ඔවුනට හරිහැටි වටහා ගැනීමට
නොහැකි වූ බැවිනි .

THE UNTOLD ❓Where stories live. Discover now