Mr. Park | 04

194 64 0
                                    

මට තාමත් මතකයි මිස්ටර් පා(ර්)ක් පලවෙනියටම මට කතා කරපු දවස.. විදියේ හැමෝම එදා මගේ දිහා බලාගෙන හිටියා.. ඔව් එයාලා මට ඉසිරියා කළා දහසක් අය අතරින් මිස්ටර් පා(ර්)ක් මාත් එක්කම විතරක් කතා කරපු නිසා..

" ඒයි සුදුමැලි කොල්ලා "

එයා මට කතා කළේ එහෙමයි.. මට සුදු මැලි කොල්ලා කීවට මං තරහා නෑ.. මොකද එයා මාව එයා ළඟට ම ගත්තා.. ඒත් මගේ ඇදුම් කිලිටියි.. මං ළඟ ගදයි.. මිස්ටර් පා(ර්)ක් ගේ අදුමුත් කිලිටි වුණා.. එයා මගේ කොණ්ඩේ ඇල්ලුවා..

" ඔයාගේ නම මොකද් ද? "

මගේ ගානට පොඩ්ඩක් පාත් වෙලා මිස්ටර් පා(ර්)ක් අහනකොට මං මිස්ටර් පා(ර්)ක් දිහා බැලුවා.. මං මුලින් ම දැක්කේ මිස්ටර් පා(ර්)ක්ගේ හීනි වෙලා තියෙන ඇස් දෙක.. ඒවා ලස්සනයි වෙන දා වගේම..එයාගේ කළු ඇස් දෙක ළඟටම දකිද්දී මට තේරුණා ඒ ඇස් කොච්චර ගැඹුරු ද කියලා..මං හිතුවේ මිස්ටර් පා(ර්)ක් ගේ ඇස්වල තරු පිරිලා ඇති කියලා.. ඒත් ගැඹුරු තරමට ම ඒ ඇස් හිස්.. හරියට ම මගේ අම්මගෙයි තාත්තගෙයි වගේ ඒ ඇස් හිස්..වෙනසකට තිබුණේ මගේ දෙමවුපියෝ මිස්ටර් පා(ර්)ක් වගේ හිනා වෙලා හිටියේ නෑ..

මං මිස්ටර් පා(ර්)ක්ගේ ඇස් වල ඇතුළටම ගිලිලා යද්දී එයා මගෙන් ඈත් වෙලා යන්න ගියා.. මං හිතන්නේ මිස්ටර් පා(ර්)ක් හිතුවේ මං එයාව මඟ ඇරියා කියලා වෙන්න ඇති..

" මහ කාලකන්නි කොල්ලෙක්.. "

" මිස්ටර් පා(ර්)ක් කතා කරද්දීත් කතා කරන්නේ නැතුව හිටපු මූසල කොල්ලා "

වටේ කතා කරපු දේවල් මට ඇහුණා..

ඒත් මගේ හිතේ ඒ වෙලාවේ වැඩ කළේ මිස්ටර් පා(ර්)ක් මට කතා කළා කියන දේ විතරයි..

𝐌𝐫.𝐏𝐚𝐫𝐤 | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗 [√]Where stories live. Discover now