පස්වන හමුවීම.....,
Yibo විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ ඔහුගේ නිවසේ ලිපිනයට ලිපියක් ලැබී තිබුණි. Yibo ගේ දෙමාපියන් එය ඔවුන්ට අදාල ලිපියක් නොවන බව වටහාගෙන එය Yibo ට බාර දී තිබුනි. මුලදී ලබන්නෙකුගේ නම සදහන් නොවූ එය තමාගේ බව දෙමාපියන් සොයා ගත්තේ කෙසේදැයි ඔහුට සිතා ගත නොහැකි විය.
නමුත් කියවන විට ඔහුට එය පෙම් හසුනක් බව වැටහී ගිය බැවින් එම ගැටලුවට පිලිතුරු ලැබුණි. "කවුද මට මෙහෙම එකක් එවන්න ඉන්නෙ.😐" යැයි සිතූ ඔහු එය එවූ තැනැත්තාගේ නම මුලින්ම සෙව්වද එවැන්නක් හමු නොවුණි.
ඉන් පසු ඔහු ලිපිය මුල සිට නැවත කියවූවේය. එය කවුරුන් විසින් ලිව්වද ඒ ලියූ තැනැත්තා එම ලිපිය සැබවින්ම ලැබිය යුතු කෙනා ඊට පෙර මුණ ගැසී ඇති බව ඔහු එය ලියූ ආකාරයෙන් Yibo ට පැහැදිලි විය.
නමුත් එම ලිපිය ලියූ කෙනාට හොද නිර්මාණාත්මක හැකියාවක් තිබෙන බව ලිපියේ සදහන් කර තිබූ ඇතැම් වැකි වලින් Yibo ට සිතුනි.ඒ මෙය ලියූ පුද්ගලයා එම වදන් හදවතින්ම ගලපා ඇති නිසා යැයි ඔහුට සිතුණි. එමෙන්ම ලිපිය ලියූ කෙනා ගැනද කණගාටුවක් ඇති විය.
එම නිසා ඔහු එම ලිපිය වැරදි ලිපිනයකට ලියූ බව පවසා පිලිතුරු ලිපියක් සමග එම ලිපිය නැවත ලියූ තැනැත්තාටම ඔහු ඔහුගේ ලිපියේ සදහන් කර තිබූ ලිපිනයට යැවීය. ඉන් ටික දිනකට පසු නැවතත් ලිපියක් ලැබුනි.
ලිපිය ලියූ තැනැත්තා එම ලිපිනය වැරදි විය නොහැකි බව පවසා තිබුණි. එහි දුරකතන අංකයක්ද සදහන් කොට තිබුණි. එවිට එහි නම සදහන් කර තිබුනේ වදුරු කොල්ලා ලෙසයි.
මෙය දුටු Yibo මෙය කාගේ හෝ විහිලුවක් බව සිතා සදහන් කර තිබූ දුරකතන අංකයට ඇමතුමක් ගෙන හොද හැටි අමතා අනෙක් පස පුද්ගලයාට කිසිවක් පැවසීමට ඉඩ නොදීම ඇමතුම විසන්ධි කර දැමුවේය.
සති කිහිපයකට පසු Yibo ගේ පාසල් කාලයේ මිතුරියක් වූ Zi Yi ඔහුව මුන ගැසීමට පැමිණියාය. Yibo ට පෙර දිනකදි ලැබුනු ලියුම් යමෙක් සිතා මතා විහිලුවට හෝ වැරදීමකින් එවූ ඒවා නොවූ බවත් එය Zi Yi විසින් සිතා මතාම තම ලිපිනය දුන් නිසා ඔහු වෙත පැමිණි ලිපි බවත් ඇය පැවසීමෙන් Yibo මහත් පටලැවිල්ලකට පත් විය.
YOU ARE READING
Destiny
Fanfictionපෙරවදන....., "දෛවය, සමහරුන්ගෙ හිත් අරන් ගිහින් ආදරේ කරන්න සලස්වන්නෙ අනිත් අයට වඩා වෙනස් විදිහට වෙන්න පුලුවන්. කොහොම හරි, කොහේ හරි ආදරේ කියන්නෙ කිරලා මැනලා සම්මතයන් හදාගෙන සීමා දාගෙන තියෙන දේකට නෙවෙයි. ආදරේ...