Chapter 6

367 84 4
                                    

ජිමින් කටකොනින් හිනාවක් දාලා ටේට පෙන්නුවේ මාංචුවක්..

"ඕ.. ඕක මොකටද..."

"මන් නිදාගත්තට පස්සෙ ඔයා කොහෙහරි යන එක නවත්තන්න"

"ඕවා ඕනි නෑ මන් පොරොන්දුවෙනවා ආයේ ඒ වගේ මෝඩ වැඩ කරන්නෑ කියලා"

"මට විශ්වාස නෑ."

එහෙම කියපු ජිමින් මාංචුවෙ එකක් එයාගෙ දකුනු අතටයි අනික ටේගේ වම් අතටයි දාලා ලොක්කරා..

"ඔයා හිතනවද ජිමිනි යතුර අරන් මට ඕක ඇරගන්න බැරිවෙයි කියලා."

"ඇත්තටම මන් ඕක ගැන හිතුවා මන් ලග ඒකට විසදුමක් තීනවා"

ජිමින් කුප්පම කුප්ප හිනාවක් දාලා කිව්වා.

"මන් කැමතී ඒක දැනගන්න.."

"මෙන්න මේක..."

මාංචුවේ යතුර ජිමින් එයාගේ නයිට් සූට් එකේ කලිසම ඇතුල්ට දැම්මා.

"ඊයා....මොකක්ද ඒ කරපු වැඩේ "

"ඔයා දන්නවනේ මන් රෑට යට ඇදුම් අදින්නෑ කියලා ඒක නිසා අතදාන්න හිතන්නවත් එපා.."

ජිමින් එහෙම කියලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.

ටේත් අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවත් මාංචු නිසා ඒක කරන්න බෑ.

ඒ නිසා එය හයියෙන් එයාගෙ අත ඇදලා ගත්තා.එතකොට ජිමින්ව අනිත්පැත්ත හැරවුනා..

ලොකු රන්ඩුවකට පස්සෙ මූනට මූන බලන් නිදාගන්න දෙන්නම එකග උනා.

ටේට ඉක්මන්ට නින්ද ගියත් ජිමින්ට නින්ද ගියේ පරක්කුවෙලා

ජිමිට රෑ එකට දෙකට කවුරු හරි කතාකරන සද්දයක් ඇහුනා..

"ආහ් මොකද.."

"මට වොෂ් රූම් යන්න ඕනී"

"ඉතින් යන්නකො මට වද නොදී "

"ඔයාගෙ වැඩ නිසා යන්න බෑනේ"

"දැන් මන් මොකද කරේ.."

කියාගෙන ජිමින් ඔලුව උස්සලා ටේ දිහා බලද්දි එයා මාංචු දාලා තීන අත පෙන්නුවා..

එහෙම්මම ජිමින් ඔලුව ඇද උඩට ඇතෑරියා..

"හයියෝ..මටත් උන දෙයක් දැන් ඉතින් යතුර හොයන්න එපෙයි 🙉"

I hate cigaretss //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Where stories live. Discover now