"ටේ මට තමුන් එක්ක කතාකරන්න ඕනි.."ජිමින් ටේ එක්ක මෙන්ශ්න් එකට ආපු ගමන් ටේගෙ රූම් එකට ගිහින් කිව්වා
"මොකද ජිමිනි කේන්තියෙන් වගේ.."
"කේන්තියෙන් වගේ නෙමේ කේන්තියෙන් තමා ඉන්නේ..."
"මොකක්ද හේතුව..."
"කවදද කොහොමද කවුද පුරුදු කලේ.."
"මොකක්ද"
"ඔච්චරටම නොතේරෙන්න බබෙක්ද.."
"ජිමිනි ඔයාට මොකද වෙලා තියෙන්නෙ.. මට ඔයා කියන මුකුත් තේරෙන්නෑ.."
"මට කියනවා සිගරට් බොන්නෙ කවදා ඉදන්ද..."
"ඒ ඒක...මේ ඒක..."
"චටස්...."
"ජි...මි...නි.."
ටේ කම්මුල අල්ලන් මිමිනුවා
"තමුන්ට ඒක රිදුනා නේද ඒ වගේ තමා මගේ පපුව රිදෙන්නෙත්..ඒකට නිකන් පිහියෙන් අනිනවා වගේ දැනෙන්නේ.."
"ජි..මි..නි...මන්.."
"ඔයාට ඕවා උරන්න තරන් තීන අමාරුව මොකක්ද...අතපය නොකඩා ලෙඩක් දුකක් නැතුව ඔම්මා අප්පා ඔයාව හදලා තීන එකද නැත්තන් ඕකෙන් ලෙඩක් හැදුනාම හොදකරන්න වියදම් කරන්න සල්ලි කදුගනන් තීන එකද ආ...ඒත් වාසනාව...ඒක ගන්නේ කොහොමද ඔයා.. ඊටත් වඩා හොදට තීන ජීවිතේ විනාස කරගන්න මොකට ද දගලන්නේ ප්රශ්නයක් තිබුනා නැතා වැරදී දේවලට මොකටද පුරුදු වෙන්නේ ආ... කියනවා මට...මට උත්තර දෙනවා.."
ජිමින් කෑගහලා කිව්වා.
"ජිමිනි.."
ටේ ඔලුව බිමට බරකරගත්තා..
"හොදයි මට උත්තර වලින් වැඩක් නෑ..මේ දැන් ඉදන් ඕක නවත්තන්න ඕනි...just now "
"මොකක්ද... ඒක කරන්න බෑ මට"
"මොකක්ද කිව්වේ ආ...ආයෙ කියනවා බලන්න"
ජිමින් ටේගේ කොලර් එකෙන් අල්ලන් කෑගැහුවා..
"මට මට ඒවා නැතුව ඉන්න බෑ..."
"නවත්තන්න උත්සහවත් කරන්නැතුව තමුන් කොහොමද එහෙම කියන්නේ..."
"ජිමිනි ඔයා ඉල්ලුවොත් මන් ජීවිතේ උනත් දෙන්නම් ඒත් මට ඒක නැතුව ඉන්න බෑ මන් ඒකට පුරුදු වෙලා ප්ලීස් තේරුන්ගන්න.."
"ඔයාට මන් වෙනුවෙන් ජීවිතේ දෙන්න පුලුවන් කියන වෙලේ මේ නරක පුරුද්ද අතාරින් ටේ..මට ඕනි ඔයාගේ ජිවිතේ ආරක්ෂා කරන්නයි..බලනවා දැනටම ඔයාගෙ තොල්වල පාට වෙනස් වෙලා. තේරුම් ගන්නවා ඕවා පාවිච්චි කරන එකෙන් ඔයාට වෙන හොදක් නෑ..මට ඕනි නෑ ඔයා දුක්විදිනවා බලන්න.."
"අනෙ ජිමිනි අඩන්න එපා..."
"මට මට ඒවා දෙන්න ටේ...මට ඔයා ලග තීන ඔක්කොම සිගරට් ටික දෙන්න මේ දැන්ම.."
ජිමින් එයාගෙ කදුලු පිහිදන් කලබලෙන් කිව්වා..
එයාලට සැරින් සැරේ මෙන්ශන් එකෙන් එලියට යන්න නොලැබෙන නිසා ටේ ලග සිගරට් එකතුවක් තියෙන බව ජිමින් තේරුන්ගත්තා..
"ජි..මිනි... ඒක කරන්න බෑ..."
"ඒවා දෙන්න ටේ..."
"අනේ මට බෑ ජිමිනි.."
ටේත් අඩන ගමන් කිව්වා...
" හොදයි ඔයා දෙන්නේ නැද්ද...මට ඔයාට ආයේ පාරක් ගහන්න බෑ ටේ... ඔයාගේ තීරනේ ඕකනම් මට කරන්න තීන්නේ මෙච්චරයි..."
ජිමින් ටේ ලගින් අඩි කීපයක් පස්සට ගිහින් එයාගේ සපත්තුවෙ මෙච්චර වෙලා රදවන් හිටපු පුන්චි පිහිය අතට ගත්තා.
ඒක යන හැමතැනටම ගෙනියන එක ජිමින්ගෙ පුරුද්ද උනා..
"ජිමිනි මොකක්ද කරන්න යන්නේ.."
"මට ඔයයි ඔයාගෙ අනාගතෙයි තරම් වටින වෙන දෙයක් නෑ ටේ.."
ජිමින් එයාගෙ පුන්චි පිහිය එයාගෙ වම් අතේ බලනහරෙට ලන්කරන ගමන් කිව්වා..
" එපා ජිමිනි ඕක කරන්න එපා..මන් දෙන්නම්...ඕකනම් කරන්න එපා.."
-----------------------------------------------------------
හේහේ...මන් තව එකක් පටන් ගත්තා..
මට ඕනි උනේ වන්ශොට් එකක් ලියන්න. ඒත් වචන 4000+ ලියවුනා..ඉතින් මේක short ff එකක් කලා..
ප්රතිචාර හොදනම් ඉක්මන්ට ඉක්මන්ට අප්ඩේට් දෙන්නම්...
කතාව හොදයි කියලා හිතෙනවනම් දිගටම කතාව එක්ක ඉන්න..
පරිස්සමෙන් ඉන්න බායී..
සරන්හේ 💜