Chapter 2

385 84 14
                                    

" එපා ජිමිනි ඕක කරන්න එපා..මන් ඒවා දෙන්නම්...."

ටේ එහෙම කියලා කලබලෙන් ඇදේ මෙට්ටෙ බිමට ඇදලා දාලා ඇදේ ලීයක් අයින් කලා ඊටපස්සෙ තවත් ලීයකට කම්බි කොකුවලින් හයිකරලා තිබුන ටිකක් ලොකු පෙට්ටියක් අරගෙන ජිමින්ට දික්කරා..

ජිමින් පිහිය අතේ තියාගෙනම ඒ පෙට්ටිය අරගෙන ඇරලා බැලුවා ඒකේ සිගරට් පැකට් 25කට විතර කිට්ටු වෙන්න තිබුනා.

"කොහෙන්ද ඔයාට මෙච්චර මේවා.."

"එදා කොස්ටියුම්වලට මිම්ම දෙන්න ගියවෙලේ මන් ගිහින් අරන් ආවා. එදා ඔයාලා හය දෙනාම ශූටින් එක්කට ගිහින්නේ හිටියේ.."

"දවසකට කීයක් ගන්නවද "

"ගනන් කරලා නෑ..."

"දෙන්න හිතෙනවා කන පුරෝලා..."

ජිමින් ටේට ගහන්න අත උස්සලා කියලා ආයේ අත එයා ලගටම ගත්තා.

"මෙච්චර ද ඔයා ලග තීන්නේ "

ජිමින් ටික්ක සැරෙන් ඇහුවා..

"ඔ..ඔව්..."

"එතකොට අද පාවිච්චි කරපු පැකට් එක"

"ඒ..ඒක ඉවර උනා.."

ටේ දුකින් උනත් ජිමින්ට බොරු කිව්වා..

"හ්ම්...ආයේ මේවා පාවිච්චි කරලා අහුවෙන්න එපා...මේවා විතරක් නෙමේ තමන්ට හානිකරන කිසිම දෙයක් පාවිච්චි කරලා අහුවෙන්න එපා..."

ටේ ඒකට මුකුත් නොකියා නිශ්ශබ්ද උනේ බොරු පිට බොරු කරන්න බැරි නිසා.

"දැන් වොෂ් දාලා කරලා සාලේට ඇවිත් ඉන්න...අනිත් පස් දෙනා එයි පීඩි නිම් එක්ක මීටින් එක ඉවර වෙලා"

"හරි..."

"වැඩි වෙලා ගන්නැතුව එන්න ඕනි සාලෙට මින්පස්සෙ මන් ඔයා ගැන අවදානෙන් ඉන්නෙ"

"හා හරි...ඔයා ඕකට මොකද කරන්නේ.."

ජිමින් අතේ තීන පෙට්ටිය දිහා බලන් ටේ ඇහුවා.

"මේකේ බිල් එක තීනවනේ ගත්තු කඩේටම ගිහින් දෙනවා..."

"ඒත් ඔයාව අහුවෙයිනේ.."

"එහෙනම් මෙලහකට ඔයාව අහුවෙලා තියෙන්න එපෙයි...ඔයා වගේ මොකක් හරි ගැටයක් ගහලා මන් වැඩේ කරන්නම් අහුවුනොත් කරන්න දෙයක් නෑ.."

"ඒත්.."

"කතා එපා දැන් යන්න වොෂ් කරන්න මහන්සිත් ඇතිනේ "

ජිමින් එහෙම කියලා පෙට්ටියත් අරන් එයාගේ රූම් එකට ගියා.

ඊටපස්සෙ එයා බිල් එක බැලුවා..

"මෙයා මේක අරන් තියෙන්නේ මේ ලගදිනේ ඒ නිසා මාරු කරන්න ලේසි වෙයි.කවදා මට එලියට යන්න ලැබෙයිද දන්නෑ..එතකල් ටේ අරන් තියලා තිබුන විදිහට අරන් තියන්න ඕනි නැත්තන් මන් පාවිච්චි කරනවා කියලා කාට හරි මාට්ටු වෙයි."

ජිමින් ඒ පේට්ටිය එයාගෙ ඇද යටින් හංගලා තුවාය අරන් පරක්කු නොවී වොෂ්‍ රූම් එකට ගියා.

*වෙලාවට මන් ටේ සිගරට් බොනවා දැක්කේ.හියුන්ග්ලා ආමිලා දැනගත්තොත් මොනවා වෙයිද..මන් මේක රහසක් විදිහට තියාගන්න ඕනි..ඒ වගෙම කොහොම හරි ටේව මේකෙන් ගලව ගන්න ඕනි..*

වොෂ් කරලා ඉවර වෙලා ටවල් එක පටලන් ආව ජිමින් දැක්කෙ එයාගෙ ඇද උඩ වාඩිවෙලා අතේ ඇගිලි පටල පටල ඒ දිහා බලන් ඉන්න ටේව..

"මොකද ආ බය වෙලා වගේ ..."

"ඇත්තටම ජිමිනි මේකයි..මෙ"

අතේ ඇගිලි දිහා බලන් කතාකරනගමන් ටේ ඔලුව ඉස්සුවමයි දැක්කේ ඉනෙනුත් ටිකක් පහලට තුවාය ඇදන් වතුර පෙරි පෙරි එයා ඉස්සරහා ඉන්න ජිමින්ව.

"ඇයි ඔයා ඔච්චර පහලින් තුවාය අදින්නේ "

------------------------------------------------------------

ඔන්න තව එකක් මුල්ම කමෙන්ට් දෙක වෙනුවෙන්...😁

absdefg456

Coco_hope25

තන්කුයි ඔයාලට...💜❤️

I hate cigaretss //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Where stories live. Discover now