🍯 2 🍯

173 39 22
                                    

"හේයි හෝසෙයොක් ගුඩ් මෝනින්..."

ස්කූල් ගේට් එක පැත්තට එමින් හිටිය ජන්කුක් පාර අයිනට වෙලා හිටිය හෝසෙයොක් ගාවට ආවා...

"ගුඩ් මෝනින්..."

"මොකෝ මෙතන...පයින්ද ආවේ...?"

ජන්කුක් ටිකක් අමුතු විදියට එහෙම ඇහුවේ...ජන්කුක් දන්නවා හෝසෙයොක් කියන්නේ සල්ලිකාර පවුලක කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම බස් එකෙ නන් නොඑන බව...ඒත් කෝකටත් කියන්න බෑනෙ ඉතින්..

"නැ බන්...ඩ්‍රයිවර් අන්කල් මාව ඩ්‍රොප් කරන් ගියා...මං මේ උබ එනකන් හිටියේ...තනියෙන් යන්න කම්මැලි.."

"අහ්..."

ජන්කුක් හෝසෙයොක්ට පිලිතුරු දෙමින්ම සාක්කුවේ තිබ්බ ෆෝන් අරන් ඒකෙන් මූණ බලන් කොන්ඩේ හැදුවා...

"මොකෝ මේ ස්කූල් එකේ උබේ කෑල්ලවත් ඉන්නවා ද 😂"

"අපිට මොන කෑලි ද යකෝ..😂😎 අද වයිස් ප්‍රිෆෙක්ට් එනවා ඕයි...පොර නැති සති 2කේ තිබ්බ ආතල් ඔක්කොම කුඩු...."

"යකෝ වයිස්ට බය වෙන්නෙ උබ හෙඩාගෙ මල්ලිනෙ..."

හෝසෙයොක් එහෙම ඇහුවේ ටිකක් පුදුම වෙලා...

"යකෝ හෙඩත් බයයි වයිස්ට...ඌ හෙන අමාරුකාරයා...වැඩ තිතට බලනවා ඕයි...ඔය කනෙ කරාබුව ගලවපන්..නැත්තං තොගෙ අනිත් කනටත් කරාබුවක් දාලා තමා ඕකා උබව යවන්නෙ.."

"අහ්...යකෝ මං ප්‍රින්සිපල්ගෙ පුතානෙ..."

"ඒක දන්නෙ උබයි මායි හෙඩයි විතරනෙ...දැන් වරෙන් යන්න..."

හෝසෙයොක් ජන්කුක්ගෙ කීම ගානකට නොගෙන කරාබුව නොගලවාම ජන්කුක්ගෙ පස්සෙන් ස්කූල් ගේට් එක පැත්තට ගියා...

"Goood morning හියුන්..."

"Good morning දෙන්නටම.."

"ඔහොම පොඩ්ඩක් ඉන්න.."

හෝසෙයොක් ජන්කුක් වගේම හරිම විනීතව ඇවිත් ටේහියුන්ටයි වයිස් ප්‍රිෆෙක්ටයි ආචාර කරලා යන්න යද්දි මෙච්චර වෙලා නිහඩව හිටිය වයිසා එයාගෙ සීතල කටහඩ අවදි කලා..
කුක් නන් හොදටම බයවෙලා මොකක් හරි හෙනයක් පාත් වෙයිද කියලා...

"ඔයාව මං මීට කලින් දැකලා නෑනේ..."

"අහ් යුන්ගි මේ ඉන්නෙ හෝසෙයොක්...12 වසරට ආවේ.. "

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now