සිකුරාදා දවල් ග්රවුන්ඩ් එකෙ ගැම්මට පැයක්ම දණ ගහන් හිටියෙට හෝසෝක්ට ඒකෙ රගේ තේරුනෙ සෙනසුරාදා දවල්වෙද්දි..හෝසොක්ට කෙලින් හිටගන්නවත් බැරි තරන් දනිස් කකියද්දි මුලින් වැඩිය ගනන් නොගෙන හිටියත් එන්න එන්නම කැක්කුම වැඩි නිසා හෝසොක් පහලට ඇවිත් ටිවි බල බල හිටියෙ ජින් හියුන්ගෙන් බෙහෙත් මොනවා හරි හෙව්වා...හෝසොක්ට ඒක ඇහුවෙ අපරාදෙ කියලා හිතුනේ ජින් හියුන් පන්න පන්න මොකක්ද උනෙ කියලා අහන්න ගත්තට පස්සෙ...දැන් ඉතින් වෙලා ඉවරනෙ උන්නත් දාහයි මලත් දාහයි..
අමුතුවෙන් හංගන්න දෙයක් නැනෙ සායම ගියාට පස්සෙ කියලා හිතන් හෝසොක් සිකුරාදා දවල් සිද්ධිය කියන්න ගද්දි ජින් හියුන් ටිවී එක ලග කබඩ් එකෙ තිබ්බ බාම් එකත් අරන් ඇවිත් හෝසොක්ගෙ දනිස් දෙක උකුලෙන් තියන් බෙහෙත් ගෑවා..හෝසොක් යුන්ගිට හිතින් පොල් ගහ ගහ විස්තරෙ කියද්දි ජින් හියුන් කරෙ බඩ අල්ලන් හිනා වෙවී කකුල්වල බාම් ගාපු එක...
"තෝ නන් මොකෙක්ද මන්දා හියොන්...තොට දුක නැද්ද මං මෙහෙම ඉද්දි..."
හෝසොක් පුපුර පුපුර හිනාවෙවි ඉන්න ජින්ට බැන්නෙ යුන්ගි එක්ක තියෙන තරහත් ජින් පිටින්ම දාලා..
"දුකට වඩා සතුටුයි...තෝ කරපු ඇට්ටර වැඩෙට උබට හොද පෝරියල් එකක් හම්බුන හින්ද...දැන් හරි ද අමාරුව උබේ..."
"අනේ...රෙද්ද තමා..හිටපන්කො මටත් චාන්ස් එකක් එයිනෙ..."
"එයි එයි..."
"ආ මොකො මොකෝ මේ අයියලා මල්ලිගෙ සද්දේ අද..."
කා කී එකත් කරකවමින් එලියෙ ඉදන් ආව ජැක්සන් යටි තොල හපන් ඇසුත් රතු කරන් පුපුර පුපුර ඉන්න හෝසොක් ඉස්සරහින් වාඩි උනා...ආයෙ අමුතුවෙන් අහන්න දෙයක් නැ හිනාවෙවි ඉන්න ජින් දැක්කම ජැක්සන්ට හිතාගන්න පුලුවන් උනා මොකක් නමුත් අද හෝසොක් බයිට් වෙන වැඩක් වෙලා තියෙන බව...
"ඊයෙ එක්කෙනෙක්ට හොද පෝරියල් එකක් සෙට් වෙලානෙ බාප්පේ.."
හෝසොක් ජින් දිහා බලලා ඔරවද්දි ඔරද්දි ජින් හිනාවෙවී ජැක්සන්ට කිව්වා..
"කාටද...මොකො උනේ..."
"මගෙන් නෙවෙයි ඔයාගෙ පොඩි පුතන්ඩියාගෙන්ම ඇහුවා නන් තමා හොද ඕක ගැන...."
![](https://img.wattpad.com/cover/306734314-288-k120228.jpg)
YOU ARE READING
I'm Your Honey... ✿|•SOPE•
RomanceTake my hand, take my whole life too. For I can't help falling in love with you...💫 HOSEOK × YOONGI 2022 / 04 / 10