🍯 8 🍯

78 16 4
                                    

ස්කූල් යන්න හිතන් නැගිට්ටත් හෝසොක්ට හිතුනෙම අද ගෙදර ඉන්න...ඒත් කෝච්ට ජුනියස්ල ගැන බලනවා කියලා පොරොන්දු උන හින්දා නොගිහින් බැනෙ..ඒ නිසා හෝසෙයොක් එහාපැත්තෙ පස්සත් උඩ දාන් නිදාගෙන ඉන්න කුකීවත් නැගිට්ටලා බාතෲම් එකට ගියා...

අදට ඔම්මා නැතිවෙලා අවුරුදු 17ක් ගිහිල්ලත් හෝසොක්ට තාමත් ඒක අද ඊයෙ වගෙ...හරියටම මතකයක් නැතත් හෝසොක් ඔම්මාගෙන් දැනුන උනුහුමට ගොඩක් ආදරෙ කලා...රූම් වෝල් එකෙ 4න් 2ක් විතර වැහෙන්න ගහලා තිබ්බ ලොකු ෆැමිලි ෆොටො එකෙ පුංචි හෝසොක්වත් තුරුල් කරන් දිව්‍යංගනාවක් වගෙ හිනාවෙලා ඉන්න ඔම්මා දිහා හෝසොක් හැමදාම වගෙ අදත් හරි ලෝභකමකින් බැලුවේ...
හෝසොක්ට හැමදාම හිතුනෙ ඔම්මාත් එයාල එක්ක හිටිය නන් ගොඩක් දේවල් අද ලස්සනට තියෙවි කියලාමයි...

"ඔම්මා ඔයා අද අපි එක්ක හිටිය නන් මං දිහා බලලා සතුටු වෙයි නේද...මට දැන් ඉස්සරට වඩා හොදයි ඔම්මා..මං ඔයාට ගියපාර ප්‍රොමිස් උනානෙ අප්පට කරදර නොකර හොද පුතෙක් වෙනවා කියලා...මං දැන් ඒ පොරොන්දු රකින්න මගෙ උපරිම ට්‍රයි කරනවා..මට සමාවෙන්න...මට ජීවිතෙ සමහර දේවල් තේරුම් ගන්න කල් ගියා..ඔයාවත් ලග හිටිය නන් මට ඒවා කියලා දෙනවානෙ...
කවුරුත් නැති මං මේවා තනියෙන්ම කරගද්දි මගෙන් වැරදි වෙලා ඉවරයි...ඒත් ප්‍රොමිස් වෙනවා ආයෙ එහෙම වෙන්නැ..."

ස්කුල් යන්න ලෑස්ති වෙලා ෆැමිලි ෆොටො එක දිහා කදුලු පුරවන් බලාගෙන බර කල්පනාවක හිටියෙ හෝසොක්ට කරදර නොකරම ජන්කුක් හිමිට පහලට ආවෙ මේ වෙලාවෙ තනියෙන් හෝසොක්ට ඉන්න දෙන්න ඕන කියලා හිතුන නිසා...

"දුර හිටියත් ඔයා මං එක්ක ඉන්නවා නේද ඔම්මා..මාව අතාරින්න එපා..මං තනිවෙයි..."

"ඔයාගෙ හෝසූ ඔයාට හරි ආදරෙයි ඔම්මා..මහා ගොඩාරියක් ආදරෙයි..මං විතරක් නෙවෙයි අප්පා , හියොන් , ජැකී අපි ඔක්කොම...අපි හැමෝටම ඔයාව ගොඩක් මිස් වෙනවා..ගොඩක්..."

"මාව දාලා ගියාට මං තරහා නැ ඔයා එක්ක...ඉන්න තැනක ඔයා හොදින් ඉන්නයි මට ඕන ඔම්මා..."

"එහෙනන් මං යනවා ඔම්මා...හවස මං එන්නන්කො ඔයා ආසම රෙඩ් රොසස් අරන් ඔයාව බලන්න...පරිස්සමෙන් ඉන්න..ආදරෙයි ඔම්මා.."

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now