"මො...මොකක් ඔයාට පිස්සුද. " යැයි Xiao,Yiboව ඔහුගෙන් ඉවතට කරමින් විමසීය.
Xiaoට Yiboගේ හැසිරීම ඒ වන විටත් වැටහී තිබුණද ඒ අවස්තාවේ එය සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු නොවූවකි.
"මම දන්නවා ඒක විකාරයක් ඒත් මම දන්නෙ නෑ මොකද්ද කරන්න ඕනෙ කියලා. මට ඕනෙ වුනේ ඔයා එක්ක කතාබහ කරලා ටිකක් කාලය ගත කරන්න.
ඇත්තටම මම ඔයාව හොයාගෙන ආවෙත් ඒකයි.ඔයා මොන විදිහෙ ප්‍රතිචාරයක් දුන්නත් මට මේක ඔයාට නොකියා ඉන්න බැරි වුණා. මට සමාවෙන්න." යැයි එක හුස්මට කියාගෙන ගියේය.ටික වේලාවක් Yibo දෙස බලා සිටි Xiao "යනවා දැන්මම මෙතනින්," යැයි පැවසුවේ කෝපයෙනි.
Yibo නැවතත් යමක් පැවසීමට උත්සහ කළද Xiao ඊට ඉඩ නොදුන්නේය.
"ඔය හොදටම ඇති, තවත් මට කරදර කරන්න එපා. ආයෙත් තමුන් මගේ ගෙදරට තියා ක්ලබ් එකටවත් එන්න එපා. එහෙම වුනොත් ඇදලා එළියට දාන්න කියනවා.
අනික තමුන් කියපු විදිහටම අපේ ගනුදෙනුව ඉවරයි දැන් මට පේන්නෙ නැතිවෙන්න යනවා"
ඔවුන් සිටි පදික වේදිකාවේ පසුපසට ගිය Yibo මාර්ගයට බැස ඔහේ ඇවිදගෙන ගියේය.
නමුත් ඔහුට වැඩි දුරක් යාමට නොලැබුණි. එක් වරම Yibo යතුරු පැදියක ගැටුණි.
යතුරුපැදිකරු හරි වෙලාවේදී පාර මැද ගමන් කරමින් සිටි Yibo දැක වාහනයේ වේගය අඩු කළ නිසා දෙදෙනාටම අත පය නොකැඩී සුළු සීරීම් තුවාල වලින් බේරීමට හැකි වුවද, යතුරුපැදිකරුගේ බැනුම් අපහාස වලින් බේරීමට Yiboට නොහැකි විය.
නමුත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම වෙනුවට තමා දෙසට කලබලයෙන් අඩි දෙක තුනක් පමණක් තබා එක් වරම නතර වී තමා දෙස දුර සිට බලා තමාට පිටුපා යන Xiao දෙස වේදනාවෙන් බලා සිටියේය.
KAMU SEDANG MEMBACA
Destiny
Fiksi Penggemarපෙරවදන....., "දෛවය, සමහරුන්ගෙ හිත් අරන් ගිහින් ආදරේ කරන්න සලස්වන්නෙ අනිත් අයට වඩා වෙනස් විදිහට වෙන්න පුලුවන්. කොහොම හරි, කොහේ හරි ආදරේ කියන්නෙ කිරලා මැනලා සම්මතයන් හදාගෙන සීමා දාගෙන තියෙන දේකට නෙවෙයි. ආදරේ...