ඉතින් කුකීට හොඳටම සනීප උනගමන්ම මෙයා කරන්නෙ ආයෙත් බයික් එක පදින එකම තමයි ..... 🛵
ඒකත් හිමීටනම් නෙවෙයි. කුකීට උන දෙයින් පස්සෙත් කුකීගෙ බයික් එකේ වේගය තව තවත් වැඩි උනා මිසක් අඩුවක්නම් උනේ නෑ .... 🙄
කුකීගෙ දෙමව්පියන් වගේම, කුකීලව බයික් එකේ එක්කන් ගිය මාමාත් වේගයෙන් යන්න එපා කියලා කුකීට නිතරම අනතුරු ඇගෙව්වා .... 🚫
ගමේ වැඩිහිටි උදවියත් කුකීට වේගයෙන් යන්න එපා කියලා නිතරම උපදෙස් දුන්නා .... 🚫
කුකීගෙ මේ වේගය ගැන ආරංචි උන ලොකු අයියා කුකීට හොඳටම බැන්නෙ තරහට නෙවෙයි. කුකීට තියෙන ආදරේ වැඩිකමට .... 😡😍
කුකී ඉතින් එයාගෙ හුරතල් කෝලම් ටිකක් දාලා ලොකු අයියගෙ කේන්තිය පොඩි තත්පර ගානකින් නැතිකරලා දැම්මා .... 🧡
ඉතින් දවසක් තව අයියා කෙනෙකුත් දාගෙන වේගෙන් ගිය කුකී ලොකු අනතුරකට ලක්උනා .... 💔
කුකී කොයිතරම් වේගයෙන් ගියාද කියනවනම් අනතුර වෙද්දි ඉස්සරහ හිටපු කුකී අයියගෙ පිටිපස්සට විසිවෙලා ගිහින් ඔලුව බිම වැදෙන විදිහට තමයි වැටෙන්නෙ .... 😰
අනතුර උන වෙලාවෙ එතනට එකතු උන මිනිස්සු ඉක්මණින්ම මේ දෙන්නව ඉස්පිරිතාලට අරන් ගියා. ඒ වෙද්දිත් කුකීටනම් සිහිය තිබුනෙ නෑ. මේ ගැන ආරංචි උන අනිත් අයියලත් ඉක්මණින්ම හොස්පිට්ල් එකට ආවා .... 🏥
බිම වැදුන කුකීගෙ ඔලුවෙන් නවතින්නෙම නැතුව ලේ ගැලුවා වගේම කුකීගෙ හිස්කබලට ගොඩක් හානිවෙලා තිබුනා .... 🤕
ඒ උනත් කුකී එක්ක ගිය අයියට ලොකු හානියක් නොවී තුවාලවෙලා විතරක් බේරුන එක ගැන හැමෝම පුදුම උනා .... 😯
🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️
YOU ARE READING
🏍️🛵 .... මොටෝ බයිසිකල් .... 🏍️🛵
Humorබයික් පිස්සුව හොඳයි .... 🏍️ ගාණකට තියෙනකම් .... 😁