මට හැමදාමත් ඕනේ මිස්ටර් පා(ර්)ක් වගේ වෙන්න.. මට විතරක් නෙමෙයි අනිත් හැමෝටමත් ඕනේ මිස්ටර් පා(ර්)ක් වගේ වෙන්න..
මිස්ටර් පා(ර්)ක් ගොඩක් උසයි.. මං එයා දිහා බලන්නේ බෙල්ල උස්සලා..
එයාගේ සපත්තු කන්නාඩියක් වගේ පැහැදිලියි.. හම කිරි සුදු පාටයි..උසස් ම වර්ගයේ සූට් එක එක දවසට මිස්ටර් පා(ර්)ක් ඇන්දා.. මිස්ටර් පා(ර්)ක් රැවුල කපලා තිබුණු නිසා එයාගේ මූණ හඳක් වගේ දිලිසුනා.. එයාගේ කොණ්ඩේ කළු පාටයි..
හැමදාම මං එයා දිහා බලාගෙන හිටියා.. අපි බලාගෙන ඉන්නකොට එයා එයාගේ ඇඟිලි එයාගේ කෙස් ගස් අස්සෙන් යවනවා..එතකොට තමයි මං දැක්කේ මිස්ටර් පා(ර්)ක් කොච්චර වැඩුණු පිරිමියෙක් වුණත් එයාගේ ඇඟිලි අලුත උපන් ළමයෙක්ගේ වගේ රෝස පාටයි කියලා.. ඒ වගේ ම පොඩියි..
මට තාම අවරුදු දොළහක් වගේ වුණත් මගේ අත් ගොරෝසුයි.. අවපැහැයි.. වෙලාවකට මිස්ටර් පා(ර්)ක් ගේ සැපවත් ජීවිතේට මම ඉරිසියා කරනවා..
මිස්ටර් පා(ර්)ක් හැමදාම අපේ වීදිය පහු කරගෙන ඇවිදින විදිහ බලන්න ගමේ හැමෝම හැමදාම උදේ හත වෙද්දී එකතු වුණා..එයා නිකන් ප්‍රසිද්ධ තරුවක් වගේ අපිට..
මිස්ටර් පා(ර්)ක් වෙලාවට වැඩ කරන මහත්මයෙක් වුණු නිසා අපිට හරියටම උදේ හතට එයා එළියට බැහැලා යන හැටි බලන්න පුළුවන් වුණා..
එයා ඇවිදිනකොට එයාගේ තේජස!
මටත් ඕනේ වුණේ එහෙම වෙන්න.
YOU ARE READING
𝐌𝐫.𝐏𝐚𝐫𝐤 | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗 [√]
Fanfictionසතුට හොයාගන්න! යුන්ගි මින්. -ජිමින් - ජිමින් කියන්නේ කාටද ?