"නෑ ඔයයි මට අයිතිවෙන්න යන්නේ "
ජිමින් කිව්වා..
"ඒත් මන්නේ ඔයාට බලහත්කාරකම් කලේ "
ටේ කට කොනින් හිනාවෙන ගමන් කිව්වා.
"ඇත්තට ඒ උනාට මන් නේ ඔයාව මුලින් කිස් කරෙත්.."
ඒකටනම් ටේව රතු උනා..එයාට එදා දවස ආයේ මතක් උනා..
එදා ජිමින් දොරේ අගුලු දාලා ඉවර වෙලා ඇතුලෙ හිටපු ටේ දිහාට ලන්වුනේ එක අතක් සාක්කුවේ දාගෙන එනගමන්
තමන් ලගට එන ජිමින්ගෙන් සිගරට් එකක් බලාපොරොත්තුවෙන් හිටපු ටේට ලැබුනේ සප්‍රායි එකක්..
ඒ තමයි ජිමින්ගෙන් ලිප් කිස් එකක්.
ජිමින්ගෙ තොල් තමන්ගෙ තොල් එක්ක ස්පර්ශ වෙද්දි දැනුන කම්පනයෙන් ටේ ජිමින්ව තල්ලුකරන්න ගියත් ජිමින් ටේව එයාගෙ අත් අතර හිරකරගත්තා
ටේගෙ තොල් උඩ ඒමේ අත ගියපු ජිමින්ගෙ තොල් ටේගෙ ලිප්ස් වලතිබුන ලිප්ස් බාම් ඔක්කොම පිහදැමුවා..
ඇගේ තිබුන වෙව්ලීමට වඩා වෙවුලීමක් මුලින් දැනුනත් පස්සෙ ඒක සාමාන්‍යම දෙයක් වෙලා ගියා..
ටේගේ වෙවුලීම නතර වෙනවත් එක්කම ජිමින් ටේගෙ තොල් අතෑරලා ඉක්මනින් චේන්ජින් රූම් එකෙන්ම එලියට ගියා.
ජිමින් ගියාට පස්සෙත් ශොක්වෙලා හිටපු ටේ ටැප් එක ඇරලා වතුර බීගෙන ගියේ එයාගෙ උගුර කට වේලිලා වගේ දැනුන නිසා..
ටිෂූ එකක් අරන් තෙත මාත්තු කර කර වොෂ් රූම් එකෙන් එලියට ආපු ටේට ඇහුනේ දොරට තට්ටු කරන සද්දයක්.
එදා ගෙදර ගිහිනුත් ටේ හිටියෙ ඔය සිහියෙන් එයාට සිගරට් එක හීනෙන්වත් මතක් උනේ නෑ
"මොකද සද්ද නැත්තේ...රතු වෙන රතුවිල්ලෙන් හිතාගන්න පුලුවන් මොනවා ගැනද කල්පනා කරන්නේ කියලා"
ජිමින් ටේට විහිලු කරා..
"වැඩිය කියවන්න එපා ජිමිනි හොදේ ඔයා මාව කිස් කරන්න කලිනුයි මන් ඔයාව සම්පූර්නයෙන්ම දැක්කේ.."
ටේ එයාගෙ අන්තිම තුරුම්පුව ගැහුවා.
වැඩේ යන්තම් හරි ගියා ජිමිනිගෙ කට වැහුන එයා රෝස උනා තොල ටිකක් හැපුවා ආ
හැබැයි ආයෙම කතා කරා..
"ඒකෙන් උනේ හනීමුන් එකේදී දකින්න හිටපු මාව ඔයා කල් ඇතුව දැක්ක එක ටේ.."
ටේට මේ ලෝකෙ හිටියා ඇති කියා හිතුන නිසා පොලවෙ උමගක් හාරන්න ගත්තා
"අනික් එක අමතක කරන්න එපා ඔයා වගේ සම්පූර්නයෙන්ම නැතත් මාත් ඔයාව එයා ශිපර් එකට අහුවුන වෙලේ දැක්කා කියලා."
ජිමින් ඒ ටික කියන්න ගත්තාම ටේ කන් දෙකේ ඇගිලි ගහගත්තා.
"ආආආආආ මට මුකුත් ඇහෙන්නෑ මට ඇහෙන්නෑ...ඇහෙන්නෑ.."
ටේ කන්දෙකත් වහන් වටේටම සද්ද පූජාව දිදී හිටපු ටේටේව තමන් ලගට ඇදලා ගත්තු ජිමින් ටේව කිස් කරන්න ගත්තේ ලග තිබුන ගහට බරවෙන ගමන්..
සුභ මොහොතකින් එකිනෙකාගෙ අත ගත්තු ජොඩුව එයාලගෙ හනිමූන් එකට ගියේ ලන්ඩන්..
එහෙ ටික කාලයක් නතර වෙලා කාලේ ගත කරපු එයාලා ආයේ තමන්ගේ රටට ආවා..
ටික කාලයක් යද්දි ටේ වෙනස් වෙන්න ගත්තා.