එකොලොස්වන හමුවීම....,

90 22 11
                                    


කාලය සෙමින් ගෙවී ගිය අතර දෛවය නැවත ඔවුන්ට අවස්තාවක් ලබා දුන්නේය. ඒ Yiboගේ පෑනේ මිතුරා මාර්ගයෙනි.

ඇත්තෙන්ම Ji Li ටද එහි ප්‍රශංසාවෙන් කොටසක් හිමිවිය යුතුමය.

Yibo විසින් නිර්මාණය කර ඉදිරිපත් කල වෙළද දැන්වීමක පිටපත නිසා next level ආයතනයට ප්‍රසිද්ධ නිශ්පාදන සන්නාමයක නව හදුන්වාදීමක් සදහා වෙළද දැන්වීම නිශ්පාදනයට අවස්තාව ලැබුණු අතර එය සැමරීමට ඔවුන් Yiboගේ නිවසට එක් වරම කඩා වැදී තිබුණි.

Yiboට ඔවුන්ට විරුද්ධ වීමට හෝ ඔවුන්ව වැලැක්වීමට අවශ්‍යය වුවද ඔහු කිසිවක් නොකලේ තමාගෙ සගයින් ගැන හොදින්ම දන්නා නිසාවෙනි.

ඔවුන් සතුට සමරනු වස් ඇති පදම් බියර් වලින් ඇති පදම් පානය කළෝය. එමෙන්ම විවිධ කෙටි කෑම ආදියෙන්ද සාදය පිරී ඉතිරී ගියේය.

අවසානයේ සියල්ලන් විසිර ගිය පසු Yibo, Zhuocheng, හා Ji Li නිවසේ අස් කිරීම් කටයුතු සිදුකළහ.

Ji Li අස් කිරීමට උදව් කිරීම වෙනුවෙන් ඉතිරිව තිබූ කෑම කමින් හා බියර් පානයෙන් මහත් සේවයක් ඉටු කලේය.

"ඕයි Ji Li තමුන් තව කොච්චර කනවද බඩේ හිගන්නෙක්ද ඉන්නේ ඇවිත් මේ මේසේ අස් කරනවා." වැනි දේ පැවසුවද ඔහු කිසිවක් ගනන් නොගත්තේය.

"ඔයා දන්නවද මේක තමයි මම ගියපු හොදම පාර්ටි එක. අඩුම තරමේ Dan xing එකේවත් මෙහෙම හොදට විනෝද වෙන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ" යැයි වෙරි මතින් කියාගෙන ගියේය.

Dan Xian ඒ නම ඇසුණු විගසම Yiboගේ සිතට පරණ තුවාලයක් පෑරුණාක් මෙන් දැනුණු අතර පෙර දින වල ආයාසයෙන් මැඩගත් දුක්ඛදායක හැගීම් පාලනයකින් තොරව ඔහුව වෙළාගනිමින් තිබුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Dan Xian ඒ නම ඇසුණු විගසම Yiboගේ සිතට පරණ තුවාලයක් පෑරුණාක් මෙන් දැනුණු අතර පෙර දින වල ආයාසයෙන් මැඩගත් දුක්ඛදායක හැගීම් පාලනයකින් තොරව ඔහුව වෙළාගනිමින් තිබුණි.

DestinyWhere stories live. Discover now