" ටේ කෙල්ලට අවුලක් නැ නෙ "
" තාම බය වෙලා බන් රූම් එකේ මුල්ලක අඩ අඩ ඉන්න එක විතරයි කරන්නෙ "
" යමන්කෝ ගිහින් බලමු..."
ජිමිනයි ටේයි රූම් එකට ගියේ බේරගෙන ආව කෙල්ල බලන්න ඔව් ජිමිනා මරලා දාපු එකා අතින් ඒ කෙල්ල නැති වෙන්න කලින් ජිමිනා දැක්කෙ ඒකට තරහා ගිය පාර තමයි ජිමිනා ඒ මිනිහව දාගෙන එයාලගෙ ගබඩා කාමරේට ගියෙත් කෙල්ලව අරන් උඩ රූම් එකට ටේ යැව්වෙත් ඒත් ඒ කෙල්ල වෙච්ච දේවල් වලට බය උන නිසා තාම රූම් එකේ මුල්ලකට වෙලා අඩ අඩ ඉන්නෙ
" පැටියෝ මේ බලන්න ඔයාට අපි කරදරයක් කරන්නෙ නැ එතෙන්දි ඔයාව බේර ගත්තෙ මමයි දැන්වත් බලන්න කෝ මගෙ දිහා..."
කෙල්ල ලගට ගිහින් එතනින් වාඩි උන ජිමින් කෙල්ලට ආදරෙන් කතා කරේ කෙල්ල තාමත් හොදටම බය වෙලා ඉන්න බව තේරුන නිසා
කෙල්ල දන දෙක අස්සෙ තියාගෙන ඉදපු ඔලුව හෙමින් ඉස්සුවෙ එයාව බේර ගත්ත කෙනා කතා කරන බව කියපු නිසා අඩලා අඩලම සූටි මූන රතු වෙලා තාමත් ඒ ඇස් වලින් එකදිගටම කදුලු ඔහේ ගලාගෙන යනෝ ඒ වගේම බාගෙට ඉරිච්ච ඇදුන් හැම පැත්තටම අවුල් උන කොන්ඩෙ සූටි බෝල වගේ ලස්සන දිලිසෙන ඇස් රතු වෙලා ජිමිනට මේ හැමදේකින්ම ඒ කෙල්ල ගැන හිතුනෙ ආයෙ අර මැරිච්ච මිනිහව ගහන්න මොකද කෙල්ල ඉන්න විදිය දැක්කහම ජිමින්ට තවත් තරහා ගියා මේ වගේ පොඩි කෙල්ලක් ගෙන් නේද අර වගේ අමනයෝ උන්ගෙ අහේනිය යවා ගන්න හදන්නෙ කියලා මතක් වෙන සැරයක් ගානෙ ජිමිනගෙ අත් මිටි මෙලවුනා...
" ඔ..ප්පා..කුමාවෝ..."
කෙල්ල තාමත් ඉකි ගගහා වචන ගැලපුවේ හිතේ තියෙන බයත් එක්කමයි
" පැටියෝ ඔයාගෙ ගෙදර කොහෙද තියෙන්නෙ අපිට පුලුවන් ඔයාව ගෙදර එක්කන් යන්න..."
ජිමින් ඒ පොඩි කෙල්ලගෙන් ගෙදර ගැන අහනවත් එක්කම කෙල්ලගෙ ඇස් වලින් කදුලු එන එක වැඩි උනා ජිමින්ට හිතුනෙ එයාට ඒ දේ ඇනුවෙ නැත්නම් හොදයි කියලා
" අනේ සොරි මම වැරදි දෙයක් ඇහුවනම් පැටියෝ දැන් අඩන එක නවත්තන්න කෝ.."