Tae :- " ජන්කුක් !.... කොහෙද මේ මාව ඇදගෙන යන්නේ?."
Jk :- " ඉස්කෝලෙට .
ඉක්මන් කරලා යමු.දන්නවාද?, මේ ජන්කුක් කවදාවත්ම ඉස්කෝලෙට පරක්කු වෙලා ගිහින් නෑ. නමුත්, තමුන් නිසා අද ඒකත් කරන්න වුණා ."
.
.
.
.
.
.
.
.කොහොම කොහොම හරි මං ටේහෝන්ග්වත් ඇදගෙනම 8.05 වෙද්දී ඉස්කෝලෙ ගේට්ටුව ළගට ආවා.
ඒත් ඉතින්...... අවාසනාවක මහත කියන්නේ .....
මගේ රත්තරං මූණ ගේට්ටුව ඉස්සරහ පෙනි පෙනී තියෙද්දීත් , security අන්කල්
පතාර්......
ගාලා ගේට්ටු පියන මගේ මූණටම වහලා දාපු එක.
" අනේ අන්කල් ප්ලීස් !......අපිව ඇතුළට ගන්න .
අනේ !....අනේ !..... ප්ලීස් .ඕනේ නම් මං අන්කල්ගෙ කකුල් දෙක අල්ලලා වදින්නම්. "
"ඇයි ඔය ළමයා දන්නේ නැද්ද ?.
පරක්කු වෙලා එන ළමයින්ව ඇතුළට ගන්නේ නැතුව ඉන්න එක තමයි මගේ රාජකාරිය .
ප්රින්සිපල් සර් කියලා තියෙන්නේ පරක්කු වෙලා එන කිසිම ළමයෙක්ව එයා කියනකම් ඇතුළට ගන්න එපා කියලයි ."
" ඒ...ත් අපි විනාඩි 5 යි නේ පරක්කු .
අනිත් එක අද මගේ අයියා ඉස්කෝලෙ එන පලවෙනි දවස .
ඒ නිසා.... අදට විතරක් .....
හොඳ අන්කල් වගේ අපිට යන්න දෙනවද ?හි...හි... අදට විතරක් . 😁😁"
(හරි....ම අපූරුයි ජන්කුක් .
ඔන්න ඔයා තවත් නීතීයක් බින්දා . )" මේ ළමයෝ , මට අයෙත් තමුන්ට කියන්න ඉඩ තියන්න එපා.
කරුණාකරලා ; මට මගේ රාජකාරිය ඉෂ්ට කරන්න දීලා පැත්තකට වෙන්න ."ඔන්න ඉතින් එතකොටම වගේ ඉස්කෝලෙ මුල් ගුරුතුමා ......
ඒ කියන්නේ කිම් ජන්ශිල් විදුහල්පති තුමා එතනට කඩාගෙන පැන්නා .
" යොන්දෝ!....
( security guard)මොකක්ද මෙතන සිද්ද වෙන්නේ.
හෝ හෝ 13 B පන්තියේ..... කිම් ජන්කුක් . 🤨🤨
තමුන් අදත් එහෙනම් ඉස්කෝලෙට පරක්කු වෙලයි ආවේ .
YOU ARE READING
THE UNTOLD ❓
Fanficසහෝදරත්වයේ විශ්වීය බැදීම.... මිතුරු කමටත් , ආදරයටත් එහා ගිය බැදීමට නමක් දෙන්න කිව්වොත් මොකක්ද ඔබ එයට දෙන නම???? ඔව් ; ඔබ හරි ඒ තමයි , සහෝදරත්වය... මේ ඒ අපුරු සහෝදරත්වයේ කතාවයි. THE UNTOLD - පෙනුම මෙන්ම ගති ලක්ෂණ ද සම්පුර්ණයෙන්ම පරස්පර වූ නිවුන් සහ...