මිස්ටර් පා(ර්)ක් රජෙකුටත් වඩා පොහොසත්!! හැම අතින් ම! රූපය, බලය, සල්ලි, නුවණ හැම අතින්ම එයා පොහොසත් වුණා.. මේ හේතු හින්දා ම මගෙන් කවුරුහරි ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද කියලා ඇහුවොත් මං කියන්නේ මට මිස්ටර් පාර්ක් වගේ වෙන්න ඕනේ කියලා..
බේකරියට වෙලා පාන් පුච්චන හැම වෙලාවකම මන් හීන මැව්වා මිස්ටර් පා(ර්)ක් වගේ වෙන්න.. මන් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා.. මන් අකුරු කරන්න ගියෙත් ඒක නිසාමයි.. මට දැන් ඉංග්‍රීසි හෝඩියේ සම්පූර්ණ අකුරු විසි හයම පුළුවන්..මට දැන් මගේ නම ලියන්නත් පුළුවන්!
යූ ඕ ඕ එන් ජී අයි එම් අයි එන් !
මන් තවත් මහන්සි වෙනවා.. අතේ කර ගැට එනකන් වැඩ කළත් මට ඒවා දැනුනේ නෑ.. මොකද මන් වැඩ කරන්නේ මිස්ටර් පා(ර්)ක් වගේ හැමදාම සතුටින් කල් ගත කරන්න මගේ අනාගතය ගොඩනගා ගන්න.. කවදාහරි දවසක මගේ අදුරු ජීවිතය ආලෝකයට ගෙනියන්න..
YOU ARE READING
𝐌𝐫.𝐏𝐚𝐫𝐤 | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗 [√]
أدب الهواةසතුට හොයාගන්න! යුන්ගි මින්. -ජිමින් - ජිමින් කියන්නේ කාටද ?